මා හද මට නැතිවිට

රෑ අහස තාරකා එළි දසදහසක දීප්තියකින් බබළමින් තිබිණ.සඳ නැති අඩුව නොදැනෙන්නේ ඒ හන්දා ය.තේජගේ නිවසේ එකම විදුලි බුබුලක්වත් නොදැල්වේ. ඒ හන්දා දැනෙන හැඟීමට "හද්දා පාළුව" යැයි නමක් දෙන්නට ලාවන්‍යාට සිතේ. අද ඇගේ නිවාඩු දවස ය. අඩුම තරමේ රාත්‍රී ගුවන්විදුලි වැඩසටහන ඇති දවසවත් වූවානම් ඔහු නොමැති වීම මේ තරමට හිත...
වසන්තයක් නොදැක ශුෂ්ක කාන්තාර බිමක ඔහේ වියළෙමින් හුන් කුඩා මල් පැළයක් වස්සානයේ මිහිරියාව විඳිමින් මල් පුබුදන්නට පටන් ගත්තා ය.මහ ගසක් වැනි ගැහැනියක වන්නට කුඩා පැලයක් වී මල් පුබුදවමින් වසන්තයේ ප්‍රේමණීය බව විඳ ගත යුතු බව ලාවන්‍යා වටහා ගන්නට පටන් ගත්තා ය. විසිතුන් හැවිරිදි කාලයේ සිට ජීවිතය අත් මිටෙන් ගිලිහී...
අපි ඔය භවන්ත කාරයා ලාවිගෙන් අයින්ම කරපු එකේ එයාට ටික කාලයක් නිදහසේ ඉන්න දුන්නොත් හොඳ නැද්ද?ඔය හිතේ තුවාල එක්ක එයා ආයේ අලුත් රිලේෂන්ශිප් එකක් පටන් ගත්තොත් ඒක තේජට නෙවේ එයාට ළං වෙන කාට උනත් වේදනාවක්..” පාරමී පැවසුවේ ඇය බොහෝ වෙලාවක් සිතමින් සිටි දෙයකි.භවන්ත නිසා පෑරුණු හිතකින් පසුවන ලාවන්‍යා අතින් වෙනත්...
වෘත්තිමය කටයුතු සම්බන්ධයෙන් තේජ දක්වන සුහුරුබව ලාවන්‍යාගේ සිත තදින්ම පැහැර ගන්නට සමත් විය. ඔහු සතුව අණ දීම් නැත. යෝජනා පමණක් ඇත. සියළුම වැඩසටහන් සැලසුම් කරන්නට ලාවන්‍යාට සම්පූර්ණ නිදහස දෙන්නට ඔහු තීරණයකට පැමිණියේ ය. ලාවන්‍යාට දැනුණේ සතුටකි. ප්‍රතාපසිංහ මහත්මිය මේ සම්බන්ධයෙන් හොඳ මුදලක් ගෙවන්නට එකඟ වී තිබේ. ඒ හැරෙන්නට අනුත්තරාගේ...
"අපේ වසුන්දරා මැණිකෙ එනකම් ඔහොම ඉඳගෙන හිටපං" අනුත්තරාගෙන් එහෙම අණ ලැබුණේ ලාවන්‍යා ඇගේ කාර්යාලයට ගිය මොහොතේ ය. වසුන්දරා ප්‍රතාපසිංහ මහත්මිය අතින් ලෝක ළමා දිනය සම්බන්ධ වැඩසටහන් ප්‍රතික්ෂේප වී යන්නේ නම් අපූරු බව අනුත්තරාට සිතෙයි. ඒ ඇයිදැයි අපහැදිලි වුවත් ඇයට එහෙම සිතෙන්නට පටන් ගෙන තිබේ. "මට එන්න කිව්වේ තේජ." ලාවන්‍යා මිතුරියට එරෙහි වූවා...
"ළමා දිනේට කරන ප්‍රෝග්‍රෑම්ස් කරන්න උඹලගෙ ඔෆිස් එකෙන් මාව ඉල්ලලා අන්න. ඔයා මිසිස් ප්‍රතාපසිංහට මාව රෙකමන්ඩ් කරාද?" ලාවන්‍යා ඊළඟ දවසේ දහවල් අනුත්තරා ඇමතූයේ එහෙම කතාවක් වෙනුවෙනි. අනුත්තරා උඩ ගොස් බිම වැටුණා ය. "ළමා දිනේ? ළමා දිනේට හරියන්නෙ අර සචිනියි මාධවයිනෙ. උඹ වගේ විශ්ව සාහිත්‍යමය කතා කියන මනුස්සයෙක් ඒකට හරි යන්නෑනෙ. මැඩම්ට...
කාලය ගලන්නේ රිදුණු බිඳුණු තැන් පිළිසකර කරවමිනි.සහමුලින්ම හිත හදා ගන්නට අසීරු වුණත් මේ කාලය හිත හදා ගන්නට ඕනෑම කාලයක් බව ලාවන්‍යා තේරුම් ගනිමින් සිටියා ය.භවන්තට සමු දෙන්නට හිත හදා ගත්ත ද ඔහු වෙනත් ප්‍රේමයක හිඳීම ගැන හිත රිද්දා ගත් ඇය හිත හදා ගත්තේ ඔහුගේ නව දිවිය ගැන සිතීමෙනි.ඔහු දැන්...
"ඩිවෝස් උනාම ගෑනියෙක්ගෙ වටිනාකම අඩු වෙනව කියල හිතන්නෙ කොහොමද මෝඩස්? දුස්ට මිනිහෙක් ජීවිතෙන් එලෝලා දාන්න හයියක් තියන ගෑනියෙක්ගෙ වටිනාකම අඩු වෙන සමීකරණෙ හැදුවෙ කවුද? විකාර කියවන්න එපා." ලාවන්‍යා ඒ බැනුම අසා ගත්තේ සෙනුරිගෙනි.ඒ දුරකථන ඇමතුමකදී රූපලාවණ්‍යගාරයකට යන්නට කළ ඇරයුම ප්‍රතික්ෂේප කළ හන්දා ය. එහෙත් ලාවන්‍යාට එහෙම ගමන් යන්නට දැන් ඇත්තටම...
"සෑහෙන්නම හිත කැඩිලා ඉන්න කෙනෙක්ට ආපහු ආදරේ කරන්න,කසාද බඳින්න කියලා බල කරන්න නරකයි.කෙනෙකුට ආයේ ගොඩ නැගෙන්න කාලයක් දෙන්න ඕන.ඒකට සමහරුන්ට යන්නේ හරිම පොඩි කාලයක්.සමහරුන්ට සෑහෙන කාලයක් යනවා.ඒ කොහොම වුණත් ඒ කාලේ ගන්න ඒ කෙනාට ඉඩ දෙන්නෝන.” අනුත්තරා මිතුරියන්ව ගිවිස්වා ගත්තේ දින කිහිපයකට පසුව ය. එහෙම පණිවිඩයක් ලියන අතර ඈ ඇය...
"බලපං තේජ බැල්කනි එකෙන් එබිලා බලනවද කියලා." අනුත්තරා මිතුරියගේ කාමරයේ ජනේලය හැර දැමුවේ එසේ කියන අතර ය. සෙනුරි වහා ජනේලයෙන් එබී බැලුවා ය. නිර්වාන් උෂාන්ගේ මිතුරෙකු හන්දා ලාවන්‍යා නිර්වාන්ට අයිති වීම සතුටකි. නමුත් වැඩියෙන්ම වටින්නේ ලාවන්‍යා සතුටින් සිටීම බව ඇය විශ්වාස කරන්නී ය. "ඒ මනුස්සයා මෙහෙට එබෙනවානම් ඒ උඹ ඉන්න හින්දා...