ආකාස මෝස්තර

පාරුල් උදයෙන් ම දිය නෑවා ය. නැවුම් ප්‍රබෝධයක් ගතට දැනිණ. කොහොමටත් සිත්හි වූයේ චමත්කාරයකි. ඊට හේතු විශ්ලේෂණය කරන්නට ඇය වෙහෙස වූයේ නැත. පිට මැදට දිග හිස කේ වල තෙත පෙරමින් ගෙවල් පෙළ පසු කොට යත්දී උමා ගේ තර්ජනය සිහි වී සිනහවක් පිපී ආවේ ය. නිසැක වශයෙන් ම ඇයට විමසන්නට...
ඒ වූ කලී අක්ෂි මායාවකි. දෙනෙත් මුලා කරනා වශීයකි. රුධිර පීඩනය ඉහළ නංවන ප්‍රාතිහාර්යයකි. පාරුල් සිටියේ ඒ සියල්ලෙන් මුළුමනින් වසඟයට පත්ව ය. තිගැස්මට ලක්ව ය. මේ රාත්‍රියේ ඔහු දැකීමේ බලාපොරොත්තුවක් ඇගේ තුන් හිතකවත් වූයේ නැත. හැන්දෑවේ අවන්හල ළඟ දී ඈ ඔහුගෙන් සමුගත්දී ගඟුල් තුළ ද මෙවන් අදහසක් නො විණි. සමහර...
චන්දුල ඇල්ලගේ ගායන තරු තරඟයේ මූලික පරීක්ෂණයට යන දා උදයේ, ලස්සන රිදී ඉරක් ලොන්ඩරිවත්ත සුදු ආලෝකයෙන් නහවමින් පායා ආවේ ය. අළුයම පිබිදුණු රිදී කිරිබතක් පිසින්නට සූදානම් වූවා ය. පාරුල් පොල් ගෙඩියක් බින්දා ය. එය හරි මැදින් දෙපලු වී ගියේ ය. පාරුල් ගේ මුව මත මඳහස් මලක් පිපිණි. "මට පොල් ටික...
"ඉස්සර ඉඳංම පාරෝ ගැන බලං හිටිය එකා මං. ඉතිං පාරෝට වටින්නෑ මට පිටුපාල දොස්තර මහත්තයෙක්ව බඳින්න කැමති වෙන්න. මං දොස්තර කෙනෙක් නෙවෙයි තමයි. ඒ වුණාට දේව්දාස් පාරොට ආදරේ කරපු තරංම මාත් පාරොට ආදරේ කළා. ඒ ආදරේ ළඟදි ඔය දොස්තරල කැලේ හරිද රාජා. කියල දීපං උඹේ නංගිට" බිම පෙරළී තිබූ ශාරුක්...
පාරුල් දෙව්රූ ඇල්ලගේ හිතේ රහසක් තියාගෙන එදා පසන් ගෙන් සමුගත්තා ය. ඔහු ඇයට නීති මාලාවක් පනවා තිබේ. ඔහු ට දැනුම් දී මිස සායනික පුහුණුවීම් ඇති දින වල රෝහලේ සිට වෛද්‍ය පීඨය වෙත නො යා යුතු බව ද එක් නීතියකි. එහෙම නීති දමත්දී පාරුල් ට හිත් වෙහෙසක් දැනේ. නිදහස සීමා...
චන්දුල වතුර ටැංකියෙන් බැස දිවා ආහාරයට ගෙදර පැමිණෙන තුරු උමා බලා සිටියා ය. ඔහු කෝවිල ළඟින් ගෙවල් පේළිය දෙසට හැරෙත්දී සැඟවී බලා සිටි ඕ මගට වූවා ය. “රාජයිය එනකල් මං බලං හිටියෙ” චන්දුල ඇගේ කෝළ මූණ මගහැර ඉවත බැලුවේ ය. “ඔච්චර නපුරු වෙන්නෙපා අප්ප” ඒ හඬෙහි බැගෑපත් බවක් රැඳී තිබිණ. චන්දුල ගේ සිත...
ගඟුල් සිටියේ මින් පෙර කවදාවත් නොවූ විරූ ප්‍රීතිමත් බවකිනි. උද්‍යෝගයකිනි. මැතිවරණ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් කාර්ය බහුල වූයේ ද අවංක චේතනාවෙනි. බලයට පත් නොවී ඔහු ගේ ඉලක්ක වලට යා නො හැකි බව ද සිහින සැබෑ කරගත නො හැකි බව ද හේ දැන සිටියේ ය. පාරුල් දෙව්රූ ඇල්ලගේ ඔහු ට ඉලක්ක...
පසන් ඉරුගල්බණ්ඩාර සිය පෙම්වතිය හා අනාගත සහකාරිය දෙව්රූ ඇල්ලගේ බව සහතික කොට ගත්තේ ය. ඊට පස්සේ ඔහු හැසිරුණේත් ඇය පිළිබඳව එහෙව් අයිතිවාසිකමක් දනවමිනි. නමුත් පාරුල් තව දුරටත් පසු වූයේ එකී තීරණය ගැන අවිනිශ්චිත භාවයක ය. සැබවින් පසන් සිය පෙම්වතා කියන්නේ ඇයි දැයි ඇය ම නො දැන සිටියා ය. නමුත්...
ගඟුල් විජයවීර ගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු කැපී පෙනුණේ ය. ඒ ඔහු වෙනත් ඡන්ද අපේක්ෂකයන් සේ නොව හදවතින් ම ඔහු ගේ කාර්යය කරන්නට පේ වූ නිසා ය. විශේෂයෙන් ම තදාසන්න පෙදෙස්හි අඩු ආදායම් හා අඩු පහසුකම් ලාභී සාක්ෂරතාවයෙන් අඩු ප්‍රජාව කෙරේ ඔහු ගේ වැඩි අවධානය යොමු වීම ඊට හේතුව වන්නට...
සිසිර ඇල්ලගේ ත්‍රීරෝද රථය තුළට වී කල්පනාවක ගිලී සිටියේ ය. කකුලක් අසුන මතට ගෙන, අතක් ඒ මත දිගු කරගෙන, අසුනට බර වී හිස ඇලවෙන්නට හැර, අතීතය නම් පොකුණේ කිමිදෙන අතරේ ඇතැම් තැන් වල දී ඔහු ට රිදිණ. ඇතැම් විට පපුව හිර විණි. ඔහු ගේ මුහුණ තනිකර ශෝක කලාපයක් වූයේ...