කුරු මිනිසෙකුට ආදරය කල දෙපා ආබාධිත කෙල්ලෙක්ගෙ කතාව – ZERO

ශාරුක් ඛාන්ගෙ ෆිල්ම්ස් වලට ආස නැති කෙනෙක් නැති තරම් නේ. ශාරුක්ගෙ ෆිල්ම් එකක් කිව්වොත් ආයෙ ඉතින් ඕනම කෙනෙක් වගේ පැනගෙන ගිහිල්ල තමයි බලන්නෙ.ඉතින් ඒ නිසාම අපි හිතුව අද අපේ Movie review article series එකෙන් ශාරුක්ගෙ තව අපූරු චිත්‍රපටයක් ගැන විස්තර අරගෙන එන්න.

සාමාන්‍යයෙන් ශාරුක් රඟපාන්නෙ ලස්සන, ප්‍රේමවන්ත චරිත උනත් මේක ඉතින් ඊට වඩා පොඩ්ඩක් විතර වෙනස් කතාවක්.

මේ කතාවෙ ශාරුක් රඟපාන්නෙ පොඩි කොල්ලෙක් විදියට. පොඩි කිව්වෙ වයසෙන් නෙවෙයි ශරීරෙන්.

මෙයාගෙ නම බව්ව සිං. (හිනාවෙන්න එපා ඉතින් ඒක තමයි ඇත්ත නම)

බව්ව සිං ජීවත්වෙන්නෙ මීරුට් වල. ඇඟේ ප්‍රමානෙන් පොඩි මනුස්සයෙක් හන්ද කොල්ලාට තාම කසාදයක් තියා කෙල්ලෙක්වත් සෙට් වෙලා නෑ. තමන් හොයාගන්න හිටියොත් නම් හරියන එකක් සෙට් නොවන බව දන්න හන්දා බව්වා තමන්ට හරියන කාන්තාවක් සෙට් කරල දෙන වැඩේ විවාහ නියෝජිත ආයතනයකට භාර දෙනව.

සෑහෙන දවසක් මේ ආයතනයෙන් එවන කිසිම යෝජනාවකට අකමැති වෙන බව්ව දවසක් එතෙන්ට එන්නෙ කෙල්ලෙක්ගෙ ෆොටෝ එකකුත් අරගෙන. ඒ කෙල්ලගෙ නම NSAR එකේ වැඩකරන ආෆියා යුසුෆ්සායි බින්දර්.

ඉතින් බව්වට ඕන වෙනව තමන්ගෙ යෝජනාව මේ ලස්සන ගෑණු ලමය ලඟට අරගෙන යන්න. බව්ව යනව දවසක් ආෆියාව බලන්න. ඉස්කෝලෙක තියෙන වැඩසටහනක ආරාධිත අමුත්ත විදියට ආෆියා එන බව දැනගෙන. හැබැයි එතනදි තමයි බව්ව දැනගන්නෙ ආෆියා රෝද පුටුවක ඉන්න දෙපා ආබාධිත කෙල්ලෙක් බව. තමන්ගෙ කොට ශරීරෙ විවාහයකට බාදාවක් කියල නොහිතන බව්වා ආෆියා රෝද  පුටුවක ඉන්න එක ගැන එච්චර සතුටු නෑ.

හැබැයි දෙන්න කතාබස් කරන්න ගන්නවා. දෙන්න ටික දවසක් යද්දි එකිනෙකාට ආදරේ කරන්නත් ගන්නවා. හැබැයි බව්ව ටික දවසකින් මේ සම්බන්දෙට තිත තියනවා. ඒ උනාට ආෆියා තමන්ගෙ හිතෙන් ඒ ආදරේ ලේසියෙන් අමතක කරන්නෙ නෑ. එයා එනව බව්වව හොයාගෙන. කොල්ල තමන් ගැන මොන දේ හිතන් හිටියත් උන්දැගෙ පෙනුමෙ හැටියට මීට වඩා හොඳ කසාදයක් කරගන්න බැරි බව තේරුම් ගන්න බව්වගෙ මං දෙමව්පියො එක්කහු වෙලා ආෆියාවයි බව්ව වයි බන්දල දෙන්න ප්ලෑන් කරනවා.

වෙඩින් එක තියෙන දවසෙ තමයි ඔක්කොම වෙනස් වෙන්නෙ.

බව්වගෙ යාලුවෙක් වෙන ගුඩ්ඩු ඇවිත් කියන බව්ව මීට කලින් අයදුම්පත් දාපු නැටුම් තරගෙකින් මිනිහ ශෝට් ලිස්ට් වෙලා තියෙන බවත් ඒ තරගෙන් දිනන අයට ඒ දවස්වල ජනප්‍රිය බොලිවුඩ් නිලියක් වන බබිතා කුමාරීව දකින්නත් ලැබෙනව කියල.

බබිතාව බලන්න තියෙන උවමනාව මත ආෆියා එක්ක රණ්ඩුවෙන බව්වා තමන්ගෙ කසාදෙ දවසෙ ඔක්කොම දමල ගහල ගෙදරින් පිටවෙල යනවා.

නැටුම් තරගෙන් බව්ව දිනනව. බබිතව විතරක් නෙවෙයි එයා තව ජනප්‍රිය ඉන්දීය නලු නිලියො රැසක් හම්බුවෙනව. මෙතනදි බව්ව ගැන එයා හිතන පතන විදිය තේරුම් ගත්ත බබිතා බව්වට රස්සාවක් හොයල දෙනවා. බබිත එක්ක එයාගෙ සම්මාන උලෙලවල්, කලා ප්‍රසංග වලට යන්න එන්නෙ බව්ව. ඒ වගේම බව්ව බබිතට උදව් කරනව එයාගෙ පරණ බෝයි ෆ්‍රෙන්ඩ් වෙච්ච ආදිත්‍ය කපූර් එක්ක ආයෙ සෙට් වෙන්නත්.

මේ අතරෙදි බබිතා බව්වගෙන් ආෆියා ගැන විස්තර දැනගන්නව. බව්ව ආෆියාට කරල තියෙන්නෙ ලොකු වරදක් කියල තේරුම් ගන්න බබිතා බොරුවට බව්වට මෙන්න මෙහෙම කියනව.

“අපෙ අම්මත් ඔයා වගේ. අපෙ තාත්තත් අම්මව එහෙම රවට්ටල දැම්ම. කුරු ශරීරයක් කියන්නෙ ආදරේ කරන්න බැරි කමක් නෙවෙයිනෙ”

බබිතගෙ වචන අහන බව්වාට තමන්ගෙ වරද තේරුම් යනව. තමන් අෆියාට කරේ වරදක් බව එයාට තේරුම් යනවා.

ආෆියා නිව් යෝක් වලට ගිහින් බව දැනගන්න බව්වා ගුඩ්ඩු එක්ක ආෆියාව හම්බෙන්න එහෙ යනවා. ඒත් ආෆියා බව්වව හම්බෙන්න කැමති වෙන්නෙ නෑ. මොන දේ උනත් කසාදෙ දවසෙ තමන්ව රව්වටල දාලා ගිය මනුස්සය ගැන ආයෙ හොඳ හිතකින් හිතන්න පුලුවන්ද?

ඒ අතරෙ බව්වා දැනගන්නවා හිත පුදුමාකාර විදියට රිදෙන කතාවක්. ආෆියා තමන්ව දකින්න ප්‍රතික්ශේප කරන හේතුව බව්ව දැනගන්නවා.

ආෆියාට දරුවෙක් ලැබෙන්න ඉන්නවා.

ඒ දරුවා කාගෙද? දරුවෙක් ලැබෙන්න ඉන්නවනම් ඇයි ආෆියා ඒ දරුවගෙ තාත්තව බඳින්නෙ නැතුව බව්වව බඳින්න හිතුවෙ?

ඒ හැමදෙයක්ම බව්වට වගේම අපිටත් ප්‍රශ්නයක්.

ඉතින් ඒ ගැන දැනගන්න Zero චිත්‍රපටය බලන්න.

ආදරය කරන්න හේතුවක් ඕන නැති බවත් දැනගන්න – ආදරය කියන්නෙ ආදරයම බව තේරුම් ගන්න මේ චිත්‍රපටය බලන්නම ඕන!

Related Articles

Don't Miss


Latest Articles