මා හද මට නැතිවිට

තේජ ගලප්පත්ති කාමරයේ මන්දාලෝක විදුලි බුබුළ ක්‍රියාත්මක කළේ ය. ඉනික්බිතිව කරන්නට තවත් වැඩක් තිබේ. ඔහු ඒ නින්දට සුදුසු සෞම්‍ය සංගීත ඛණ්ඩයක් වාදනයට ඉඩ හැරීම ය. පිජාමාවෙන් සැරසී හිඳින ලියෝන් හොඳටෝම නිදි ය. රෑ නවය කියන්නේ කුඩා බබෙකුට නිදා ගන්නට හොඳම වෙලාව වග ඔහුට මතක් කළේ ද තේජ ය.නැතිනම් ලියෝන්ට...