අහිමි සිහින

ahimi sihina
ඒ පණිවිඩය බලලා තිබුනේ වෙන කවුරුත් නෙවෙයි!! සුධාරකගේ බිරිඳ දිල්හානි. ඇය ඒ පණිවිඩය කියවා තිබුණා.අනුරාධා කියන්නේ සුධාරකගේ පළමු බිරිඳ බව වගේම ඔහු මට බොහොම ආදරය කරන බව ඇය දන්නවා.ඉතින් ඇය කොහොමට කලබල වෙන්න ඇතිද? සැමියාගේ වෙනත් සම්බන්ධයක් අතටම අහු වුණොත් ඔබ මොකද කරන්නේ? ඔය ප්‍රශ්නයට දෙන්න තියන සාමන්‍ය පිළිතුරු දෙකක් ඔබට...
ahimi sihina
සුධාරකගේ අම්මා එදායින් පස්සේ මට නිතරම ඇමතුම් ලබා දුන්නා.මට ඇයට අමතන්න පරක්කු වුණොත් මෙන්න ඇය නෝක්කාඩුවක් එක්කම මට කතා කරනවා. "අනේ අනේ…අපිම කතා කරන්න ඕන.අම්මව මතකවත් නෑ.." මේ ගැහැනිය මාව සුධාරකගෙන් වෙන් කරන්නට ඇත්තේ මට ආදරය නිසා කියන සිතුවිල්ල මට පහළ වෙන්න ගත්තේ ඔය අතර.යුධ හමුදාවේ ඉන්න පුතා නිසා මට පීඩාවන්...
ahimi sihina
"නෑ..මට මතක නෑනෙ." ඇත්තට හෝ බොරුවට එහෙම කියලා සුදාරකගේ අම්මා මම දිහා බලාගෙන හිටියා.ඇයට සැබෑවටම මාව හඳුනා ගන්නට හැකි වේද කියලා මට ඇති වුණේ දෙගිඩියාවක්.සුදාරකගේ ජීවිතෙන් අයින් විය යුතු බව කියමින් ඇය මාව ඔහුගෙන් දික්කසාද කළා.අවුරුදු ගණනකට පස්සේ ඔහුගේ රෝගී සයනයක් ළඟ මා හමුවීම ඒ අම්මාට ඇති කළේ මොන වගේ...
ahimi sihina
මම නිතරම කියූ රෝගයන්ට ප්‍රතිකාර ගන්න සුදාරක රෝහල් ගත වුණේ ඔය අතරෙදි.ඔහු කොළඹට පැමිණිලා රෝහල් ගත වීම මට එක්තරා සතුටක් රැගෙන ආ දෙයක්.රැකියාව කරන ඈත පළාතේ රෝහල්ගත වුණා නම් මට ඔහු ගැන හොයල බලන්න ලැබෙන්නේ නැහැ.නමුත් ඔහුව බලන්න යන්න පුළුවන්.මට කළ හැකි ඇප උපස්ථාන කරන්න පුළුවන්.අනිත් කාරණාව තමයි අසනීපයකට...
ahimi sihina
නෑකම් ඇති වෙන්නේ ලේ බැඳීම් වලින් විතරක්ම නෙමෙයි.මගේ පුංචි දුවට එදායින් පස්සේ සුදාරක හැමදාමත් අප්පච්චි වුණා.ඇය ජීවිතයේ වැඩිපුරම ආදරය කරන අයගෙන් කෙනෙක් බවට සුදාරක පත්වූ හැටි මම ඉදිරියේදී කියන්නම්.පුංචි දරුවෝ ආදරය අඳුනා ගන්නේ එයාලගෙම මිම්මකින්. දුර්ග මාර්ගයක් ඔස්සේ තමන්ව ලස්සන ගමනක් ගෙනගිය කාරුණික පුද්ගලයා ඇත්තටම එයාට ගොඩක් ආදරේ කරන...
ahimi sihina
"මේ..අපි ට්‍රිප් එකක් යමුද? තරංගලා ලංකාවට ඇවිල්ලා..කොහෙහරි යං කියනවා." එක දවසක් චමල් මට එහෙම කිව්වෙ කාලෙකින් ලංකාවට ආපු ඔහුගේ මිතුරෙක් ගැන සඳහන් කරමින්.චමල්ට යාලුවෝ හිසේ කෙස් ගානට ඉන්නවා.විදේශයන්හි ජීවත්වෙන මිතුරෝ ලංකාවට ආවහම ඔහුව මුණ ගැහෙන එක සාමාන්‍යයෙන් සිද්ධ වෙන දෙයක් නිසා ඒක මට අමුත්තක් නෙමෙයි.ඔවුන් සඳහා පවත්වන සාද වලදී ඉවුම්...
ahimi sihina
දහතුන් හැවිරිදි හිරිමල් කෙල්ලක කාලයේ මම ආදරය කළ විසිපස් හැවිරිදි තරුණයාගේ පනස්වැනි උපන්දිනය උදා වුණා. අවුරුදු විසි පහක්! ඔව් අවුරුදු විසි පහක්ම මම ඔහු හිත දරාගෙන ජීවත් වෙලා.අපිට එක්ව හිඳින්නට එතරම් කාලයක් ඉඩ නොලැබුණත් මම විසි පස් වසරක්ම ඔහුට ආදරය කිරීමත් මට මහා සොම්නසක් වූ බව නොකියාම බැහැ. එදා උදෑසන සිට ඔහුට...
ahimi sihina
"මැණිකේ,මං උපන්දිනේ සමරන්නේ මගේ පවුල එක්ක.ඔයා තමයි මගේ පවුල." ඔහු එහෙම කියූ හැටි මගේ හිතින් කිසිදිනක මැකී යන්නේ නැහැ.ඔහු මා ගැන එතරම් ආදරයකින් බැලීම සහ මම ඔහුගේ සියල්ල කරගෙන හිඳීම ම මට සැනසීමට හේතුවක් වුණා. ඔබට මතකද මම කුඩා කෙල්ලක කාලයේ ලැබූ වැලන්ටයින් තෑග්ග.එදා ඒ ත්‍යාගය ඔහු මට එව්වේ මහා විශාල...
ahimi sihina
ඉතා නව යොවුන් වයසකදී ආදරය කළත් අපි ඒ ආදරය මිහිරකින් විඳින්නට ඉඩ නොලත් ආදරවන්තයන් දෙදෙනෙක්.ඒ බව ඔබටත් මතක ඇති.ගෙදරින් ඇති කළ අපමණ බාධා මධ්‍යයේ ආදරය කළ අපි සැබෑවටම ආදරයේ මිහිර විඳින්නට ගත්තේ වියපත් පෙම්වතුන්ව ආදරය කරන්නට ගත් කාලයේ කියලා මට හිතෙනවා. රාජකාරි ස්ථානය අග නුවරින් පිටත පිහිටලා තිබුණත් ඔහුට විවිධ...
ahimi sihina
ආදරය හදිසියේ ඇති වන සිතුවිල්ලක් නෙවෙයි.එය ඇති වෙන්නේ සංසාරයේ අත අත නෑර එන මිනිසුන් සමඟ.විවාහයට වඩා ආදරය බර වැඩි ඒ නිසාම කියලා මට හිතෙනවා.මම සුධාරකගේ ආදරය ප්‍රතික්ෂේප කරත් එය ඇත්තටම ප්‍රායෝගිකව කළ නොහැක්කක් කියලා මට වැටහෙන්න පටන් ගත්තා.ඔහු නිතරම මා අමතමින් කියා සිටියේ එකම වාක්‍යයක්.ඒ ඉල්ලීම ඔහුගේ හද පත්ලෙන්ම...