Mini Stories

"අයියෝ අම්මේ,ඔය මොකද කරන්නේ?" දුෂානිගේ කටේ සද්දේ ඇහුණු සාවිත්‍රි මුළුතැන්ගෙයි ඉඳලා සාලෙට ආවේ ඉක්මනට.කාලෙකට පස්සේ ගෙදර ආපු නෑනා එකපාරටම කෑගහන්නේ ඇයි කියලා දුෂානිට හිතුණා.එක අතකට මොනවා වුණත් මොකද? ඒ අම්මලා දූලාගේ ප්‍රශ්න එයාලම බලා ගනියි. "මං දෝණිට තනියම කන්න පුරුදු කරල තියෙන්නේ අක්කා.එයා කනවා හොරනම් ඉතින් මම හෙමින් හෙමින් කවනවා.අද අම්මා...

සාද

0
දේවකී ලස්සන කවරයක බහා තිබුණු ඇරයුම්පත එළියට ගත්තේ කුතුහලයෙන්.ඒ නිසාම ඇය ලහි ලහියේම ඇරයුම් පත කියවා අවසන් කළා " මේනක මේ බලන්නකෝ " දේවකී උස් හඬින් කතා කළේ ලැප්ටොප් එක දිග ඇරගෙන කාර්යාලයේ වැඩක් කරමින් හිටපු මේනකට ඇහෙන්න " ඇයි දේවකී ?" " මේ invitation එකක් ඇවිල්ලා. ශලනිලාගෙන් " " birthday එකක්ද ? " මේනක...
දූ දැන් කණ්ණාඩි මේසෙ ඉස්සරහ හැඩ වෙනව වැඩි ද කියල මට හිතුණා. ඒත් මං ඒ ගැන මොනවත් කියන්න ගියෙ නෑ. නව යෞවනයේ ගෑනු දැරිවියකගෙ ශරීරයෙ වෙන හෝමෝන ක්‍රියාකාරිත්වයන් ගැනත්, ඒ නිසා ම එයාලගෙ මනසෙත්, ක්‍රියාකාරිත්වයන්ගෙත් ඇති වෙන වෙනස ගැනත් නොදන්නා අම්ම කෙනෙක් නෙවෙයි මං. ඒත් ඕනම අම්මා කෙනෙක්ගෙ හිතක්...
Little girl at rain
වැස්ස කෙළවරක් නැතුව ඇදගෙන වැටෙනකොට වර්ෂා වැස්ස දිහා බලාගෙන හිටියේ පුදුමාකාර ආසාවකින්.වැහි සීතල මොනතරම් සුන්දර හැඟීමක්ද? නම වර්ෂා හින්දාද මන්දා වර්ෂාට වැස්ස තරම් සුන්දර කිසිම දෙයක් මේ ලෝකේ නෑ.වැස්සට පාටක් තියෙනවා කියලා වර්ෂාට හිතෙන තරමට වැස්ස ලස්සනයි.එක එක දවස්වලට වැස්සට එක එක පාට තියෙනවා.වර්ෂා එහෙම හිතන ගමන් වැස්ස දිහා...
රමේෂ් ,ලක්ෂිකාගේ කාර්යාලය ළඟට ඇවිත් වාහනය නතර කරගෙන ඉඳලා විනාඩි 20 කුත් ගතවෙලා තිබුණා.හදිසියේ යෙදුන රැස්වීමක් නිසා තරමක් ප්‍රමාද වන බව ලක්ෂිකා කෙටි පණිවිඩයකින් කිව්වේ රමේෂ් ඇගේ කාර්යාලය ළඟට ආවටත් පස්සේ.රොමේෂ්ගේ බෝඩිමේ සගයා වගේම හොඳම යාළුවා උන පවන් එක්ක දුරකථන ඇමතුමක ඉන්න අතරේ වාහනයේ පැති කණ්නාඩියෙන් ලක්ෂිකා එන හැටි...

කරුමේ.

0
"නිවාඩු දවසට ගේ ඉවරයි…මඩ පිටිං බාත් රූම් එකට රිංගනවා.බිස්කට් කුඩු ගේ පුරා හලනව.බාත් රූම් සින්ක් එක පුරා රැවුල් කොට..අම්මලගෙ කුක්කු පුතාලට ගෑනුන්ගෙන් වැඩ ගන්නන් පුලුවන්.මෙලෝ පිළිවෙලක් නෑ.." චතුරිකාගේ කෑගැහිල්ල උළු උඩ යන තරම් සද්දෙට ඇහුණට හිරන්ත හිනා වෙවී ෆෝන් එකට ඇස් අලෝ ගත්තා.යූ ටියුබ් වීඩියෝ බල බල හිනා වෙවී ඉන්නකොට...
Girls gossiping
දුරකථනයට මුහුණ ඔබාගෙනම ටෙක්ලා කාර්යාලයට ඇතුළු වුණා.අප්‍රසන්න දෙයක් දැක්කා වැනි හැඟීමක් ඇගේ මුහුණේ පේන්නට තිබුණා " ඔයා දැක්කද චාරුනීගේ බබාගේ birthday party එකේ photos ? " ටෙක්ලා හඬ අවදි කළේ ඒ වෙනකොට කාර්යාලයට ඇවිල්ලා හිටපු කුමුදුට ඇහෙන්න " අනේ ඔව් හරිම ලස්සනයි නේද ටෙක්ලා. පාටි එක ලස්සනට ඕගනයිස් කරලා තිබුන නේද ?...
ඇයි පුතූ.." මලක් පිපෙනවා වගේ ලස්සනට හිනා වෙවී උදේ ඉස්කෝලේ ගිය පුංචි නෙතුක ආපහු ආවේ පරවෙලා.ඉස්කෝලේ කියන්නේ එක දවසක දෙකක මතකයක් වුණු පරම්පරාවකට අයිති වෙන්න නෙතුකට සිද්ධ වුණාට අමාලිට දැනෙන්නේ දුකක්.පුතාට තව සෑහෙන කාලයක් ඔන්ලයින් ඉස්කෝලෙම යන්න වෙයි කියලයි අමාලි නම් හිතුවේ. "අනේ දෝණි, චූටි පුතාව ඉස්කෝලෙ යවන්න එපා.බයේ බෑ.." අම්මා එහෙම...
උමාලි ලස්සනට ඔතපු බත් පාර්සලය මේසය උඩින් තිබ්බෙ චේතන ඒ වෙනකොට හිටියේ නානකාමරයේ නිසා. " ගෙදරට ඕන බඩු වගයක් තියෙනවා.හවසට ගන්න යමුද චේතන ? " ටයිපටිය සකස් කරමින් කාමරයෙන් පිටතට ආපු චේතනගෙන් උමාලි ඇහුවේ බඩු ගන්න තියෙන උවමනාවටත් වඩා, දවස් ගණනාවකින් චේතන එක්ක කොහේවත් යන්න බැරිවුණ නිසා " මට බඩු ලිස්ට් එක...
විශාඛාත් ඇගේ නෑනා සුධාරී ත් හා හා පුරා කියලා ගැබ් ගත්තෙ එකම කාලෙ…සති දෙකක වෙනසක් විතරයි තිබුණෙ. තුන් මාසෙ ගියාට පස්සෙ විශාඛා ගැබ් ගෙන ඇති බව දැනගත්ත සහස් ගෙ අම්මා හේමමාලිගේ හිත ප්‍රීතියෙන් පිනා ගියත් තුන් මාසයක් මේ ආර්ංචිය වසන් කරපු එකට නම් ඇනුම් පදයක් දෙකක් කිව්වා. " අපි නං...