මල්වර මල් සර

තාත්තා ගෘහ මූලිකයා වූවාට ඔහු වැඩ කරන්නේ අම්මා ගේ කැමැත්තට මුල් තැන දී වග දුල්නෙත් හොඳින් දනී. ඒ තාත්තා අම්මා කෙරේ වන බියක් නිසා නො වන වග ද ඔහු මැනවින් දනී. ඔවුන් දෙදෙනා අතරේ වන්නේ ගෞරවයකි. එය එකිනෙකාට දෙවැනි නො වන්නකි. අම්මා කැමති ඕනෑ ම දේකට තාත්තා එකඟ වී...
කුඩා එල් හැඩැති බරාඳයෙහි දුල්නෙත් ඔබ මොබ සක්මන් කරමින් සිටියේ ය. ඒ තරම් විශාල නොවූ කුඩා නිවසක් වී ද එය සැනසුමෙන් පිරි ගෙදරකි. ඔවුන් ළමා වියෙහි පටන් ම ඒ සැනසීම හා ශාන්තිදායක බව එහි වූයේ ය. ගෙදරක ගෘහණිය අනලස් හා උද්‍යෝගීමත් වූ විට ගෙදරක් සැනසිලි සුව දෙන තැනක් කර...
වස්සනාන ඍතුවේ දී අග නුවර මන්දාරම් නුවර වාගේ වෙන දවස් තිබේ. හිමිදිරි පෙදෙස වාගේ වෙන දවස් තියේ. ඒ වගේ දවස් වලට අයානා කුඩා කල පටන් ම රිසි වූවා ය. වැස්සේ තෙමෙමින් මිදුලේ නැටූ ළමා වියක් ඇයට තිබේ. මතු මහලේ සඳැල්ලක සිට වැස්ස දුක් ගීතයක් ගයමින් කඩා වැටෙනයුරු බලා සිටි...
අසීරු දුෂ්කර කාල ජීවිත කරා උදා විය හැකි බව අයානා දැන සිටියා ය. දරුණු කුණාටු ජීවිත මැද්දෙන් හමා යා හැක. වියළි කටුක ගිම්හාන වුව එළඹෙන්නට නියමිත වනු ඇත. නමුත් ඒ සියල්ලට පස්සේ හෝ වසන්තය පැමිණෙන්නේ ය. අයානා ජයසුන්දර කාලයක් තිස්සේ ජීවිතය ගැන සිතුවේ එසේ ය. ඇගේ ජීවිතය හරහා හමා ගිය...
අයානා හෙමිහිට අසුනෙන් නැගිට ගත්තා ය. මුළුතැන්ගෙයි සින්ක් එක ළඟට ගොස් අත සෝදන ගමන් "කියන්න" කියා කීවා ය. විදුර හිටියේ මහ කළුවරේ මහ මග රිය නතර කර ගෙන ය. හැඟීම් සමග ඔට්ටු වෙමින් පැරදී මධු විතෙන් සිහි මඳ කර ගන්නට ගිය ඔහුට, මධුවිත නිසා පරණ මතක තව තවත් අලුත් කර...
චාරිත්‍රානුකූල විවාහ උත්සවයට පෙර දා රාත්‍රී භෝජනය සඳහා මනාලිය ගේ නිවසට යහළු මනාලයන් ද සමග යාම සම්ප්‍රදායික විවාහ චාරිත්‍රයකි. එම භෝජන සංග්‍රහය සඳහා ජයසුන්දර නිවසට පැමිණීමේ දී මතක සටහනක් ලෙස අයානා අත පළඳන්නට විදුර කල් ඇතිව ම අත් පළඳනාවක් රනින් සැකසෙව්වේ ය. එහි අයානා ගේ හා ඔහු ගේ මුල්...
හැන්දෑවේ මන්දාරම් ව තිබි අහස අඳුරත් එක්ක දිය වෙන්නට පටන් ගත්තේ ය. ප්‍රියන්ති අලගියවන්න ගේ හදවත වඩ වඩාත් බර කරන්නට ඒ වැස්ස අලගු තැබුවේ ය. කිසි ම වෙනසක් නෑ වාගේ පෙන්වන්නට ඇය උත්සාහ කළා ය. වෙනදාට වඩා සරුසාර රෑ කෑම වේලක් පිළියෙල කළා ය. මෙතෙක් දුල්නෙත් ගේ ජීවිතයේ වැදගත්...
ඒ හැන්දෑවේ රෝහණ ජයසුන්දර සෝරත මාවත ට මුහුණ ලෑ බැල්කනි කොටසෙහි හිඳ පාර බලා සිටියේ ය. ඒ බැල්කනිය එක ගැහැනියක ගේ දෑතින් මල් උයනක් බවට පත් ව ඇත්තේ ය. ඔවුන් ගේ මුළු පවුල ම මල් උයනක් බවට පත් වන්නට ඇගේ දිරිය හිත හේතු වාසනා වූ බව ආපසු හැරී බලත්දී...
ඒ වෙලාවේ මංජරී දුල්නෙත් ව දුටුවේ විදුර ගේ ඇස් වලට තත්පරයෙන් සීයෙන් කොටසකට පමණ පස්සේ ය. ඒත් එක්ක ම දුටු අයානා ගේ සිනහ වෙන සැහැල්ලු සුන්දර මුහුණ, මංජරී ගේ සිරුරේ රුධිර ධාතුව රත් කරන්නට සමත් විය. ඊර්ෂ්‍යාවේ ගිනියම් කිරණයක් ඇසිල්ලකින් ඇගේ සිරුර පුරා ම විහිද ගියේ ය. විදුර ගේ...
දුරස්ථ පාලකයෙන් රෝලර් ඩෝ එක විවර කරන ගමන් අයානා දුම් කබල මිදුලේ පසෙක තැබුවා ය. පෙර දා රාත්‍රියේ වට වැස්ස නිසා හාත්පස නැවුම් වී ඇති බවක් ඇය ට දැනිණ. ටික දවසකට පෙර තාප්පය අයින දිගේ ඉස ගෙන ගිය සීනියාස් ඇට පැළ වී, දැන් පොහොට්ටු මතු වී තිබේ. ඊයේ වැස්සට...