ආරාධනා සිටියේ සැනසුම් පායේ මුළුතැන් ගෙය තුළ කුඩා හතරැස් මේසය අස හිඳ ගෙන, රාජිකා මැණිකේ තනා දුන් මාමයිට් කෝප්පය අතින් අල්ලා ගෙන ය. ලුණු හා දෙහි පදමට එක් වූ දිව රස ගන්වන සුවඳ ඉන් පිට වූ සුදු දුමෙහි කැළතී තිබිණ. දෙතුන් දිනකින් ම ආරාධනා ගේ කුස පිරෙන්නට අහරක් නො...
තවමත් හරි හැටි අරුණ උදා වී නැත. කොහොමටත් මේ සූර්යාලෝකය මිහි මතට ළඟා වන්නට පමා වන කාලය යයි අහස දෙස බලමින් ගජධීර ගණන් හැදුවේ ය. ඔහු සැනසුම් පාය වටේ ම විදුලි පහන් දල්වා ලූයේ තද අඳුරට බියෙන් වාගේ ය. සැබවින් මේ කණාමැදිරි එළියටත් බය හිතෙනා කාලයකි.
අළුයම හතර වන විට...
ඝණඳුර විසින් තමන් ගිල ගනු ලබමින් සිටින්නා සේ ආරාධනා ට දැනිණ. ඉමක් කොනක් නැති කළු කුහරයක ඇය ගිලී යමින් සිටින්නා වන් බිහිසුණු හැඟීමකි එය. ජනේල වීදුරු වලින් පිටත සුදු එළියක් නො පෙනෙන්නේ සඳ බිඳක් හෝ නැති දින වල බව ආරාධනා දනී. නමුත් මන්දාලෝක රාත්‍රී විදුලි බුබුලෙන් කාමරය සැලකිය යුතු...
"මිස්ට කාශ්‍යප ට විසිටර් කෙනෙක්"
යනුවෙන් දුරකතන රිසීවරය ඔස්සේ ඇසුණ පිළිගැනීමේ නිලධාරිනිය ගේ හඬ කාශ්‍යප තුළ දෙදරීමක් ඇති කරවන ලදී. රිසීවරය දුරකතනය මත තබා අතින් නිකට පිරිමදිමින් ඔහු මොහොතක් කල්පනා කළේ ය. ඒ කම්පන තරංගය ඈතකට පා වී තුනී ව යන්නට කාලය ගන්නා බවක් පෙනෙන්නට තිබිණ. කාශ්‍යප අසුනෙන් නැගිට ගත්තේ...
"ඕකා මගෙ පුතෙක් නෙවෙයි. මීට පස්සෙ ඌ අපිට මැරිල. ඔන්න මං නොකිව්වයි කියන්න එපා මැණිකේ...මීට පස්සෙ ඌ අපේ කවුරුවත් නෙවෙයි. මේ ගෙදර එකෙක්වත් ඌගෙ නමවත් කියල තිබුණොත්... එහෙම වුණොත්...එහෙම වුණොත් දෙයියම්ප මං උන්දවත් අපිට තියන නෑකමෙං අයින් කරල දොට්ට දානව මේ ගෙදරින්"
ආරාධනා අහසින් පොළොවට වැටුණා සේ තිගැස්සී ගියා ය....