මා හද මට නැතිවිට

ලාවන්‍යා දෑස් හැරියේ ඉන්ද්‍රා ආන්ටිගේ කියවිල්ලේ සැරට ය. ඇයට කැමිලා පාකර්ගේ තොප්පියේ ඇදය ද මීනා කුමාරිගේ කොණ්ඩයේ සරුසාර බව ද අලුත් නිළියකගේ ගවුමේ කොට ද කාංචනා අනුරාධිගේ හුරතල්කම ද එකතු කර සලාද හදන්නට හැකියාව තිබේ. ඒ සේරෝම අගමුල නැතුව අසා හිඳින්නට වෙද්දී අම්මාගේ ඔළුව කැරකවිල්ල හැදෙන බව ඇය දනියි....
නවීන් පැවසූ කතාව අසා සිටි තේජ අතීතයේ ඇවිද යන්නට පටන් ගත්තා ය. වලව්කාරියක වීම හන්දා අම්මාට තේජගෙන් ඕනෑ වූයේ ද රමාලිගේ වර්ගයේ ලේලියකි. මල්ලි කුලය බලා ප්‍රේමවන්තියක තෝරා නොගත් බවත් එකම පළාතේ හන්දා ඒවා ඉබේ ගැළපී තිබූ බවත් දන්නේ තේජ ය. කාගෙත් හිත දිනාගන්නට සමත් ගතිගුණ ද රූපයක් ද...
"මිසිස් ප්‍රතාපසිංහ පුදුම තරම් සතුටකින් ඉන්නේ" ඒ කොටස රැකියාවට අයත් නැතත් අනුත්තරා තේජට පැවසුවේ හිනැහෙමිනි. "දරුවන්ට ආදරෙන්" වැඩසටහන් මාලාව සමාජ ජාලා කළඹවන්නට පටන් ගෙන තිබූ අතර ඒ හන්දා ආයතනයට දැඩි ජනප්‍රිය බවක් ලැබෙමින් තිබිණ. දරුවන්ට හඬක් නැති තැනක හඬ නැඟිය යුත්තේ වැඩිහිටියන් බවට ලාවන්‍යා ප්‍රචලිත කළ මතය අත්තටු ලබා පියඹා...
"අම්ම කෙනෙක්ගෙ හිතක් රිද්දලා දිනාගන්න කිසිම දේක වටිනාකමක් නෑ වගේ හිතෙනවනම් දැන්මම ඔය ළමයා ගැන හිතන එක නවත්තන්න මල්ලි. එයා වේදනා වින්ද කෙනෙක්. ඔයාගේ ආදරේ ගැන එයාට කියලා එයාගේ ආදරේ ලබාගෙන ඊටපස්සෙ අත් අරින්න නම් එපා." අම්මා මේ සම්බන්ධය තරයේ ප්‍රතික්ෂේප කිරීමේ පැහැදිලි සත්‍යය ගැන සිතමින් නිර්වාන්ට අක්කා එසේ පැවසුවා...
ප්‍රේමය මහා අඳුරක සඳ  එළියක්ව දැල්වෙන අන්දම නිර්වාන්ට දැනෙන්නට පටන් ගෙන තිබිණ. රුවන්දී සමඟ බැඳීමක් මිස ප්‍රේමයක් නොවූ බව ඔහුට වැටහෙන්නේ දැන් ය.ආදරයක් නුවුමනා වූවාද නැතිනම් ඇය සමඟ ජීවත් වෙන්නට තමන් හිත හදා ගත්තාදැයි නොවැටහෙන විට නිර්වාන්ට මහත් සාංකාවක් ද තනිකමක් දැනේ. ඔවුන් මොකක්දෝ බැඳීමක් පවත්වාගෙන ගොස් එය අවසන්...
ලාවන්‍යා වැඩසටහනෙහි ගීත කිහිපයක් තෝරමින් අඩ හෝරාවක් පමණ ගෙවා දැම්මා ය. තේජ රැකියාව නිම කර නිවසට යන්නට සූදානම් මේ වෙලාවට ය. ඇයට එය හොඳින් විශ්වාස ය. ඈ කසුන් කල්හාරගේ "මටත් කවියක් ලියන්න" ගීතය තෝරන්නට සිතුවා ය. ගීතය වාදනය වෙන්නට පෙර තෝරා ගත් විශේෂ යමක් තිබේ. ඇගේ ප්‍රේමණීය හඬ අවදි...
රමාලි හදවත මැද අත් හළ බෝම්බය පිපිරී හෘත් කුටීරවලින් ලේ ගලා යන්නට තේජ ඉඩ හැරියේ ය. නමුත් ඔහුට ඒ හදවත සිදුරු වී ගිය දවස සිහිපත් විණ. “මට ඇත්තටම මෙන්න මේ ප්‍රශ්නෙට උත්තර දෙනවද?” බොහෝ ඉවසීමකින් යුතුව ඔහු කෞෂිගෙන් එදා එසේ ඇසුවේ  ඉවසීමෙනි. ඒ ඔහු සතුව කිසිම ඉවසීමක් ඉතිරිව නැතැයි සිතුණු මොහොතක...
“අපි ප්‍රශ්නෙක ඉන්නවනම් ඒ ප්‍රශ්නෙ ඇත්ත ගැන නොකියා අපිට ඒකට විසඳුමක් හොයන්න බෑ.ගොඩක් වෙලාවට අපි කරන්නෙ යාලුවෙක්ට වුණත් ඒ ප්‍රශ්නෙ කෑලි කඩලා අපි කැමති කොටස් කියන එක.එතකොට වෙන්නේ තියෙන දේවල් තවත් අලුත් වෙන එක.මේ වෙලා තියෙන්නෙත් එහෙම දෙයක්.” රමාලි එසේ කියන්නේ ලොකු මස්සිනාට සිනාවක් තිළිණ කරමිනි. ඔහුට යුවතියක ප්‍රේමයෙන් බව...
“මේ කතාව ඔයාට කියන්න ඕන එකක්ද දැන්ම කියන එක හරිද  කියලා මම දන්නේ නෑ.ඒත් මේක නොකියා ඉඳීම නිසා ඔයාලගේ ජීවිත වලට වෙන්නේ වැරැද්දක් කියලා මම හිතනවා.සමහරවිට ඔයාට තේරෙනවා ඇති.සමහරවිට ඔයා නොතේරෙනවා වගේ ඉන්නවත් ඇති.මම මේ කතාව කියන්නේ ඔයා මේ ගැන කිසිම දෙයක් නොදන්නවා කියලා හිතාගෙන" අනුත්තරා තේජ ඉදිරිපිට අසුන්ගෙන එසේ...
අනුත්තරා කිසිවක්ම නොලීවා ය. ඇය ඒ වෙනුවට කළේ ලාවන්‍යාට වීඩියෝ ඇමතුමක් ගැනීම ය. අනුත්තරා මේ අමතන්නේ තේජ ගැන වැඩිදුර කතා කරන්නට වග සිතෙද්දී ලාවන්‍යාට ඇති වූයේ පුදුමාකාර ප්‍රීතියකි. ඇය ඇමතුම හා සම්බන්ධ වූයේම ඒ තුටුපහටු හැඟීමෙනි. මොකක්ද කියන්නේ?” අනුත්තරා තරමක් තද හඬකින් විමසී ය.ලාවන්‍යා සිටියේ හිතුවක්කාර බැල්මක් නෙතු අතර තබාගෙන ය.ඒ...