එක් පසෙකින් මහ රහතුන් වැඩ සිටි ඓතිහාසික මදුනාගල ආරණ්‍ය සේනාසනයට ද අනෙක් පසින් පුරාවිද්‍යාත්මක වශයෙන් ඉතා වටිනා පුද බිමක් මෙන් ම, ඉපැරැණි චිත්‍ර ඇති කරඹගල ආරණ්‍ය සේනාසනයටද මැදිව සුන්දර කුඹුරු යායක් මැද මහපැලැස්ස උණුවතුර ළිං එසේත් නැති නම් මදුනාගල උණුවතුර ළිං පිහිටා තිබේ. මදුනාගල උණුදිය උල්පත්වල ඇත්තේ ඖෂධීය ජලය...
අලි බලන්න කවුද අකමැති? හැමදාම අහල පුරුදු තැන්වලට වඩා අලි සුරතල් බලන්න වෙනස්ම වනඋයනක අත් දැකීමක් ලබාගැනීමට ඔබ කැමති නම් ශ්‍රී ලංකාවේ 23 වන ජාතික වනෝද්‍යානය වන කලාවැව ජාතික වනෝද්‍යානය ඔබට ඉතාමත්ම ගැලපෙන සංචාරක තෝතැන්නක්වනු නොඅනුමානයි.
ලංකාවේ වියළි කලාපයේ වනදහන් වල සිටින අලි ඇතුන් සාමාන්‍යයෙන් ගැනෙන්නේ සංචාරක සත්ව විශේෂයක් ලෙසටය....
රිදීමය උස් කඳු මුදුන් හා දර්ශනීය තැනිතලා බිම් සහිත නේපාලය සුන්දර රටක්. හිමාල පර්වතය හා චීනය උතුරින්ද, බටහිරින් ඉන්දියාව වට කොට ඇති නේපාලයේ අගනුවර වන කත්මණ්ඩු නගරය විශාල ප්‍රදේශයක විහිදී පැතිරී ඇති නගරයක්.
කත්මණ්ඩු නගරය පිහිටා ඇත්තේ හිමාලය මිටියාවතේ. මිලියනයක පමණ ජනතාවක් එහි වාසය කරනවා. වසර 2000 කට වඩා පැරණි...
ශ්‍රී ලංකාවේ කුඩාම ජාතික වන උද්‍යානය ලෙස සැලකෙන හොරගොල්ල ජාතික වන උද්‍යානය ජනතාව අතර එතරම් සුප්‍රසිද්ධ නොවූවක් වුවද සතුන් හා ශාක ගැන විවිධ පර්යේෂණ කරන්නන් හට මෙම වන උද්‍යානය නුපුරුදු ස්ථානයක් නොවෙයි.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පවතින මෙම ජාතික උද්‍යානයට ප්‍රවේශ වීමට කොළඹ - නුවර මාර්ගයේ නිට්ටඹුව නගරයෙන් කිලෝමීටරයක් වේයන්ගොඩ...
යාල, විල්පත්තු, උඩවලව වස්ගමුව ජාතික උද්‍යානවල ආකර්ෂණය අලි, කොටි, වලසුන්, මුවන්, කිඹුලන් ආදී සතුන්ය. හෝටන්තැන්න උද්‍යානයේ පවතිනුයේ ඊට හාත්පසින් වෙනස්වූ ශීතල දේශගුණයකින් යුත් දර්ශණීය වන ආවරණයක් සහිත භූමියකි. මෙම නිසල පරිසරයට පිවිසෙන සංචාරකයින්ගේ සිත්සතන් වලට ලබාදෙන සතුට හා විවේකී භාවය වචනයෙන් විස්තර කළ නොහැක.
කුඩා ලෝකාන්තය සහ මහලෝකාන්තය (World's End)...
ඇඹිලිපිටිය සිට කොලොන්න හරහා සූරියකන්ද මාර්ගයේ කි.මී. 24 ක් පමණ දුරකින් රමණීය පරිසරයක මඩුවන්වෙල වලව්ව පිහිටා ඇත. වලව්ව පිහිටි ඉඩම අක්කර 20 ක පමණ විශාල අලංකාර භූමි භාගයකි.
මඩුවන්වෙල ප්‍රදේශයට ඒ නම ලැබිල තියෙන්නේ "කුළු මී හරකුන් බහුලව සිටින වෙල" කියන අදහසින්. දෙවැනි විමලධර්මසූරිය රජතුමා මඩුවන්වෙල විජයසුන්දර ඒකනායක අභයකෝන් මුදලිවරයාට...
ප්රතාපවත් රාවණා රජු දක්ෂ වෛද්‍යවරයෙකු බවත් රජුගේ ඖෂධ උයන හග්ගල කන්ද ආශ්‍රිතව තිබු බව පුරාවෘතවල කියැවේ. අවුරුදු දහස් ගණනකට පෙර අති දක්ෂ වෛද්‍යවරයෙකුට අයත්ව තිබුණායැයි සැලකෙන එම භූමිය ඉංගී්රසි පාලකයන් 1861 වසරේදී හග්ගල උද්භිද උද්‍යානය බවට පත්කරනලදී. නුවරඑළිය සිට බදුල්ල මාර්ගයේ කිලෝ මීටර් 9ක් පමණ ගිය තැනදී හමුවන මෙය...
කලබලකාරී නුගේගොඩ නගරය පසුකර නාවල ඔස්සේ ගමන් කළ අයෙකුට වැලි පිරවූ ලොරි කිහිපයක් නතර කර තිබූ ”වැලි පාර්ක්” අමුතුවෙන් මතක් කර දිය යුතු වන්නේ නැත. වර්තමානයේදී එම භූමිය ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුව සකස් කළ ලංකාව තුළ ඉදිවූ පළමු නාගරික තෙත් බිම් උද්‍යානය
ඇහැළ, කරඳ, කොබෝලීල, මූණ මල්, මුරුත, කුඹුක්, දිය නා...
ශී‍්‍ර ලංකාවේ අවසන් රාජධානියේ කේන්ද්‍රස්ථානය වූ සෙංකඩගල හෙවත් මහනුවර ලෝක උරුම නගරයකි. නිතරම නුවර ගියත් එහි නැරඹිය යුතු ස්ථාන සහ ඉතිහාසය පිළිබඳව බොහෝදෙනාට ඇත්තේ අල්ප අවබෝධයකි.
ජනවහරට අනුව ගම්පොළ රජ කළ තුන්වැනි වික්‍රමබාහු රජු (කි‍්‍රව. 1357 සිට 1375) දඩයමේ යද්දී සාවකු පසුපස හිවලකු දුවනු දැක ලූහුබැඳ තිබේ. එක් ස්ථානයකදී නැවත...
ඓතිහාසික ස්ථාන රාශියක් සබරගමුව පළාතේ පිහිටා තිබුනද ඉන් මූලිකම ස්ථානය ලැබෙන්නේ රත්නපුර මහ සමන් දේවාලයටය. මෙය රත්නපුර නගර මධ්‍යයට ආසන්නයේ පිහිටා ඇත. සුමන සමන් දෙවියන් වෙනුවෙන් ඉදිකොට තිබෙන ප්‍රධාන දේවාලය වශයෙන් සැළකෙන රත්නපුරයේ පිහිටි සපරගමු මහ සමන් දේවාලයේ ඉතිහාසය දඹදෙණිය රාජ සමය දක්වා දිවයයි. දඹදෙණියේ රාජ්‍ය කළ II පැරකුම්බා...