මා හද තුළ ඔබ

වැස්ස නවතින පාටක් නැත. නිරිත දිග මෝසම සක්‍රිය වූ ගමන් මැයි මාසයේ වැසි වැටෙන්නේ එහෙම ය. පැල් බැඳගෙන එක දිගට ය. ආත්මය ම ගිනි ගොඩක දවා ලූ ඒ දර්ශනය නෙතු මත පතිත වීමෙන් පස්සේ ඩිලන් රණසිංහ මේ හිස් කරන්නේ කී වෙනි විස්කි විදුරුව දැයි ඔහු ම නො දනී. නමුත්...
ශනිදාව නිසොල්මන් ය. පෙර දා රාත්‍රියේ පටන් විටින් විට ඇද හැළුණ වැස්ස උදේ සිට මුරුගසං වැස්සක් බවට පත් ව තිබේ. කැෆේ එකේ වැඩ කරන ගෑනු ළමයා නිවාඩුවක් ඉල්ලූයෙන් කේක් ඇන්ඩ් කොෆී අවකාශයෙහි වූයේ ගෙදර අය පමණකි. නො නවතින වර්ෂාව නිසා කම්මැළි සිතී සඳැස් උපකාරක පන්ති නොයා ගෙදර නැවතුණේ ය....
හැම දා ම හැම දේ ම එක ම විදිහට පවත්නේ නැත. සියල්ල වෙනස්කම් වලට ලක් වේ. වෙනස් වන ලෝකයෙහි වෙනස් නොවන එක ම දෙය වෙනස් වීමය යනුවෙන් කියමනක් ද තිබේ. නමුත් මේ දේවල් මෙහෙම වෙනස් වේවියි ඩිලන් රණසිංහ කිසි දා නො සිතන්නට ඇත. උදා වෙමින් තිබෙන්නේ කුණාටුවක පෙරනිමිති වී...
ඩිලන් රණසිංහ සිටියේ මඳ උමතු බවකින් යුතුව ය. උමතුවක් කියන්නේ ම ඔහු පිස්සු වට්ටන්නා වූ යමකි. උමතුව වූ කලී කෙතරම් භයානක හා සානුකම්පිත තත්වයක් දැයි ඔහු තරම් දන්නා කෙනෙකු නැත. ඒ උමතුව තමන් වෙතට සම්ප්‍රේෂණය වෙතැයි සිහිනෙනුදු ඔහු සිතා තිබුණා ද නොවේ. නමුත් දැන් මේ සිදු වෙන්නට යන්නේ කුමක්...
කේක් ඇන්ඩ් කොෆී වලට ඉදිරියෙන්, පාර එහා පැත්තේ වන කහ පාට මල් සළුවක් පොරවා ගත් මාර ගසට ඉස්මත්තෙන් අඩ සඳක් අහසට පනිමින් සිටී. ඒ අඩ සඳ කිරණ නැහැවී තඹ පාට වූ හාත්පස පසුබිමෙහි, තඹරු ගේ ඇස් වලට කෙළින් ම හසු වන්නේ කාපට් පාර මත නිමැවී ඇති කහ මල් පාවාඩයයි....
සමනල් චීස් සැන්ඩ්විචස් ද ෆිශ් පැටිස් ද ටින්කිරි එක් කළ කහට වැඩි තේ ද ඇනවුම් කළේ ය. ඒවා මේසය මත තබා, කුඩා කවාකාර මේසයෙහි අඩියක් තරම් පරතරයකින් හිඳිනා තඹරු පියුම්රා දිවාකර දෙස බැලුවේ ය. ඉක්මනින් විකසිත කළ ඇගේ ඇස් පිහාටු වල තෙතමනයක් තැවරී තිබිණ. ඒ ඇස් වෙන කවදාටත් වැඩියෙන්...
උදේට මාර්ග තදබදය වැඩි ය. ඒ තදබදය අතරේ රිය පදවත්දී ක්ලමථය, විශාධය තවත් වැඩි වේ. තමන් හිඳිනා තත්වය තුළ දී එවන් තදබදයකට හසු වීම කිසි සේත් නො ගැලපෙන බව සමනල් දැන සිටියේ ය. එසේ හැඟුණු ගමන් ඔහු මාකුඹුරේ දී අධිවේගී මාර්ගයට රිය හරවන්නනට ගියේ ය. නමුත් ඒ පැත්තට යතොත්...
යමක් සිදු වී ඇති බව ඩිලන් රණසිංහ ට ඉවෙන් වාගේ දැනිණ. නො එසේ වී නම් සමනල් මෙසේ හැසිරෙන්නට විදිහක් නැත. ඔහු සමගින් සුහද ඇසුරකට නෑවිත් හිටියා මිස පුත්‍රයා මින් පෙර කිසි දාක මේ විදිහට මූණට කඩා පැන නැති බව ඩිලන් ට සිහි කර ගත හැක. සමනල් පියා ව ප්‍රශ්න...
සමනල් ට දැනුණේ බරපතල වූ කම්පනයකි. තමන්ගේ සමීපතමයෙකු අනපේක්ෂිත ලෙස අහිමි වූ විට ඕනෑ ම කෙනෙකු එවන් කම්පනයකට ලක් විය හැක. නමුත් ඒ මිය යාමක් නම් අපට ඒ පිළිගන්නට සිදුවන්නේ ය. මියැදීම යනු ඉපදීම සේ ම සොබා දහමට අයත් දෙයකි. සොබා දහම විසින් තීරණය කරනු ලබනා දෙයකි. දරා ගන්නට...
රුධිර පීඩනය සාමාන්‍ය තත්වයට පත් වී තිබුණෙන් එදා සන්ධ්‍යාවේ තඹරු ව රෝහලෙන් නිදහස් කෙරිණ. රන්මුතු රෝහල් බිල්පත ගෙවන්නට හදත්දී සමනල් එය ගෙවා අවසන් කොට තිබිණ. පාසල නිම වී සඳැස් කෙළින් ම රෝහලට පැමිණ තිබුණෙන්, ඔවුන් සියලු දෙනා ම ගෙදර ගියේ සමනල් ගේ රියෙහි එකට ය. "හිතේ තියන දෙයක් අපිට කියන්න...