හසිත් ඔහුගේ කාර්යාලය දෙසට පිය නැගුවේ කල්පනාවෙන් බර සිතින් යුතුවය. උදෑසනින්ම ආයතනයේ මිදුල අමදින සේන තමාට සුබ උදෑසනක් පැතූ බව ඔහුට සිහිපත් වූයේ පියවර කිහිපයක් ඉදිරියට ගමන් කළ පසුවය. හසිත් නතර වී හැරී බැලුවේය. සේන තමා දෙස බලා සිටින අයුරු දුටු ඔහු ආපසු හැරී ඔහු වෙත පැමිණියේය.
“ගුඩ් මෝනින් සර්.”
සේන...
අම්මා සහ තාත්තා මේවනවිටත් කෑම මේසයට හිඳගෙන සිටින අයුරු ආරාධ්‍යා දුර සිටම දුටුවාය. ඔවුන් දෙදෙනා හිස් ළං කරගෙන පහත් හඬින් කතා බහක නිරතව සිටින්නේ හෙට දින යාමට සූදානමින් සිටින ගමන පිළිබඳව යයි ඇයට සිතිණ. මුද්‍රණ යන්ත්‍රයක් ගැනීමට ආයුෂ් සමග යන ගමනට අම්මාගෙන් කිසිසේත්ම විරෝධයක් එල්ල නොවන බව ඇගේ හැසිරීම්...
ආරාධ්‍යා කුතුහලයෙන් යුතුව පියාගේ මුහුණ දෙස බලා සිටියාය. තාත්තා අසන්නට සැරසෙන කාරණාව කුමක්දැයි ඇයට අනුමානයෙන් හෝ සිතා ගත නොහැකි විය.
“ඇයි මේ බය වෙලා?”
ආරාධ්‍යාගේ මුහුණ දෙස බැලූ කවීන් සිනාසුනේය.
“නෑ තාත්තෙ... මං මේ කල්පනා කළේ...” යි ආරාධ්‍යා මුවට නැගි වදන් ගිල ගත්තාය.
“ඔයගොල්ලන්ට ප්‍රහ්නයක් වෙන දෙයක් මං කවදාවත් අහන්නෙ නෑ. ඔයා හෙට...
විහාරා, ආරාධ්‍යා පසුපස සිටගෙන සිටියේ වෙහෙසකාරී මුහුණින් යුතුවය. ආරාධ්‍යාගේ හදවත ඇවිලිණ. උදෑසන පිපුන මලක් මෙන් ප්‍රබෝධමත් මුහුණින් යුතුව නිවසින් පිටව ගිය විහාරාගේ මුහුණ දැන් දිස් වන්නේ පරව ගිය මලක් මෙනැයි ඇයට සිතිණ.
“නංගි...”
ආරාධ්‍යා, විහාරාගේ උරහිස මත අත තැබුවේ හද උපන් ශෝකයෙනි.
“මහන්සියි අක්කේ...”
විහාරා පැවසුවාය.
“කොහෙද අද ගියේ?”
“අහන්න එපා... අහන්න එපා... අහන්න එපා...”
විහාරා...
සුපුරුදු පරිදි කාර්යාලයේ කටයුතු වල යෙදුනද, හසිත්ගේ සිත තුළ වුයේ කැළඹීම් සහගත බවකි. ආරාධ්‍යා තමා මග හැර සිටින්නට හේතුව කුමක්දැයි කල්පනා කළ ද, ආසන්න වශයෙන් හෝ කිසිවක් සිතා ගත නොහැකිය. අවුරුදු නිවාඩුවෙන් පසුවම ඇය තමා විසින් දෙනු ලැබු එකදු දුරකතන ඇමතුමක් සමගවත් සම්බන්ධ නොවුවාය. එකදු කෙටි පණිවුඩයකටවත් පිළිතුරු නොඑව්වාය....
අමර් විසින් මේසය මත තබන ලද, උසාවියට ගෙන යාමට නියමිත ලිපි ගොනු සියල්ල අධ්‍යයනය කළ කවීන් අවසාන ලිපි ගොනුව ද වසා දැමුවේය. කාර්යාලයෙන් බැහැරව ගිය අමර් පැමිණ ඔහුගේ අසුන මත හිඳ ගත්තේ සිනාසෙමිනි.
“මොකද අමර්?”
කවීන් ඇසුවේ කුතුහලයෙන් යුතුවය.
“අරහෙ එකම ගිනි විජ්ජුම්බරයයි සර්. දික්කසාද නඩුවකට මොනාලි මැඩම් හම්බ වෙන්න ආව ගෑනු...
මුහුදු මාවත වෙනදා මෙන්ම පාලු යයි සිය අලුත්ම මෝටර් රථයෙන් සුහර්ෂාගේ නිවසට යමින් සිටින හසිත්ට සිතිණ. සුපුරුදු පරිදි තම නිවසෙන් උදෑසන ආහාර ද රැගෙන චෙක්පත් කිහිපයක් මුදල් කරගෙන පැමිණෙන ලෙස සුහර්ෂාගෙන් ලද නියෝගය ඔහුට දැනුනේ ආශීර්වාදයක් ලෙසිනි. හසිත් සුහර්ෂාගේ නිවසට යාමට පිටත් වූයේ සතුටිනි. පසුගිය දිනයේද ආරාධ්‍යාට දුරකතන ඇමතුමක්...
ආරාධ්‍යා, අගුලු නොදමා තිබූ විහාරාගේ කාමරයේ දොර හැරියාය. ඇගේ කාමරය එකම අවුල් ජාලයකි. අවුල්ව ගිය ඇඳ ඇතිරිලි, තැන් තැන් වල දමා තිබූ ඇඳුම්, ඇඳ පාමුල බිම දමා තිබූ රාත්‍රී ඇඳුම... මේ සියල්ල දකිද්දී හිස කැරකෙන්නාක් මෙන් ඇයට දැනිණ. තැන් තැන් වල දමා තිබූ ඇඳුම් එක්තැන් කර, ඇඳ ඇතිරිල්ල සකස්...
කවීන් සූරියබණ්ඩාර තමා ඉදිරියෙහි වාඩි වී සිටින සුහර්ෂා දෙස එක එල්ලේ බලා සිටියේය. අලුත් අවුරුද්දේ සිය ආයතනයෙහි වැඩ ආරම්භ කිරීම සඳහා පිටත්ව යාමට සුදානම් වූ ඇය සුපුරුදු පරිදි ඉන්දියන් සාරියෙන් නොව බතික් ඔසරියකින් සැරසී සිටියාය. ඇගේ හැඩැති සිරුරට ඉන්දියන් සාරියට වඩා ඔසරිය ගැලපෙතැයි ඔහුට සිතිණ.
“මොකද කවීන් මා දිහා කන්න...
සැබවින්ම ආදරය යනු කුමක්දැයි මේධානි කල්පනා කළාය. සැබෑ ආදරය සිතක් තුළ ජනිත වන්නේ එක් වරක් පමණක් නම් රෙහාන් සහ ලෝචන යන දෙදෙනාම තම සිතට එකවරම පිවිසෙන්නේ ඇයි? දෙදෙනෙකුගේ දෑත එකවර අල්ලා ගත නොහැකි වුව ද, ඔවුන් දෙදෙනාගෙන් එක් අයකු අමතක කිරීම කළ නොහැකි දෙයක් සේ මේධානිට සිතිණ. එහෙත් සමාජ සම්මතය අනුව...