මා හද තුළ ඔබ

තඹරු පියුම්රා දිවාකර අහසින් පොළොවට වැටුණා සේ තිගැස්සීගෙන සිටියා ය. නිරන්තර ඇගේ උගුර කට වියළුණේ ය. කිසි දා නො දැන සිටියා නම් යෙහෙකැයි සිතෙනා භයානක රහස් ගුහාවකට ඇතුළු වූවා වන් භීතියක් ඇයට දැනෙමින් තිබිණ. මේ රහස හෙළිදරව් කළ යුතු ද නැත්නම් තව දුරටත් රහසක් ලෙස සිය හදවත තුළ වැළලී...
දිවාකර පබ්ලිශර්ස් වනාහි දිවාකර පවුලේ හදවත බඳු වූ ව්‍යාපාරය වූයේ ය. අලුත් ම ගොඩනැගිල්ලෙහි ආයතනයේ කටයුතු පටන් ගත්තා ට පස්සේ නිතර එහි ආ ගිය හැටි තඹරු ට මතක ය. සති අන්තයේ නම් දිවාකර එහි ආවේ පවුල පිටින් ම ය. සති අන්තයේ වැඩ කළේ වැඩ නිම කළ යුතුව තිබූ පත්තර...
රන්මුතු සිය යහනෙහි නිදන්නට පැමිණේවියි දිවාකර බලාපොරොත්තු වූයේ ම නැත. රෝද පුටුවේ හිඳ කාමරයේ ජනේලය ළඟ නතර වී රාත්‍රිය හා මුහු වූ මත්තේගොඩ නගරය දෙස බලා උන් ඔහු, කිසිවෙකු කාමරයට ආ හඬින් සිතුවේ ඒ තඹරු කියා ය. "මං තව ටිකකින් ඇඳට යනව බබූ. ඔයා ගිහින් නිදියන්න" රන්මුතු සිය කොට්ටය හෙමිහිට යහන...
නින්දට පෙර සේදුම් පිරිසිඳු කිරීම් අවසන් කොට පැමිණි රන්මුතු කණ්ණාඩි මේසයේ කැඩපත ඉදිරියෙහි හිස කේ පීරමින් සිටියා ය. තඹරු කැඩපතින් පෙනෙන අම්මා ගේ රුව දෙස යහන මත හිඳගෙන බලා සිටියා ය. අම්මාත් දුවත් හැමදාම නින්දට යන්නේ ගෙදර සියලු කටයුතු අවසාන කොට, යළිත් පහළට ගොස් ගේට්ටුව අගුලු දමා විදුලි පහන්...
මොහොතක් බිම බලාගෙන කල්පනා කළ රන්මුතු, එක එල්ලේ ඇස් හරවා ඇයට යාබද ව හිඳ උන් දිවාකර දෙස බැලුවා ය. එවර ඔහු ඇගේ ඇස් වල ඍජු ග්‍රහණයට හසු විය. ඔහු වෙතින් ඉක්මනට ඇස් මුදවා ගත් ඕ තොමෝ අනතුරුව උපදේශකවරයා දෙස බැලුවා ය. ඔහු ගේ ඇස් වල වූයේ සියල්ල කියා දමන්නට...
ගැලැක්සි ගෲප් ඔෆ් කම්පනීස් වලට අයත් අංශ ගණනාවක ප්‍රධානීන් සමග දුරකතනය ඔස්සේ කළ සාකච්ඡා සමූහයක් අවසානයේ තඹරු රිසීවරය තැබූවේ වෙහෙසිනි. නමුත් විශාල වැඩ කොටසක් නිමා කිරීමේ සැනසිල්ල ඇයට දැනෙමින් තිබිණ. දිවා ආහාර වෙලාව පසු වෙන තුරුත් ඒ දුරකතන සංවාද දිග්ගැසුණ බැවින් මිස්ට පෙරේරා ද කෑමට ගියේ ය. සිහින් කුසගින්නක්...
පීට්සා හලෙහි ඒ වෙලාවේ ලොකු සෙනගක් වූයේ නැත. සමනල් හා තඹරු හැරුණ විට එහි ඈත මේසයක සිටියේ තරුණ යුවළක් හා කුඩා දරුවෙකු පමණකි. පිරිමි දරුවා ගේ දඟකම් වලට අම්මා රහසින් තරවටු කළා ය. තාත්තා සිනහවෙන් ඉවසා සිටියේ ය. සමනල් ඒ පිරිමි දරුවා තුළින් සිය අතීතය කැඩපතකින් සේ දැකීමේ උත්සාහයක්...
අඟහරුවාදා වෙනුවෙන් තඹරු කලින් ම නිවාඩු අනුමත කර ගත්තා ය. රන්මුතු ද දිවාකර ව උපදේශන සැසිය සඳහා ගෙන යාමට හිතා සිටිය ද තඹරු ඊට ඉඩ නොදී හිටියේ කැෆේ එක වහන්නට වෙන නිසාවෙනි. සමනල් ද සිටින නිසා ඇයට ඒ කටයුත්ත කරගත හැකි වනු ඇති බවට ඇය විශ්වාස කළා ය. තඹරු...
තනිව ජීවිතයේ සියලු දුෂ්කරතා වලට මුහුණ දෙන්නට පුරුදු වී සිටිය ද, එහෙම කරගන්නට පුළුවන් යයි විශ්වාසයක් වී ද, තාත්තා ගැන සොයා බලමින් සමනල් මේ විදිහට ළඟින් රැඳෙත්දී තඹරු ට මොකක්දෝ හයියක් දැනිණ. ඇයට පමණකුදු නොව ඒ හයිය රන්මුතු ට පවා නො දැනුණා නොවේ. මෙතුවක් කල් තඹරු විසින් තරකොට වසා...
තඹරු පියුම්රා දිවාකර නිවාඩු පිට දෙදිනක් ගෙදර සිටියා ය. ඒ බ්‍රහස්පතින්දා හා සිකුරාදා වූයෙන්, සති අන්තයේ දෙදින ද සමග දින හතරක නිවාඩුවකි. රැකියාවට යන්න ගැනීමෙන් පස්සේ තඹරු ලබා ගත් ප්‍රථම නිවාඩුව ද එය විය. නිවාඩුවක් ගත යුත්තේ නිවාඩු පාඩුවේ විවේකයෙන් හිඳින්නට ය. නමුත් බොහෝ මිනිසුන් රැකියා ස්ථානයෙන් නිවාඩු ගන්නේ...