මා හද මට නැති විට – 16

“ළමා දිනේට කරන ප්‍රෝග්‍රෑම්ස් කරන්න උඹලගෙ ඔෆිස් එකෙන් මාව ඉල්ලලා අන්න. ඔයා මිසිස් ප්‍රතාපසිංහට මාව රෙකමන්ඩ් කරාද?”

ලාවන්‍යා ඊළඟ දවසේ දහවල් අනුත්තරා ඇමතූයේ එහෙම කතාවක් වෙනුවෙනි. අනුත්තරා උඩ ගොස් බිම වැටුණා ය.

“ළමා දිනේ? ළමා දිනේට හරියන්නෙ අර සචිනියි මාධවයිනෙ. උඹ වගේ විශ්ව සාහිත්‍යමය කතා කියන මනුස්සයෙක් ඒකට හරි යන්නෑනෙ. මැඩම්ට පිස්සුද?”

අනුත්තරා ගත් කටටම ඇසුවා ය. මේ සැලකිය යුතු මුදලක් ලැබෙන අවස්ථාවක් වග ඇත්තකි. නමුත් මේ ලාවන්‍යාගේ සීමාවේ නැති වැඩසටහනි. නොගැළපෙන දෑ කරන්නට යාම වෘත්තීය ජීවිතය සම්පූර්ණයෙන් ම කනපිට හරවන්නට සමත් දෙයකි. ලාවන්‍යා මොනවා සම්බන්ධයෙන් අවදානමක් ගත්තත් වෘත්තිය ජීවිතය අවදානමට ලක් කර ගත යුතු නොවේ.

“මමත් ඕක මිස්ට සෞම්‍යගෙන් අහන්න ඕන කියලා භාතියට කිව්වා. මොකද ළමයි වට කරන් හුරතල් කතා කියන්න මට සෙට් වෙන එකක් නෑ. ලැබෙන පේමන්ට් එක අමතකම කරලා මං ඒ වැඩේ අපේ චැනල් එකේ උමීට දෙන්න භාතියට යෝජනා කරත් එක්ක.”

ලාවන්‍යා කියන්නට වූවා ය. නමුත් ඇයට ඇත්තේ වෙනත් වැඩසටහන් මාලාවකි. දරුවන් සම්බන්ධ දැනුවත් කිරීම් වැඩසටහන් කිහිපයක් ගැන ලාවන්‍යා කියනතුරු අනුත්තරා දැන සිටියේ ද නැත. වසුන්දරා ප්‍රතාපසිංහ මහත්මියගේ “විසි කරන්නට පවා හැකි සල්ලි” ලාවන්‍යාට ලැබීමේ ගැටළුවක් නැත. නමුත් ඇය මේ සිදු වන දේවල් දැන සිටිය යුතු වේ.

“එහෙම ඉන්ටර්විව් නම් කරන්න මේ ලංකාවේ ඉන්න හොඳම මනුස්සයා ඔයා තමයි. ඉන්නවකො. දෙන්න පුලුවන් හොඳම බජට් එක ඇපෲ කරවන්න ට්‍රයි කරන්නම් මම.”

අනුත්තරා පැවසුවේ සතුටිනි. ලාවන්‍යාට ඒ වැඩසටහනට තෝරා පත් වීම ගැන ඇය සතුටු වන්නේ ලාවන්‍යාගේ අතමිට සරුවීමත් ඇයට නව අවස්ථා ලැබීමත් හන්දා ය. නමුත් ලාවන්‍යා මේ කටයුත්තට සම්බන්ධ කර ගැනීමට හැකි වීම ගැන තවත් අයෙකු ඒ තරමටම සතුටු වන බව අනුත්තරා දැන සිටියේ නැත.

සුළඟේ ගීතය සහ රිදී තරු වියන” පොත් මගේ අතට ආවේ පහළොස් හැවිරිදි කෙල්ලක කාලයේ ය. ගිල්බර්ට් බ්ලයිත් කෙරෙහි ඇති වී තිබූ ප්‍රේමය ඈන් ෂර්ලිටම පවරා රේමන්ඩ් බ්‍රෑඩ්ලිට ආදරය කරන්නට තිබුණේ එකමෙක හේතුවක් විතරයි.

මං ඔයා ලියපු හැම කතාවක්ම කියවන්න වෙලාව හොයා ගන්නවා.”

රේමන්ඩ් එහෙම කියනව ඉතින් ජෙනිෆර්ට මල් ඕවිල්ලක් මැදින් ඇවිද යන්නාක් මෙන් දැනීම පුදුමයක් ද? සුළඟ රිදී පාට බව සිතීම පුදුමයක් ද?

ජෙනිෆර්, 

සමහර මොහොතකදී සුළඟ කොළපාටවත් රිදී පාටවත් වෙන්නට ඕනෑ ද නෑ.ප්‍රේමයේ පැහැය තැවරුණු සුළඟ හමා යනවා.මල් ඕවිල්ලක මතකයෙන් ඇස් වැසෙනවා.ජෙනිෆර්ට නොලියන්නට හේතු නැති බව දැන් හොඳින් වැටහෙනවා. ඒ ඇයි දන්නවද? මට කතා කරන්න ඕනෑවටත් වඩා හේතු තියන නිසා.”

එදා රාත්‍රියේ “සිත් අහස” වෙනුවෙන් ලාවන්‍යා එහෙම කියන අන්දම තේජ අසා සිටියේ ය. ළමා දිනය වෙනුවෙන් වැඩසටහන් මාලාවක් කරන්නට ඇය අවශ්‍ය බව නාලිකාවට දැනුම් දී තේජ ඇය මුණ ගැසෙන්නට ආ මොහොත ලාවන්‍යාට පුදුම සහගත එකකි. ඒ බව මිතුරියන් තිදෙනාටම නොකියා හංගා ගන්නට ඇයට ඕනෑ විය.

“මං ඔයාගේ වොයිස් එක ගැන දැන ගත්තේ අහම්බෙන්. මේ වැඩේට ගැළපෙනම මනුස්සයා ඔයා කියල මට තේරුණේ ඒ වෙලාවේ.”

තේජ එහෙම කියද්දී ලාවන්‍යා භාතියගේ මුහුණ දෙස බැලුවේ ප්‍රීතියෙනි. වැඩසටහන් ප්‍රධානියා වූ භාතිය ඔහුගේ කොණ්ඩය නැවත බැඳගන්නා අතර ලාවන්‍යා දෙස බලා හිනැහිණ. මේ ප්‍රේමය අත හැරුණු ගැහැනියකි. ඇය තමන්ගේ ඇස් කියවා නොගන්නේ භාතිය ප්‍රේමය ගැන දක්වන සිල්ලර ආකල්පය නිසා බව භාතිය දනියි. නමුත් මෙවැනි මොහොතක ලකුණු රැස් නොකරන හිඳින්නට ද භාතියට අසීරු ය.

“මං මේකට ඔයා හොඳයි කියලා තේජට රෙකමන්ඩ් කරා. මොකද එයාට චොයිස් කීපයක් තිබුණා.”

භාතිය එහෙම කියද්දී ලාවන්‍යා කට කොනකින් හිනැහුණා ය. තෝරාගැනීම් බොහෝ ඇත්තේ ඔහුට ය. තේජට මේ මොහොතේ ඇත්තේ එකම එක තෝරා ගැනීමක් බව හිතන්නට ඇය කැමති ය.

“මං ඔයා මගේ නේබර් බව හිතලම නොකියා හිටියා.”

භාතියගෙන් සමුගෙන යන්නට පෙර තේජ ඒ කතාව ලාවන්‍යාට පැවසී ය. එහෙම කතාවක් පැවසුවානම් භාතිය එතැනින් එහා නිර්මාණය කරන අප්‍රසන්න කතා ලාවන්‍යාට සිතා ගන්නට හැකි ය.

“මේ වැඩේ ටැලන්ට් එක තියෙන්නෙ ඔයාට නිසයි මම මේකට ඔයාව සජෙස් කරේ.ඇත්තටම අපේ පර්සනල් යාළුකම් ගැන මම හිතුවේ නෑ.”

එහෙම පෞද්ගලික යාළුකමක් ඇත්තේ කොහේදැයි ලාවන්‍යා ඒ මොහොතේ ද සිතුවා ය. ඉස්සරහ ගෙදර මනුස්සයා වීම මිසක තේජ ගැන ඇය දන්නා දෙයක් නැත. සුබ උදෑසනක් සහ සුබ රාත්‍රියක් පැතීම මිසක තේජ ඇය හා ඇති භජනයක් ද නැත.

ප්‍රේමයෙන් උමතු වී හිඳින්නී ඇය ය.

(දිගම දිග කොටසකින් හෙට මුණ ගැහෙමු)

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles