මේඝා නිවසට එනවිට හවස හතරට ආසන්න වී තිබුණි. වෙනදා දැනෙන වෙහෙසකර බව වෙනුවට ඇගේ හිතට දැනුනේ තරමක සැහැල්ලුවකි. අහස් නිවස අසලින්ම තමාව බස්සවා ගිය නිසා පැය ගණනාවක් තිස්සේ ඌබර් එකක් දමන්නට හෝ දුරකථනය බලන්නට උවමනාවක් නොවූ බව මේඝාට සිහිවුනි. අත් බෑගයට අත දමා දුරකථනය ගත් මේඝා එය පරික්ෂා කරන...
මේඝා නිවසට ආවේ ධනුක සහ නිකිනි සමඟය. මේඝාට පිහිට වූ අහස්ට මේඝාගේ නිවසට ආරාධනා කරන්නට ධනුක දෙවරක් සිතුවේ නැත. නිවසට පැමිණි විගසම සෝෆාවේ වාඩි වූ මේඝා දෑස් පියා ගත්තාය.
" ඔයා හුඟක් වෙනස් වෙලා මේඝා. මං මුලින්ම Rainbow Eye එකට එනකොට දැක්ක කෙනා නෙමෙයි දැන් ඉන්නේ.ඇයි ඒ ? "
අහස්...
මේඝා සිහිසුන් වී ඇද වැටෙනු මුලින්ම දුටුවේ අහස් ය. ඔහු අත තිබූ වතුර වීදුරුව රැගෙන දිව විත් මේඝාගේ හිස ඔඩොක්කුව මතට ගෙන ඇයට වතුර ඉස කිහිප වරක් කතා කලද ඇයට හරි හැටි සිහියක් ලැබුනේ නැත.
" මේඝා ? මේඝා ? "
මේඝා යන්තමින් ඇසි පිය සැලුවද සම්පූර්ණයෙන් දෑස් හැර බලන්නට තරම්...
මේඝා නැවත අහස් අමතන්නට ගියේ නැත. ඔහු නැවත අමතන තුරු සිටින්නට මේඝා සිතුවාය.අනෙක් අතට ඇයට උවමනා වූ එකම දෙය නම් තනි වීමය.ඒ සතියේ කාර්යාලයේ වැඩ ද බහුල වූ නිසා මේඝා ඒවා කෙරෙහි අවධානය යොමු කලාය.
සෙනසුරාදා උදා විය. මේඝාට උදෑසනම අවදි විය යුතුව තිබුනත් ඇයට කිසිම ප්‍රාණවත් ගතියක් දැනුනේ නැත....
නිම්නාද Rainbow Eye වෙත පැමිණ තිබුනේ මානව සම්පත් අංශයේ තිබූ ඔහුගේ සහතික ඇතුලත් ලිපි ගොනුව රැගෙන යාම සඳහාය. ඔහු ආ බව මුලින්ම නෙත ගැටුනු මේඝා උන්නේ ගල් ගැසීය.නිම්නාද වෙත ගොස් ඔහු සමඟ කතා කිරීමේ දැඩි උවමනාවකින් පෙලුනද ඔහු වෙතට දෙපා එස නොවෙන වගක් මේඝාට දැනුනි.
" ඔයාට එහෙම කරපු මිනිහෙක්...
මේඝාව හඳුනාගත් දිනයේ සිට පෙරදින සිදුවූ සිදුවීම දක්වා සියලු තතු අහස් විශ්මිත වෙත පැවසුවේ හිත නිදහස් කර ගන්නට ඇති දැඩි උවමනාවෙනි.
" ඒකිට කොල්ලෙක් ඉන්නවද ? "
විශ්මිත ඇසුවේ වතුර බෝතලය අතට ගනිමිනි.
" මං එහෙම ලොකු විස්තරයක් දන්නේ නැහැ. එහෙම අහන්න ඊයේ පුළුවන්කමක් තිබුණෙත් නෑනේ බන් "
" හරි හරි උඹ ඕකට...
ධනුකත් නිකිනිත් එක්ව මේඝා සඳහා ලංකාවේ දක්ෂතම විශේෂඥ වෛද්‍යවරයෙකු සම්බන්ධ කරගෙන තිබුණි. එය අසා මේඝා කලබල වෙතැයි සිතුවද එසේ සිදු වූයේ නැත. සිදුවූ බොහෝ දෑ වලින් හෙම්බත් වී සිටි මේඝා සොයන්නේ සහනයක් බව නිකිනි වටහා ගත්තේ ඒ මොහොතේදීය.
" අපි හිතුවා psycatrist කෙනෙක් ගැන කිව්වම උඹ මෙතන නටන්න තියා ගනී...
" නිම්නාදගේ තැනට අපි වෙන කෙනෙක් ගන්නකන් අපිට මේ හැමදේම මැනේජ් කර ගන්න වෙනවා මේඝා "
සුරවීර මහතා කීවේ මේඝා සමඟ පැවැත්වූ සාකච්ඡාවකදීය. පෞද්ගලික ජීවිතයේ කුමක් සිදුවූ වත් නිම්නාද තම රැකියාව අකුරටම ඉටු කල බව කාටත් නොරහසකි.
" මේඝා කලින් වෙච්ච හැමදේම අමතක කරලා පරණ විදියටම වැඩ කරයි කියලා මම බලාපොරොත්තු...
මානසික වෛද්‍ය ප්‍රතිකාර ඒකකයට මේඝාව මාරු කල නිසා ඇයට දුරකථනය ළඟ තබා ගැනීමට අවසර තිබුණේ නැත. එය තිබුනේ නිකිනි ලඟය. නිම්නාදගෙන් ඇමතුම එන විට නිකිනි මේඝාව බලන්නට ගොස් ආපසු රෝහලෙන් පිට වූවා පමණි.
" අපි මේක ලේසියෙන් අතාරියි කියලා හිතන්න එපා නිම්නාද. මෙහෙමවත් සද්ද නොකර ඉන්නේ මේඝා තාමත් ඉන්නේ හොඳ...
දෑස් පියා සිටි මේඝාගේ නෙතු පියන් අතරින් කඳුළු කැට බේරී වැටුණේ අමතක කළ නොහැකි මතකය නැවත නැවතත් සිහිපත් වීමෙනි. ජීවිතයේ දුක්බරම වූ අඩියකට තමා පය ගැසූ බව මේඝාට යලි යලිත් සිතෙයි.
මේඝාව වාට්ටුවට මාරු කරන ලද්දේ දින දෙකකට පසුවය.
" උඹ සුයිසයිඩ් කරගන්න ගියා කියලා මට තාම හිතාගන්නවත් බැරුව ඉන්නෙ බං...