පෙම්වතියගේ ඝාතකයන්ගෙන් පළිගත් අපූරු පෙම්වතෙකුගේ කතාවක් – Marjaavaan

මෙච්චර දවසක් කතා කරේ ගොඩක්ම ආදරය ගැන කියවිච්ච චිත්‍රපට ගැන නිසා මම අද හිතුවා පොඩ්ඩක් ත්‍රාසය, මැර කණ්ඩායම් වගේ දෙයක් ගැන ලියවිච්ච චිත්‍රපටයක් අරගෙන එන්න. ඉතින් එහෙම චිත්‍රපටයක් කිව්ව ගමන් මතක් වෙන්නෙ අල්ලපු රටනෙ නේද?

ඉතින් ඒ අල්ලපු රටේ හදපු තවත් එක ලස්සන චිත්‍රපටයක් තමයි Marjaavan කියන්නෙ. මේ චිත්‍රපටය ආවෙ 2019 අවුරුද්දෙදි.

මුම්බායි වල Water Mafia එක කරගෙන යන මැරයගෙ නම නාරායන් අන්නා. නාරායන් අන්නා යටතේ ඉන්න එයාගෙ විශ්වාසවන්තම ගෝලයෙක් ඉන්නව. මිනිහගෙ නම රඝු. මේ රඝුට රඟපාන්නෙ සිදාර්ත් මල්හෝත්‍රා. ඊටත් වඩා විශෙෂම කාරණාව වෙන්නෙ ප්‍රේමවන්තයගෙ චරිතම කර කර උන්නු රිතේද් දේශ්මුක් නාරායන් අන්නගෙ චරිතෙ කරන එක. ඒක තමයි මේ ෆිල්ම් එකේ තියෙන කික් එක.

නාරායන් අන්නා තමන්ගෙ දකුණු අත වගේ රඝුව තියාගෙන ඉන්න එක නාරායන් අන්නගෙ පුතා වෙච්ච විශ්ණුට එච්චර දිරවන්නෙ නෑ.

ඔන්න ඔහොම ඉද්දි තමයි රඝුගෙ හිත සෝයා ලඟ නතර වෙන්නෙ. සෝයා කියන්නෙ වචනයේ පරිසමාප්ත අරුතෙන්ම හරි ලස්සන කෙල්ලෙක්. හැබැයි සෝයා ගොලුයි. එයා කාශ්මීරෙ ඉඳල මුම්බායි වලට ඇවිල්ල ළමයින්ට සංගීතෙ උගන්නන එක තමයි කරන්නෙ.

හැබැයි හිත අස්සෙ පිරිච්ච ආදරෙන් රඝුට වට පිටේ වෙන ඒව පේන්නෙ නැති එක විශ්ණු එහෙම නැත්තම් නාරායන් අන්නගෙ පුතා චාන්ස් එකක් කරගන්නව නාරායන් අන්නවයි රඝුවයි එකිනෙකාගෙන් බිඳවන්න.

සෝයාගෙ සංගීත උත්සවයක් වෙලාව සෝයාට කරදරයක් කරන්න හොඳම වේලාව බව විශ්ණු දැනගන්නව. ඒත් විශ්ණුගෙ අරමුණ දැනගන්න සෝයා ඒකෙන් පලායන්න උත්සහ කරනවා.

හැබැයි විශ්ණු ලේසියෙන් තමන්ගෙ චාන්ස් එක අතාරින්නෙ නෑ.

විෂ්ණු ඇවිත් නාරායන් අන්නාට කියනවා. “ගයිතොන්ඩේගේ මර්ඩර් එක දැකපු සාක්කි කාරයෙක් ඉන්නව” කියල.

ඒක දැනගත්තම නාරායන් අන්නාට ඒක අමතක කරන්න බැරි දෙයක්. තමන් විසින් කරන්න යෙදුන මිනි මැරුමකට ඇහෙන් දුටු සාක්කිකාරයෙන් ඉන්නව කියන්නෙ තමන්ට ගස් යන්න හේතුවක් බව ආයෙ අමුතුවෙන් මේ මැර කල්ලි ගැන දන්න කෙනෙක්ට කියන්න ඕන නෑ. ඉතින් ඒ ප්‍රශ්නෙන් බේරෙන්න තියෙන ලේසිම විදිය නාරායන් විශ්ණුට කියනව.

“එක මරණයක් වහන්න තව කෙනෙක් මරණ එක මහ දෙයක් නෙවෙයි”

ඉතින් මෙතනදි නාරායන් මේ වැඩේ භාරදෙන්නෙ තමන්ගෙ දකුණු අත වගේ ඉන්න රඝුට. නාරායන් දන්නෙ නෑ රඝු ආදරේ කරන්නෙ සෝයාට බව. සෝයාව මරන්න කියන එන ඕඩර් එක ළඟදි සෝයට ඇත්තටම ආදරේ කරපු රඝුට තමන් නාරායන්ගෙ ලොකුම හොඳම විශ්වාසවන්තම ගෝලය වුණත් පලවෙනි සැරේට ඒ විශ්වාසෙ බිඳිනව ඇරෙන්න කරන්න වෙන දෙයක් නැති වෙනවා.

රඝු දැනගන්නවා තමන්ට මේ කොන්ත්‍රාත් එක නොකර යහතින් ඉන්න විදියක් නැති බව. ඉතින් සෝයාව අරගෙන නාරායන්ට නොපෙනෙන තැනකට පැනල යනව ඇරෙන්න වෙන කරන්න දෙයක් ඉතුරු නෑ.

ඒත් ඒ තීරණේ ලේසියෙන් ගන්න රඝුට විශ්ණුගෙන් ඉඩක් ලැබෙන්නෙ නැ.

විෂ්ණු රඝුව අල්ලගන්නව. ඒ විතරක් නෙවෙයි සෝයාවයි සෝයාගෙන් සංගීතෙ ඉගෙන ගන්න ළමයිවයිත් අල්ලගන්නව. නාරායන් කියන්නෙ එක දෙයක්. “සෝයාව මරන්න ඉඩ දීපන්, එහෙම කරොත් උඹටයි දරුවන්ටයි යහතින් මෙතනින් යන්න පුලුවන්”

ඒත් ආදරේ පාවල දෙන්න රඝු ලෑස්ති නෑ. අනික මේක වුශ්ණුගෙ ප්ලෑන් එකක්. ඉතින් ඒ ප්ලෑන් එක ඉස්සරහ කොන්ද පණ නැති මිනිහෙක් වගේ නාරායන් කියන දේට ඔලුව නවන්න රඝුට පුලුවන් වෙන්නෙ නැ.

ඒත් සෝයා කැමතිවෙන්නෙ නෑ තමන්ට බේරේන්න ඕන හන්දා රඝුගෙයි දරුවන්ගෙයි ජීවිතේ අනතුරට ඇදල දාන්න. සෝයා රඝුට තුවක්කුව දීල ඒ තුවක්කුවෙ කෙලවරට හිස තියාගෙන කොකා ගස්සල රඝුගෙ පපුව උඩම අන්තිම හුස්ම අතාරිනව.

තමන්ගෙ ජීවිතේ දීලා රඝුගෙයි දරුවන්ගෙයි ජීවිතේ බේරන්න සෝයා කැපවෙන්නෙ ඒ විදියට. තමන්ගෙම කැමැත්තෙන්.

සෝයා ඒ විදියට මියයාම ගැන රඝු ඉන්නෙ පුදුමාකාර කම්පනයක. ඒ අතරෙම සෝයාව මරා දැමීම වෙනුවෙන් පොලිසිය රඝුව අතඩංගුවට ගන්නවා. ඒත් රඝු ඉන්නෙ හරි සිහියකින් නෙවෙයි. එයාට දරාගන්න බෑ මේ කම්පාව. අනිත් අතට තමන්ට ආදරය කිරීම නිසා තමයි සෝයා විශ්ණුව වෛරයට ලක්වුණේ කියන කාරණාව හිතෙන් අයින් කරන්න කොච්චර උත්සහ කරත් රඝුට පුලුවන් වෙන්නෙ නෑ.

දරුවන් සහ රඝුගේ මිතුරන් සෝයා භූමදාන කිරීමට උදව් කරනවා. විෂ්ණු රඝු සිරගෙදරදී මරා දැමීමට උත්සාහ කරනව මොකද විශ්ණු දන්නව රග්ජු නිදහස් වෙලා ආව දවසක තමන්ගෙ අවසානෙ බව. ඒත් රඝු විශ්ණුගෙ කුලී මැරයන්ට පහර දීල ඒ හැම කරදරේකින්ම බේරෙන්න ක්‍රම හොයාගන්නව.

Mazar ඔහුට පයින් ගැසූ නිසා විෂ්ණු පසුව රඝුගේ මිතුරා Mazhar ගේ කකුල කපල දානවා. රඝුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වන බව නාරායන් අන්න කිව්වයින් පස්සෙ, විෂ්ණු රඝුට සාක්ෂි අල්ලස් දී පිටතට යාමට උදව් කරල එලියෙදි රඝුව මරල දාන්න ප්ලෑන් කරනවා. ඒත් හිරගෙදර ඉඳල නිදහස් වෙලා එලියට එන්නෙ හිරේට ගිය රඝු නෙවෙයි. වෙනස්ම කෙනෙක්.

“රඝු මැරුනෙ සෝයා මැරිච්ච දවසෙ” නාරායන් අන්නා විශ්ණුට එහෙම කියනව. ඒ මේ ඉන්නෙ අපි මෙච්චර කල් දැනගෙන උන්න රඝු නෙවෙන බව කියන්න වගේ.

ඒත් ඒ මොන දෙයක් ළඟකදි වුණත් විශ්ණු රඝුව මරල දාන්න ගත්ත උත්සහයක් එකක්වත් අමතක කරන්නෙ නෑ.

රඝු සෝයාගෙ මිණී වල ලඟට ගිහින් පොරොන්දු වෙනවා සෝයාට මේ කාලකන්නි අවසානය ලං කරල දුන්න එකෙක්ටවත් යහතින් ඉන්න දෙන්නෙ නැති බව.

ඉතින් ඒ පොරොන්දුව ඒ විදියටම ඉශ්ට කරන්න රඝුට පුලුවන් වෙයිද?

ඒ පොරොන්දුව ඉශ්ට කරද්දි සෝයාට වෙච්ච දේ දැකපු කම්පාව, දුක, වේදනාව හිත අස්සෙන් නැතිකරල දාන්න රඝුට පුලුවන් වෙයිද?

ඉතින් ඒ ගැන දැනගන්න අදම Marjaavaan බලන්න.

මේක වෙනස්ම අත්දැකිමක්. ආදරය, කුතුහලය, භිතිය එක්ක ගෙවිල යන ඉන්දියාවේ නොදුටු පාතාලයේ දසුන් ගැන කියවෙන මේ අපූරු චිත්‍රපටය Thriller Genre එකේ චිත්‍රපට බලන කෙනෙක්ටනම් ඔන්න Ideal කියල කියන්න පුලුවන්.

එහෙනං මේ කතාව බලල ඔයාලා මේ ෆිල්ම් එක ගැන මොකද හිතන්නෙ කියල අපිත් එක්ක බෙදාගන්න

Related Articles

Don't Miss


Latest Articles