සති දෙකක් ගෙවී ගියේය. නිම්නාවී මන්දාරම්ගේ පොත් කාමරයට රිංගාගෙන පොත් කියවන්නට පුරුදුව උන්නාය. මන්දාරම්ටද ඒ බව දැනෙන්නට සාක්ෂි ඇය නොදැනුවත්වම ඉතිරි වූවත් මන්දාරම් ඒ වගක් ඇයට දැනෙන්නට හැරියේ නැත. ඒ තියා ඇය නිසා පිබිඳුණු නහර වැල් යළි අකුලා අඩපණ කර දමන්නටද ඔහු වහා උත්සුක විය. නිම්නාවී සමඟ වන කතා...
මන්දාරම් නිම්නාවීට නිවෙසට යන්නට පික් මී කැබ් රියක් දමා දුන්නේය. වෙලාව පසුව ඇති නිසා ඇයව බසයක යවන්නට ඔහුට හිත දුන්නේ නැත. ඇයද එයට එකඟව ගමන් කිරීම නිසා මන්දාරම් යම් සැහැල්ලුවක් ලැබුවේය. ඕ පික් මී රියට ගොඩ වන්නට පෙර තමා දෙස ආපසු හැරී බැලීමෙන් මන්දාරම් ඉතා කුඩා ආලෝකයක් සොයා ගත්තේය."...
මන්දාරම් නිවෙසට එන විට නිම්නාවී යන්නට සූදානම්ව උන්නාය. මන්දාරම් ඇගෙන් කිසිවක් නොවිමසාම කාමරය තුලට වැදුනේය. නිම්නාවී ඉන් පත්වූයේ කෝපයටය. මද වැස්සක් තිබියදී, ස්වර්ණා තමාට පිටත්ව යන ලෙස පවසද්දීත් සිටියේ ඔහු මුණ ගැසී යන්නය.තමාට යම් හෝ අදාලත්වයක් නැති බව සිතා අත් හල යා හැකි වුවද නැවතී උන්නේ ඔහු වෙනුවෙනි. එහෙත්...
……… අපරාදේ සෙත්, ඔයා ඉස්කෝලෙන් මාරු වෙලා ගියේ නැත්නම්, ඒ ලියුම ඔයාට ලැබෙන්න තිබුනා. එහෙම වුනා නම් ඔයා මට මොකක්ම හරි උත්තරයක් දෙන්නත් තිබුනා. ඒ උත්තරේ මොක වුනත් එහෙනම් මට දැන් සැනසීමවත් තියෙනවා.කමක් නැහැ. ආදරේ කියන්නේ විශ්වීය දෙයක් කියලා හිතන්නම්. ඔයා කොහේ හරි සන්තෝසෙන් හොඳින් ඉන්න බව ප්රාර්තනා කරන්නම්...
ඉරිදා දිනය නිම්නාවීට වෙනදා ට වඩා වෙනස් විය. ඕ සතියක රාජකාරියක් අවසන් කල බව දැනෙන්නේය. ඉරිදා නිවාඩුව දැනෙන්නේය. උදෑසන ආහාරයට සකසා තිබුනේ කිරිබත් ය. එක්වරම මන්දාරම්ගේ කිරිබත් සහ සීනි සම්බෝලය සිහි විය. නැඟුණු සිනහවට ඕ නිදහසේ ගලා වැටෙන්නට දුන්නාය. දවස පුරා මන්දාරම්ගේ ඇතැම් හැසිරීම් තම සිතට මෙතරම් නැවුම් බවක්...
නිම්නාවී හිස එසෙව්වේම නැත. මන්දාරම් මෝටර් රිය නැවැත්වූ පසු ඕ වහා ඉන් බැස ගත්තාය. රිදුම් දෙන පාදය ගැන නොසිතාම නිවෙස තුලට ගියේය. දැනෙන්නේ මන්දාරම් සීමා කඩාගෙන තමා අතික්රමණය කර ආ බවය. ඒ මදිවාට, පොත් කාමරයේ විදුලි බල්බය අසල ලියූ සටහන අල්වා දෙපැත්ත කැපෙන සේ වන වදන් කිහිපයක්ද කිව්වේය." දැල්වූවානම්...
මන්දාරම් කාමරය පිසදා වීදුරු කටු අස් කලේය. සියල්ල සිදු කර අවසන් වනතුරු නිම්නාවී උන්නේ යහන මතට වීගෙනය.
" ඔහොම ඉන්නවා ... අම්මාට කන්න දීලා එන්නම් මම ... බෙහෙත් විදලා, මැහුම් දාගෙන එන්න වෙයි ...."
මන්දාරම් නිම්නාවීට එලෙස පවසමින් කාමරයෙන් පිටතට යන්නට සූදානම් වෙද්දීම, නිම්නාවී වහා යහනෙන් බසින්නට උත්සාහ කලාය. මන්දාරම් වෙතින්...
පහලොස් වෙනි රන්දම
නිම්නාවී ට සෙනසුරාදාද පැමිනෙන මෙන් මන්දාරම් පවසා තිබුනි. නිම්නාවී ගැන එහෙමට හෝ සොයා බලන්නට ඉදිරිපත් වන පසන් උන්නේ ඉරිදා දින විදෙස්ගත වීම සඳහා සූදානම් වෙමිනි. සෙනසුරාදා ඔහුට මඟ හැරිය නොහැකි හමුවක් යෙදී තිබූ නිසා ඔහු නිම්නාවී ඇමතුවේද නැත. එනිසාම නිම්නාවී කිසිඳු ගැටලුවක් නැතිව උදෑසන පිටත් වූවාය. නිම්නාවී...
දා හතර වැනි රන්දම
මන්දාරම් නිවෙසට එනවිට හතරහමාර වී තිබුණි. නිම්නාවී ඉතා ඉක්මනින් සූදානම් වී, ස්වර්ණාටද වැඳ නිවසින් පිට වූවාය.
" ශෝක් කෙල්ල ..."
මන්දාරම් කාමරයට පැමිණි පසු ස්වර්ණා කීවේ මන්දාරම් තරහ අවුස්සවන්නටත් එක්කමය.
" දැන් අපි අවුල් ?..."
සිතූ ලෙසින්ම ඔහු ස්වර්ණා අසලින් හිඳ ගත්තේ එලෙස විමසමිනි. ඉන් පසුවද ස්වර්ණා දිනය පුරා නිම්නාවී...
දහ තුන් වැනි මල්දමනිම්නාවී උදෑසන වැඩ කටයුතු අවසන් කරගත්තාය. ස්වර්ණාව නෑවීම සිතූ තරම් අපහසු නොවූවද , ඇයට එය නුහුරු වූ නිසා වැඩි කාලයක් ගත විය. ස්වර්ණා ඒ ගැන අවධානයෙන් සිටීදැයි බිය වූ නිසාම , ඕ ඒ බව දැනගන්නට මෙන් ස්වර්ණා සමඟ කතා බස් කරමින් අවධානය බිඳ දමන්නටද උත්සාහ කලාය.උදෑසන...