මේ ආත්ම භවයෙහි ජීවිතය වූ කලී සංසාර ගමනේ අතර මගක හමු වෙන එක් නවාතැන් පොළක් පමණකි. ඒ වාගේ ජීවිත නො ගිනිය හැකි ප්‍රමාණයක ජීවත් වන්නට ජීවීන්ට සිදු වේ. එනයින් සංසාරය යනු කෙතරම් බියකරු වූවක් දැයි සිතා ගත හැකි ය. මැරි මැරී උපදිමින් දුක් ම වළඳන්නට සිදු වෙතැයි සිතීම ම...
දැන් සඳයුරු සැනසුම් පාය පුරා දණ ගා යයි. ඔහු ගේ කිරි සිනහ හඬින් ද ලාලන කූජන වලින් ද සැනසුම් පාය පිරී ගොස් තිබේ. තා තා තා යයි කියමින්, කවීශ්වර ගෙදර එන වෙලාවට දණ ගාගෙන ගොස් ඔහු ගේ දෙපා බදා ගනී. එතකොට කවීශ්වර ඔහු වඩා ගෙන මුහුණත් උදරයත් පපුවත් අත්...
තවමත් වැස්ස වහියි. නමුත් දැන් එහි හඬ තුනී ය. ඒ කියන්නේ වැස්ස යම් තරමකට තුරල් වෙමින් පවතිතැයි ආරාධනා සිතුවා ය. නමුත් අව්ව ගැන වැස්ස ගැන අනාවැකි කිව නො හැකි ය. ඒ සියල්ල සොබා දහමේ පාලනය යටතේ පවතින්නා වූ බැවිනි. පෙර දා දහවල ආරම්භ වූ මේ වරුසාව, විටින් විට අඩු...
සැනසුම් පායේ බරාඳය යට ම නතර වූ රියෙන් ඔවුන් පිටතට ආවේ පුංචි පවුලක් ලෙසිනි. බිඟුනි ප්‍රීතිමත් සිලිබිලි පැටවෙකු සේ කිචි බිචි ගාමින් සිටියා ය. අද අම්මා පාසල ළඟට පැමිණීමත්, පාසලේ සිට අම්මම්මලා ගේ ගෙදර නොයා තාත්තම්මලා ගේ ගෙදර පැමිණීමත් කියන කාරණා ඇය සතුටට පත් කොට තිබිණ. යන්නේ සැනසුම් පායට...
ගෙතුළ වායු ගෝලය වඩා උණුහුම් වී ඇති හැටියක් ආරාධනා ට කාමරය තුළට දැනිණ. කලබලකාරී හා ආවේගකාරී කට හඬවල් ඇසුණේ ය. නමුත් කියවුණේ මොනවා දැයි කාමරයට පැහැදිලි ව ඇසුණේ නැත. ආරාධනා ට උනන්දුවෙන් කන් දීමේ අවශ්‍යතාවයක් දැනුණේ ද නැත. එහෙයින් ඕ යහන මත හිඳ එසේ ම සිටියා ය. ඔහේ සිටියා...
ගුවන් යානයෙහි කවුළුවක් ළඟ අසුනක හරි බරි ගැහුණ කාශ්‍යප හැකි තාක් සිය සිරුර ලිහිල් ව තබා ගන්නට හිතා ගත්තේ ය. අතීතය ගැන කිසිවක් ම නො හිතා අනාගතය වෙත ගුවන් ගත වීම ඔහු ගේ අරමුණ වී ද සිතිවිලි ඔහු ට අවනත වී යයි කිව නො හැක. විවිධ කාල හා අවස්ථා...
රාජිකා මැණිකේ රිය ළඟට ම විගසින් විත් බිඟුනි ව සිප වැළඳ ගත්තා ය. ඒ අතරේ ම ඉසිහින් ඉකි බිඳුමකට ද රහසින් වාගේ ඉඩ දුන්නා ය. ආරාධනා රියෙන් බට ඉක්බිති සඳයුරු ගේ කොපුලක් සිප, ඊළඟට ආරාධනා ගේ ගෙල බදා ගෙන හඬන්නට වූවා ය. කවීශ්වර ආරාධනා අතින් සඳයුරු ව ගත්තේ ය....
හිත දුකෙන් ආතුර වූ වෙලාවක ඔහේ කඳුළු ගලා යන්නට ඉඩ දෙන එක තරම් සැනසීමක් නැත්තේ ය. ආරාධනා කඳුළු වලට ඉඩ දී ගෙන සිටියා ය. ඒ වෙලාවට හිස තියා ගන්නට ආදරණීය උරහිසක් තිබෙනවා නම් එය වාසනාවකි. ආරාධනා මනසින් කවීශ්වර ගේ උරහිසේ හිස තියා ගෙන හැඬුවා ය. කාශ්‍යප ඒ විදිහට සමු...
ප්‍රේමය කියන්නේ හැම කල් හදවතේ පුරවා ගෙන උන් හැඟීමක් වී ද ඒ ආරාධනා ට කිසි දා නො ලැබුණ දෙයකි. පෙමින් වෙළුණ පෙම්වතුන් සේ ම අඹු සැමියන් ද ඇය ඕනෑ තරම් දැක තිබේ. ඒ වාගේ ලස්සන පෙම් කතාවක චරිතයක් වීමේ හීනයක් ඇගේ හිතේ නො වූවායි කීවොත් මුසාවකි. නමුත් එහෙම වාසනාවක්...
සඳයුරු 'තාත්තා' කියනවා වාගේ දැනී කාශ්‍යප ගේ පපුවේ පැත්තක හිරි වැටීමක් ඇති විය. ඔහු එතැන අතින් පිරිමදිමින් බැල්කනි වැටට බර වී ගෙන අහසත්, සයුරත්, එක යායට පෙනෙන කොළඹ නගරයත් දෙස බලා සිටින්නට වූයේ ය. බලා සිටියාට ඒ කිසිත් හිතේ කොතැනකවත් රඳන්නේ නැත. නෙළුම් පතක් මතට දිය වැටෙනවා සේ රූරා...