මුල් අවධියේදීම හඳුනා ගැනීමෙන් සුවකළ හැකි තයිරොයිඩ් පිළිකා

තයිරොයිඩ් ග්‍රන්ථිය කියන්නේ මොකක්ද?

අන්තරාසර්ග ග්‍රන්ථි පද්ධතියට අයත් වන තයිරොක්සින් කියන හෝමෝන ශ්‍රාවය කරන බෙල්ලෙ ඉදිරිපස පිහිටා ඇති ග්‍රන්ථියක්.මෙම ග්‍රන්ථිය විවිධ රෝගාබාධ නිසා විශාල වනවා.

මෙය විශාල වීමට බලපාන හේතු මොනවාද?

තයිරොයයිඩ් ග්‍රන්ථිය විශාල වීමට බලපාන හේතු කිහිපයක් තියෙනවා.

තයිරොක්සින් කියන හෝමෝනය ශ්‍රාවය වීම වැඩි වීම්

තයිරොක්සීන් හෝමෝනය ශ්‍රාවය වීම අඩු වීම

ගෙඩි, ගැටිති, පිළිකා තත්ත්වයන්

The photo of thyroid is on the human body, Women thyroid gland control. Sore throat of a people against gray background.

මොකක්ද මේ තයිරොයිඩ් පිළිකා කියන්නේ ?

තයිරොයිඩ් පිළිකා කියන්නෙ අපගේ බෙල්ලේ පාමුල පිහිටා ඇති කුඩා ග්‍රන්ථියක් වන තයිරොයිඩ් ග්‍රන්ථියට බලපාන පිළිකා වර්ගයක්.
මෙම පිළිකා වර්ගය බහුලව දක්නට ලැබෙන්නේ වයස අවුරුදු 30 සහ ඊට වැඩි පුද්ගලයින් තුළ බවයි පර්‍යෙශනවලින් හදුනාගෙන තියෙන්නෙ.. කෙසේ වෙතත්, එය ඕනෑම වයසක දී වර්ධනය වෙන්න පුළුවන්.ඒ වගේමයි පිරිමින්ට වඩා කාන්තාවන්ට මෙම පිළිකාව වැළඳීමේ අවදානම වැඩියි.

තයිරොයිඩ් ග්‍රන්ථියේ ඇතිවන පිළිකාවක්, වේදනාවෙන් තොර ගෙඩියක් හෝ ගැටයක් ලෙස ආරම්භ වෙන්න පුළුවන් . මෙය සාමාන්‍යයෙන් ප්‍රධාන ග්‍රන්ථියෙන් නෙරා ආ කොටසක් ලෙස වෙන්ව හඳුනාගත හැකි තත්ත්වයක්. ඇතැම් අවස්ථාවක මේ සමගම ගෙළ ඉදිරිපස ප්‍රදේශයේ හෝ දෙපස ඇති වසා ගැටිතිවල විශාල වීමක්ද සිදුවිය හැකියි.

මෙ පිළිකාව මුලදී කිසිදු රෝග ලක්‍ෂණයක් පෙන්වන්නේ නැහැ.නමුත් එය වර්ධනය වන විට ඔබේ බෙල්ලේ වේදනාව සහ ඉදිමීම ඇති වෙන්න පුළුවන්.

තයිරොයිඩ් පිළිකා වර්ග

වර්ග කිහිපයක් මේ වන විට හදුනාගෙන තිබෙනවා.ඒවා තමයි,

පැපිලරි තයිරොයිඩ් පිළිකා

තයිරොයිඩ් පිළිකාවලින් 80% ක්ම මෙම වර්ගයට අයත්. සෙමින් වර්ධනය වන නමුත් බෙල්ලේ වසා ගැටිති දක්වා පැතිර යාමට ඉඩ තිබෙනවා.
තයිරොයිඩ් ග්‍රන්ථියේ බහුලව දක්නට ලැබෙන පැපිලරි තයිරොයිඩ් පිළිකාව හට ගන්නේ තයිරොයිඩ් හෝමෝන නිපදවා ගබඩා කරන ෆොලිකුලර් කියන සෛල මගින් . පැපිලරි තයිරොයිඩ් පිළිකාව ඕනෑම වයසක දී ඇතිවෙන්න පුළුවන් . නමුත් බොහෝ විට එය වයස අවුරුදු 30-50 අතර පුද්ගලයින්ට අතර බහුලයි.

මෙඩුලරි පිළිකා

දුර්ලභ වර්ගයේ වර්ගයක් වන මෙය රෝග විනිශ්චය කරන අවස්ථාවේ දී වසා ගැටිති වලට පැතිරී තිබෙන්න පුළුවන්.

ඇනප්ලාස්ටික් තයිරොයිඩ් පිළිකා

පොදු වර්ගය මෙයයි. වේගයෙන් වර්ධනය වන අතර ශරීරයේ අනෙකුත් කොටස් වලටද පැතිරෙනවා. ප්‍රතිකාර කිරීමට අපහසුයි.

තයිරොයිඩ් පිළිකා රෝග ලක්ෂණ

තයිරොයිඩ් ග්‍රන්ථියේ ඇතිවන ගැටලු වල මුල් අවධියේදී කිසිදු සලකුනක් හෝ රෝග ලක්ෂණ නොතිබිය හැකියි. කෙසේ වෙතත්, රෝගය වර්ධනය වන විට, පිළිකා ඇතුළු බොහෝ රෝග වලට එය හේතු විය හැකියි.

ගෙලෙහි ගැටිත්තක් ඉක්මනින් වර්ධනය වීම
කටහඩ ගොරෝසු වීම සහ වෙනස් වීම

හුස්ම ගැනීමේ අපහසුතාව

ගිලීමේ අපහසුතාව

නිරන්තර කැස්ස – මෙය සෙම්ප්‍රතිශ්‍යාව නිසා ඇතිවන්නක් නොවේ

උගුරේ සහ බෙල්ලේ වේදනාව (කන් දක්වා ඉහළට)

බෙල්ලේ වේදනා රහිත ඉදිමීම

මෙම රෝග ලක්ෂණ බොහොමයක් පිළිකා නොවන වෙනත් සෞඛ්‍ය තත්වයන් තුළ ද දැකිය හැකි අතර , මේ රෝග ලක්ෂණ ඇති වීමේ එකම හේතුව තයිරොයිඩ් පිළිකා තත්වය නොවිය හැකියි. කෙසේ වෙතත් පිළිකාවක් හදුනා ගැනෙනා මූලික ලක්ශන ලෙස හැදින්වෙන මෙවැනි සලකුණු හෝ රෝග ලක්ෂණ ඔබ අත්විඳින්නේ නම්, වහාම ඔබේ වෛද්‍යවරයා හමුවන්න.

තයිරොයිඩ් ග්‍රන්තියේ ඇතිවන පිළිකා තත්ත්ව කලින් හඳුනා ගැනීම වැදගත් වන්නේ ඇයි?

සාමාන්‍ය මතය තමයි පිළිකාවක් සුව කරන්න බැහැ කියන එක. නමුත් මෙම තයිරොයිඩ් ග්‍රන්ථියේ ඇතිවන පිළිකා තත්ත්ව මුලින්ම හඳුනාගත්තොත් සුව කරන්න පුළුවන් . ඒ සරල ශල්‍යකර්මයක් මගින් තයිරොයිඩ් ග්‍රන්ථිය ඉවත් කර නිසි ප්‍රතිකාර ලබා දුන්නොත් පමණයි.ඒ නිසා මේ පිළිකා තත්ත්වය මුල් අවස්ථාවේදීම හඳුනා ගැනීම වැදගත්.

තයිරොයිඩ් පිළිකා සඳහා ප්‍රතිකාර

තයිරොයිඩ් පිළිකා සඳහා ප්‍රතිකාර තීරණය කරනු ලබන්නේ පිළිකා වර්ගය, පිළිකා පැතිරීමේ ප්‍රමාණය හෝ අවධිය, රෝගියාගේ සාමාන්‍ය සෞඛ්‍යය සහ වෛද්‍ය ඉතිහාසය ඇතුළු විවිධ සාධක මත යි. බොහෝ අවස්ථාවලදී තයිරොයිඩ් පිළිකා ප්‍රතිකාර කිරීමෙන් සුව කළ හැකියි.

එමෙන්ම තයිරොයිඩ් පිළිකා ඇති පුද්ගලයින්ට තයිරොයිඩ් හෝමෝන චිකිත්සාව මගින් බොහෝ විට ප්‍රතිකාර කර තයිරොයිඩ් ග්‍රන්ථිය ඉවත් කිරීම සඳහා ශල්‍යකර්මයක් කිරීමට සිදු විය හැකියි.
ශල්‍යකර්මයේදී ඉවත් නොකළ පිළිකාව පැතිරුණු තයිරොයිඩ් පටක විනාශ කිරීම සඳහා තයිරොයිඩ් ඉවත් කිරීමෙන් පසුව විකිරණ ඇල්ලීමේ ප්‍රතිකාරය බොහෝ විට භාවිතා වනවා. ඒ අනුව තයිරොයිඩ් පිළිකා සඳහා වන වෙනත් ප්‍රතිකාර අතරට විකිරණ චිකිත්සාව, රසායනික චිකිත්සාව, ඉලක්කගත අවුෂධ ප්‍රතිකාර වැනි ප්‍රතිකාර භාවිතා වනවා.

තයිරොයිඩ් පිළිකා තත්ත්ව හා හඳුනා ගැනීම් සඳහා සිදුකරන පර්යේෂණ

1 වන ක්‍රමය T4 TSH යන රුධිර පරීක්ෂණය

මෙමගින් තයිරොයිඩ් ග්‍රන්ථියේේ ක්‍රියාකාරීත්වය මැන බලනවා. ඒ අනුව අඩි ක්‍රියාකාරිත්වයක් තියෙනවද වැඩි ක්‍රියාකාරිත්වයක් තියෙනවද යන්න මෙම පරීක්ෂණයෙන් තහවුරු කරගන්නවා .

2 වන ක්‍රමය Altra Sound Scan පරීක්ෂණය

මෙය හරහා අදාළ ග්‍රන්ථිය විශාල වීමක් තියෙනවද ගැටිති තිබෙනවාද යන්න සොයා ගත හැකියි.

3 වන ක්‍රමය Needle Test-

ග්‍රන්ථියේ සෛල කිහිපයක් අරගෙන සිදුකරන මෙම පරීක්ෂණ හරහා යම් පිළිකා තත්ත්වයක් තිබෙනවාද යන්න තහවුරු කරගන්න පුළුවන් .
මූලික පරීක්ෂණ තුනට අමතරව ඒ ඒ රෝග ලක්ෂණ අනුව සිදුකරන තවත් පරි පරීක්ෂණ තිබෙනවා

මෙම රෝගය සෑදීමට හේතු

අඩු සහ අධික ලෙස ආහාර සඳහා ලුණු ( අයඩින් ) එක්කර ගැනීම ගැනීම.

පිෂ්ඨය සහ සීනි සහිත ආහාර ගැනීම

විකිරණවලට සෘජුව නිරාවරණය වීම

ජානමය හේතු

තයිරොයිඩ් ග්‍රන්ථිය ඉවත් කිරීමේ සැත්කම්ක් අවශ්‍ය වෙන්නේ කුමන අවස්ථාවලදීද?

ප්‍රධාන වශයෙන්ම කරන්නේ පිළිකා තත්වයක් හඳුනාගත්තොත් මෙම ග්‍රන්ථිය ඉවත් කරනවා.

දෙවනුව තයිරොයිඩ් ග්‍රන්ථිය ඇතුතුළට වර්ධනය වීමක් තිබෙනවා කියන එක පරීක්ෂණ මගින් තහවුරු වුවහොත් මෙම ග්‍රන්ථිය ශල්‍යකර්මය මගින් ඉවත් කිරීම සිදු කරනු ලබනවා.
මෙම ග්‍රන්ථියෙන් ශ්‍රාවය වන හෝමෝන ප්‍රමාණය පාලනය කළ නොහැකි නම් ඉවත් කිරීම සිදු කරනු ලබනවා. නමුත් ගෙඩි, ගැටිති තිබුණ පමණින්ම මෙය ඉවත් කිරීම සිදු කරන්නේ නැහැ .

ඒ අනුව ඔබේ බෙල්ලෙහි (තයිරොයිඩ් ග්‍රන්ථියේ) වේදනාවෙන් තොර යම් ගැටිති තත්ත්වයක්,අසාමාන්‍යතා තත්වයක් ඔබට දැනෙනවා නම් ඔබ කළ යුත්තේ සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් ලවා මෙය අනිවාර්යෙන්ම පරීක්ෂාවට ලක් කර ගැනීමයි .
කිසිවිටෙකවත් නිසි වෛද්‍ය පර්‍යේශනයකින් තොරව ඔබට තයිරොයිඩ් පිළිකා තත්වයක් ඇති බව අනුමාන කිරීම කිසිසේත්ම කළ නොහැකි. මෙවැනි රෝග ලක්ශණද කිසිවිටෙක අමතක කර නොසලකා සිටීමත් නොකළ යුතු දේවල් බව ඔබට පැහැදිලි කිරීම මේ ලිපියේ අරමුණයි.
තයිරොයිඩ් ග්‍රන්ථියේ පිලිකා යනු පූර්ව අවදානයක් යොමු කිරීමෙන් සුවකර ගත හැකි පිළිකා තත්වයක් බැවින් නිසි වෛද්‍ය උපදෙස් ලබා ගැනීමේ වැදගත්කම මතක් කිරීමේ අරමුණ ඇතිව සෞඛ්‍යය සම්පන්න දිවි පෙවතක් ගත කරන්න උත්සහ කරන ඔබ වෙනුවෙන් සැකසූ ලිපියකි.

Related Articles

Don't Miss


Latest Articles