ආදරේ වෙනුවෙන් ගෙවල් මාරුකරගත්ත ජෝඩුවක් – Rocky aur raani ki prem kahani..

මේකෙ ෆිල්ම් එකට වඩා ඔයාලා දන්නවා ඇති මම සිංදුවෙ නම කිව්වොත්. පහුගිය කාලෙ වයිරල් ගිය ජුම්කා සින්දුව තියෙන්නෙ මෙන්න මේ චිත්‍රපටයෙ. කෑන් ජොහාර් විසින් අධ්‍යක්ශනය කර මේ චිත්‍රපටය ලස්සන කරන්නෙ ආලියා භාත් සහ රන්වීර් සිංග්.

රන්ධවාස් ල කියන්නෙ පංජාබි පවුලක්. හොඳට සල්ලි තියෙනව. මෙයාලා පරම්පරාගත රසකැවිලි වෙලෙන්දො. මෙයාලගෙ තමයි ඉන්දියාවෙ තියෙන ලොකු රසකැවිලි කඩයක් වෙන ධනලක්ශ්මි රසකැවිලි අලෙවිහල් ජාලය.කඩේට නම දාලා තියෙන්නෙ පවුලෙ අම්මා වෙච්ච ධනලක්ශ්මිගෙ නමෙන්.

ධන්ලක්ශ්මිගෙ හස්බන්ඩ් ඉන්නෙ ආබාධිත තත්ත්වයක සිහිය නැතුව වගේ. ඒ වගේම හදිසි අනතුරක් හින්දා එයා රෝද පුටුවක තමයි යන්නෙ එන්නෙ. එයාගෙ නම කන්වාල්.

එයාලගෙ පුතා තිජොරි කසාද බැඳල ඉන්නෙත් මහ ගෙදරම පදිංචි වෙලා. තිජෝරිට ඉන්නව දුවෙකුයි පුතෙකුයි. තිජෝරිගෙ වයිෆ් හරිම අහිංසක නිහතමානී කාන්තාවක්. එයාගෙ නම පූනම්. මේ ගෙදර බලය ගොඩක්ම රැඳිල තියෙන්නෙ ධනලක්ශ්මි සහ තිජෝරි අතෙ කිව්වොත් හරි. ඒ දෙන්නම පපුවෙ පොඩ්ඩක්වත් උණුවීමක් නැති මිනිස්සු දෙන්නෙක්.

ඉතින් ඔහොම ඉද්දි තිජෝරිගෙ පුතා වෙච්ච රොකී දැනගන්නව ඇඳේම ඉන්න තමන්ගෙ සීය ආදරේ කල කාන්තාවක් ඉන්නව කියල. එයාගෙ නම ජාමිනි. රොකීට ඕන වෙනව මේ ජාමිනීව හොයාගෙන ගිහිල්ල සීයගෙ තත්ත්වෙ කියන්න. කියල එයා කැමතිද අහන්න සීයව බලන්න එන්න.

ඉතින් මේ ජාමිනී කියන්නෙ කවුද කියල හොයාගෙන යද්දි තමයි රොකී දැනගන්නෙ ජාමිනී කියන්නෙ ඉන්දියාවෙ ප්‍රසිද්ද රේඩියෝ ප්‍රසන්ටර් කෙනෙක් වෙන රාණි චැටර්ජිගෙ ආච්චි බව. ඒ දැනගත්තම රොකීට ඕන වෙනව රාණිව හම්බෙලා තමන් මේ කරන්න යන දේට රාණිගෙ උදව්ව ගන්න.

රාණිට රඟපාන්න පිස්සු හැදෙන ලස්සනක් තියෙන ආලියා.

රාණිව හම්බෙන්න යන රොකී රාණිට පිස්සු වැටෙනවා. රාණි බෙංගාලි පවුලක කෙල්ලෙක්. හොඳට ඉගෙනගත්ත වැදගත් පවුලක කෙල්ලෙක්. රාණිගෙ තාත්ත එ කියන්නෙ චන්දන් වෘත්තිය කතක් රංගන ශිල්පියෙක්. අම්මා අංජලී විශ්ව විද්‍යාල ඉංග්‍රිසි මහාචාර්‍යවරියක්.

රොකී සහ රාණි එකතුවෙලා තමන්ගෙ සීයා සහ ආච්චිව එකතු කරන්න මිශන් එක ආරම්භ කරනවා. කන්වාල්ව බලන්න ජාමිනී එනව කන්වාල්ගෙ මහ විසාල ගෙදරට තමන්ගෙ පවුලෙ අය එක්ක. මේ දෙන්න හම්බුවෙලා තියෙන්නෙ මීට අවුරුදු ගානකට කලින් දෙන්නම සහභාගි වෙච්ච කවි වැඩසටහනකදි. මෙච්චර දවසක් සිහිය නැතුව උන්න කන්වාල් ජාමිනීව අඳුනගන්නව. අඳුනගෙන ජාමිනීව සිපගන්නව තමන්ගෙ පවුලෙ සහ ජාමිනීගෙ පවුලෙ හැමෝම ඉස්සරහ.

එයා හිතෙන් ආයෙම අතීතෙට ගියා වගේ.

එතනදි තමයි හෙලිවෙන්නෙ මේ දෙන්නම කසාද බැඳල ඉද්දි හීනියට කරගෙන ගිය ලව් එකක් දෙන්නටම තිබිල තියෙනව කියල. කන්වාල්ගෙ පැත්තෙන් ගත්තොත් ධනලක්ශ්මි කියන්නෙ මහ අමුතු ගෑණියෙක්. සැරම සැර, තමන් තමයි බලවත් කියල හිතාගෙන ඉන්න ආදරේ පොඩ්ඩක්වත් නැති කෙනෙක්.

ඉතින් තමන්ගෙ ආච්චිගෙ හැටි දන්න හන්ද රොකීට ඕන වෙනව රාණි එක්ක එකතුවෙලා ජීවිතේ අවසාන කාලෙ ගෙවන තමන්ගෙ සීයව සහ ජාමිනී ආච්චිව ආදරයෙන් එකතු කරන්න.

හැබැයි ඕක කෙලවර වෙන්නෙ රොකී සහ රාණි දෙන්න අතරෙ සම්බන්ධයක් ඇතිවෙලා.රොකී ට්‍රයි කරනව රාණිට ප්‍රපෝස් කරන්න. හැබැයි රාණි කිසිම සේත්ම කැමති වෙන්නෙ නෑ ඒ යෝජනාවට. මේ සම්බන්දෙ තේරුමක් නෑ, තමන්ගෙ පවුල් දෙක පෑහෙන්නෙ නෑ කියල මුලින් කිව්වට පස්සෙ රාණිත් රොකීට ආදරේ වෙනවා.

හැබැයි මේ දෙන්නම දන්නව තමන්ගෙ පවුලෙ හැම විදියකින්ම එකිනෙකට වෙනස් බව. සම්බන්දෙ ඉදිරියට විවාහයක් දක්වා අරන් යන්න තමන් ඒ වෙනස්කම් වලට හුරුවෙන්න ඕන බව. ඉතින් ඒකට විසඳුමක් විදියට මේ දෙන්න මාස කිහිපයකට තමන්ගෙ ගෙවල් දෙක මාරු කරගන්නව.

රොකී ඇවිත් රාණිගෙ ගෙදර නතර වෙනව. රාණි ඇවිත් රොකීගෙ ගෙදර නතර වෙනව. ධනලක්ශ්මි නම් මුල ඉඳලම මේ සම්බන්ධෙට කැමති නෑ. එයා හැම තිස්සෙම උත්සහ කරන්නෙ චැටර්ජි පවුල පහලට දාලා හිතන්න.

රාණි උත්සහ කරනව ධනලක්ශ්මි සහ තිජෝරිගෙ දරදඬු පාලනය යටතෙ තියෙන එයාලගෙ ගෙදර වාතාවරණය වෙනස් කරන්න. මොනව උනත් රාණිලගෙ ගෙවල් වල හැමෝටම කතාකරන්න අදහස් ප්‍රකාශ කරන්න ඉඩක් ලැබෙනව.

ඔයාලා මොකද හිතන්නෙ මේ දෙන්නට පුලුවන් වෙයිද මේ අභියෝගය දිනන්න?

ඉතින් එන්න නෙට්ෆ්ලික්ස් ඔස්සේ Rocky aur raani ki prem kahani බලන්න!

Related Articles

Don't Miss


Latest Articles