Mini Stories

ස්මාර්ට් අම්මා.

0
මේනකා හිනා වෙවී දුරකථන සංවාදයක් කරන්න ගෙඋද්‍යානයේ කෙළවරම තෝරා ගත්තේ මොකද කියලා දිල්හානි බැලුවේ කෙටි තාප්පෙන් එබිලා.ෂෙහාන් පේන්නත් නෑ.කාර් එක පේන්නත් නෑ.ඒ කියන්නෙ ඉතින් මෙතන රහසක් තියනවා.ඕපාදූපේ හොඳට හොයන්න හිතාගෙන තාප්පෙන් එබෙනකොට තමයි දිල්හානි දැක්කේ මේනකා ඉන්නේ වීඩියෝ ඇමතුමක කියලා. "ඔයා හිනා වුණාට මං මේ විහාර පිච්ච පැළේ හදා ගත්තා.මේං...

අදහස්

0
සසිකා ඇගේ අම්මා වුන මාලනීට දුරකථන ඇමතුමක් ගත්තේ හදවත වේගයෙන් ගැහෙද්දි .අම්මා ඇමතුමට සම්බන්ධ වෙනකන් ඇය තුළ තිබුණේ ලොකු නොඉවසිල්ලක් " හෙලෝ අම්මා " සසිකා කතා කළේ බිඳුණු හඬින් " කියන්න " " අක්කගෙ බබාගේ බර්ත්ඩේ එකට පාටියක් තියෙනවා කියලා ඔයාලා මට කිව්වේ නැහැනේ ? " " ඉතින් ? " " ඉතිං අහන්නේ ? නිකමටවත්...

බොරු හොයන අම්මා.

0
"පාරමී..ඔයාට අපේ පුතා ලැප්ටොප් එකක් අරන් දුන්නද?" දේශන ශාලාවෙන් පිටතට ආපු ගමන් මාලකගේ අම්මාගේ ඇමතුමට පිළිතුරු දුන්න පාරමීට ඒ වගේ අමුතු ප්‍රශ්නයකට පිලිතුරු බඳින්න සිද්ධ වුණා. පාරමීගේ උපන් දිනය තිබිලා සතියක්වත් නෑ.මාලක පාරමීට හොඳ වර්ගයේ ලැප්ටොප් එකක් තෑගි කළේ හරිම ආදරෙන්. "මං තාත්තට කියලා එකක් ගන්න හිටියේ මාලක අයියේ.." පාරමී එහෙම කියද්දී...
" අද අර කුමාරිහාමි ගෙදර නැද්ද අම්මේ ? " පවිත්‍රා ගෙට ගොඩ වුණේම එහෙම අහන ගමන්. පවිත්‍රා මේ මහ ගෙදරට එන්නේ මාස හතරකින් විතර " නංගි උදේ ඔෆිස් එකට ගියා. හදිස්සි වැඩක් කියලා " දමයන්ති උත්තර දුන්නේ හදිසියේම ගෙදර එනවා කියලා දැනුම් දීපු ලොකු දුවටත් එක්ක දවල් ආහාරය පිළියෙල කරන ගමන් " මේ...
"ගායනා..අපි යමුද?" නිමි ඇඳුම් ප්‍රදර්ශනාගාරයේ ඇඳුම් තෝරමින් ඉන්න ගමන් නෙත්මි එකපාරටම කලබල වුණා.ඒ කලබලය චාරුනීටත් බෝ වෙද්දී ගායනා ඔවුන් දිහා බැලුවේ පුදුමයෙන්. "ඇයි අනේ..අපි ගන්න හිතාගෙන ආපුවා ගත්තෙත් නෑනෙ.." ගායනා එහෙම කියද්දී හදිසි ඇමතුමක් ගන්න තියෙන බවත් ඒ සඳහා මෙතන නොගැළපෙන බවත් කියපු නෙත්මි මිතුරිය ඇදගෙන ඒ මහලෙන් පිට වෙන්න සූදානම් වුණා.ඒත්...
තිසරි ගෙට ගොඩ වුණ ගමන්ම ලඟම තිබුන පුටුවෙන් වාඩි උනා. " නංගි මට වතුර එකක් ගේන්න කෝ " ඇගේ හඬේ තැවරිලා තිබුණෙ වෙහෙසකර බවක්.විනාඩි කිහිපයකට පස්සේ තිසරිගේ නංගි සඳලි සාලෙට ආවෙ වතුර එකකුත් අරගෙන " අයිය මගෙන් ලෝන් එකක් ඉල්ලනවා " තිසරි කිව්වෙ කම්පාවෙන්.ජීවිතය ගැට ගහගන්න අක්කා කරන්න මොනතරම් සටනක්ද කියලා දන්න නංගිත්...
"අනේ දරුවට අඬන්න දෙන්න එපා නංගි.." සුදේවගේ අක්කා කාමරේට කඩා වැදුණේ කුණාටුවක් වගේ.ඊටපස්සෙ මගේ අතින් අඬන දරුවා අරගත්තේ උදුරලා වගේ කියල මට හිතුණා.මම ඔහේ බලාගෙන හිටියේ මගෙත් ශක්තිය බිංදුවටම වැටිලා නිසා වෙන්න ඇති.අක්කා මගේ අලුත ඉපදුණු පුංචි දූට එයාගේ පියයුරේ කිරි පොවන හැටි මට පෙනුණේ හීනෙකින් වගේ. "මොකක්ද දුව ඔය කරන්නේ?" සුදේවගේ...
බානුක ,කාර්යාලයේ ආපන ශාලාවට වෙලා තේ එකක් තොලගාමින් ඉන්න මලිත් ළඟට ආවේ සිනාමුසු මුහුණින් .දුරකථන තිරය දිහාම බලාගෙන හිටපු මලිත්, භානුක ලඟට එනකම්ම දැක්කේ නැහැ. " ආ මලිත්, මොනවද බං උඹ අර එෆ්බී එකේ ශෙයා කරන්නේ ? " " ඇයි බං ? " " කෙල්ලන්ගේ බොරු ගැනයි , වටේ යනවයි අරවයි මේවායි...
අම්මා ඇවිත් මං ළඟින් වාඩි වුණේ මුහුණ කළු කරගෙන.තීක්ෂණගේ අම්මලා මේ සති අන්තයේ අපේ ගෙදර එනවා කියලා කිව්ව වෙලාවේ ඉඳන්ම අම්මා ඉන්නේ ප්‍රශ්නයක් හිතේ තියාගෙන කියල මට නොතේරුණා නෙවෙයි.තීක්ෂණ මට මුණ ගැහුණේ කැම්පස් එකේදී නිසා රස්සාව සහ උගත්කම අම්මාට ප්‍රශ්නයක් වෙන්න බෑ. "මොකක්ද ඔය ඉලන්දාරියගෙ වාසගම.." කියල අහලා ඊටත් පස්සේ අම්මා...
තක්ෂිලා කාර්යාලයේ මිතුරියක් උන අංජලී එක්ක හිනාවෙමින් ඇය බලපු චිත්‍රපටයක් ගැන කතා කරන හැටි මදාරා බලාගෙන හිටියේ අප්‍රසාදයෙන් " කොහොමද තක්ශිලා ඔයා ඔහොම හිනා වෙලා ඉන්නේ ? " මදාරා උස් හඬින් එහෙම අහනකොට තක්ෂිලා හිනාව නවත්තලා ඇය දිහා බැලුවා " ඇයි මදාරා ? " " නෑ ඉතින් , ඔයා ගිය සතියේ නේද හස්බන්ගෙන්...