තමන්ගේ ආරක්ශාව වෙනුවෙන් භාවිතා කිරීමට කාන්තාවන් ඉගෙන ගත යුතු සටන්ක්‍රම

අතීතයේ ඉපැරණි රජ සමයේ විවිධ සටන් කලා ශිල්ප ඔස්සේ දස්කම් දැක්වූ දැක්වූ කාන්තාවන් පිළිබඳ විවිධ රසවත් කතන්දර ඔබ අසා ඇති .සැබවින්ම කාන්තාවක්,දැරිවියක් සටන් කලාවක් ප්‍රගුණ කිරීමෙන් ඇයගේ ආත්ම විශ්වාසය වර්ධනය වනවා සේම ,සමාජය තුළ ආරක්ෂා වීමටද එය එක්තරා හේතුවක් වනවා.

සටන් කලාවක් හැදෑරීමෙන් ඇතිවන වාසි මොනවාද?

හැකි සෑම අවස්ථාවකදීම තමාගේ ආරක්ෂාව තමාටම සලසා ගැනීමට ඇති හැකියාව.

ආත්ම විශ්වාසය වර්ධනය වීම.
ඔබේ ආවේගයන් නිවැරදි දිශාවන්ට යොමු කිරීමට පුහුණු වීම.
ක්‍රීඩාවක් ලෙස පුහුණු වී ඉදිරියට යාමට හැකි වීම.
රැකියාවක් ලෙස තෝරා ගත හැකි වීම.
මනා ස්වයං විනයක් පවත්වා ගැනීමට පුරුදු පුහුණු වීම.
අවධානය නිශ්චිත ඉලක්කයක රඳවාගැනීමට පුහුණුවීම.

Karate


කරාතේ කියන්නෙ කාන්තාවන්ට මනාව ගැලපෙන ඉතාමත්ම ජනප්‍රිය සටන් කලාවක්. මෙය පැවත එන්නේ ජපානයෙන්.ප්‍රතිවාදියා පසුබැස්ස විය හැකි සුවිශේෂ පහර දීමේ ක්‍රම රාශියක් කරාතේ ක්‍රීඩාව සතුව තිබෙනවා.බහුලව පුහුණුකරුවන් සොයාගත හැකි නිසා ඉගෙන ගැනීමට අපහසුවක් ඇත්තේත් නැහැ.

Jiu jitsu


මෙම සටන් කලාවේ ආරම්භය ජපානය සහ චීනය ලෙසට සඳහන් කරන්නට පුළුවන්.ප්‍රතිවාදියාව කකුලෙන් හෝ අතින් අල්ලා ගැනීම ඔස්සේ අඩපණ කිරීම මේ මගින් ඉගැන්වෙනවා.මේ සටන් ක්‍රමය ඉන්දියාවේ ද ජනප්‍රිය සටන් ක්‍රමයක් ලෙස හඳුන්වා දෙන්නට පුළුවන්.

Judo


ජූඩෝ සටන් කලාවේ ආරම්භය ද ජපානය ලෙස හඳුන්වා දෙන්නට පුළුවන්.ඉහත ජියු ජිට්සු සටන් කලාවට බෙහෙවින්ම සමාන ගති ලක්ෂණ මෙහි ද ඇතුළත් වෙනවා.මෙහි සුවිශේෂම ගුණය වන්නේ පොර බැදීමයි.

Kung Fu


ඉතාමත් ජනප්‍රිය සටන් කලාවක් වන කුන්ෆු කාන්තාවන්ට සුදුසු තවත් සටන් කලාවක් ලෙස හඳුන්වන්නට පුළුවන් .එය ශරීරයට විශාල නම්‍යතාවයක් ලබා දීමට සමත් වෙනවා.බොහෝ පැනීම් සහ පෙරළීම් සහිත මෙම සටන් කලාවට නිදහස් ශෛලයේ සටන් ක්‍රම ඇතුළත්ව තිබෙනවා.

Kickboxing


තමන්ගෙ ආරක්ෂාව ගැන සැලකිලිමත් වන සෑම ගැහැණු ළමයෙකු ම ඉගෙන ගත යුතුම සටන් කලාවක් ලෙස කික් බොක්සින් හඳුන්වන්නට පුළුවන් .ඉතාමත් සුවිශේෂ පයින් පහර දීමේ ශිල්ප ක්‍රම රැසක් මෙහි තිබෙනවා.

Taekwondo


මෙය කොරියන් සටන් කලාවක්.මේ සටන් ක්‍රමයට පයින් ගැසීම හා පහර පහරදීම ඇතුළත් වනවා.කාන්තාවන් සඳහා වඩාත් ජනප්‍රිය හා හොඳම සටන් කලාවක් ලෙස හඳුන්වන්නට පුළුවන්

Related Articles

Don't Miss


Latest Articles