මා හද තුළ ඔබ

තඹරු ගේ හිත තුළ විවිධාකාර සිතිවිලි ඇතිවෙමින් ද නැතිවෙමින් ද විකාරරූපී සිතුවම් මැව්වේ ය. ඇය හුස්ම ගත්තේ ඉක්මනට ය. ඊටත් වැඩි වේගයෙන් කඳුළු පේළි කම්මුල් පසු කොට ගියේ ය. පපුව වේගයෙන් උස් පහත් විය. නමුත් ඇය කතා නො කළා ය. අඩු තරමින් සිය රියට ගොඩ වෙන ලෙස සමනල් කළ...
දිවාකර ගේ මානසික බිඳ වැටීම් දරුණු අතට හැරී තිබිණ. ඔහු බෝ කාලයක් මේ ජීවිතය දෙස බලා සිටියේ ය. කිසිත් නිමා වෙන පාටක් නැත. වෙන කිසිත් නොව මේ විඳවීම නිමා වෙන පාටක් නැත. වැරදි සිදු වූ බව ඇත්ත ය. ඒවා හිතා මතා කිසිවෙකුට වරදක් කිරීමේ අහිතකින් යුතුව සිදු වූ ඒවා ද...
සමනල් ට එදා කාර්යාලයට එන්නට තරම් ශරීර සුවයක් තිබුණේ නැත. නමුත් ගෙදර රැඳීම මානසික සුවය ද අහිමි කරනා බව ඔහු දැන සිටියේ ය. බැරි අමාරුවෙන් ටික වෙලාවකට හෝ එහි යන්නට සිතුවේ එබැවිනි. තඹරු ගේ මූණ එක වතාවක් දුටුවා නම් ඇති ය. ඉරිදා ද සමග දෙදිනක් ම ඇය නොදැක හිඳිනවා...
සමනල් දිවයුරු රණසිංහ කාමරයේ ඒ මේ අත සක්මන් කළේ ය. ඔහු ගේ හිත බෙහෙවින් නො සන්සුන් ය. කුණාටු සයුරක් සේ කැළඹිලි සහගත ය. ඒ නො සන්සුන් බවත් තඹරු ගේ ගෙදර ගිය ගමනත් අතරේ සෘජු සම්බන්ධයක් ඇත්තා සේ ඔහු ට දැනේ. නමුත් පටලැවුණු නූල් බෝලයක් සේ සියල්ල අවුල් ය. වියවුල්...
කෑම වට්ටෝරුව පිළියෙල කළේ තඹරු ය. පොල් කිරි දමා තෙම්පරාදු කරනා කහ බතට රතු පාට චිකන් කරියකි. කිරට කජු පිස, මාළු මිරිස් පුරවා උයා, වම්බටු බැද කිරි දමා පිසිය යුතු ය. බිම්මල් පිටි දවටා බැද ඊට රතු ලූණු අමුමිරිස් හා අන්නාසි එක් කළ සලාදයකි. කට්ලට් හා පපඩම් එක් වූ...
තඹරු පියුම්රා දිවාකර ඉතා හොඳින් කාර්යාලීය වැඩකටයුතු සිදු කළා ය. අකුරට ම සිය වගකීම් ඉටු කළා ය. රාජකාරිය දේවකාරිය සේ කලකාගෙන, උද්‍යෝගිමත්ව හැම මොහොතක ම වැඩ කළා ය. ඈ තුළ සිටි ආඩ්බරකාර චරිතය හිත පත්ලෙහි ඔබා ගෙන කා සමගත් සුහදව ද සිනහ මුසුව ද රාජකාරී මට්ටමෙන් ද ගනුදෙනු කළා...
තඹරු දිය නාගෙන එන විට දිවාකර රෝද පුටුව කරකවාගෙන ආලින්ද කොටසට පැමිණ සිටියේ ය. දියණිය වැඩ නිම වී ගෙදර පැමිණි බව යහනේ වැතිර සිටි ඔහු ට ඇසිණි. "කොහොමද පුතේ අලුත් ජොබ් එක..." ඔහු ගේ මුහුණේ වූයේ බලාපොරොත්තු සහගත සිනහවකි. තඹරු හිස කේ වල තෙත පිසිමින් ම තාත්තා ළඟට ආවා ය. "හොඳයි තාත්තෙ....
ගැලැක්සි ගෲප් ඔෆ් කම්පනීස් හි විධායක ශ්‍රේණියේ නිලධාරීන් ඇතුළු පිරිස සිය කියුබිකල් වලින් පිටතට විත් ඉඩ කඩ ඇති අවකාශයෙහි, සමනල් දිවයුරු රණසිංහ- ප්‍රධාන විධායක නිලධාරියා ගේ කුටිය ඉදිරියෙහි තැන් තැන් වල සිට ගෙන සිටියහ. ඒ කාර්යාල කාර්ය සහායකයා අත සමනල් යැවූ පණිවිඩයක් මතයි. ප්‍රධාන විධායක නිලධාරියා ගේ කුටිය වන්නේ...
ඒ ඇමතුමට පිළිතුරු දෙන්නට තරම් හිතේ හයියක් තඹරු ට නැත. ඇය දුරකතනය අතේ තබා ගෙන එය හැඬවෙන දෙස ඔහේ බලා සිටියා ය. ඔහු එවූ පණිවුඩය ඈ දුටු බව ඔහු ට දර්ශනය වන්නේයි සිහි වූයේ මඳ පමාවකිනි. කලබල වූ ඕ වහා ම දුරකතනය සවනට ගත්තා ය. සාරි පොට බිම අතෑරිණි. "හෙ...ලොහ්.." "මොකද...
වීදුරු තලාවක් ඇතිරූ විසල් මේසය ඉදිරියෙහි, විධායක අසුන යන්තම් කරකවමින් ද එහි ඇන්ද මත වැළමිට තබා අතැඟිල් වලින් නිකට පිරිමදිමින් ද සමනල් දිවයුරු රණසිංහ බලා සිටියේ ය. ඇය වීදුරු දොරට අත තැබුවේ තැතිගත් සාවියක මෙනි. තඹරු පියුම්රා දිවාකර...ඇය ලා කහ පැහැති සාරියකින් සැරසී නුහුරට වාගේ ඉදිරියට එමින් සිටියා ය....