පමා වී පිපුනු මල්

"වීරෙ හෙට එනවලු නේද?"  ඒ කතාබහ ඇතිවුනේ සඳුදා දවසක දහවල් වරුවේය. අරුණලී උන්නේ ලැප්ටොප් පරිගණකයට හිස ඔබාගෙන තවත් මසකින් පමණ වෙලඳ පලට නිකුත් කරන්නට බලාපොරොත්තුවෙන් හිඳින ශැම්පු වර්ගයක කැම්පේන් එකක ප්‍රසන්ටේශන් එක සකසමිනි. එහෙත් තමාගේ කණ්ඩායමේ නායකයා ගැන යමක් අසන්නට ලැබීම කතාබහකට මුල පුරන්නකි. "මිස්ට වීරවර්ධන සැර ද?" අරුණලී එසේ ඇසුවේ තමට...
ක්‍රියේටිව්ස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය පිහිටා තිබුනේ නුගේගොඩ සිට කොහුවල පැත්තට ඇවිදගෙන එද්දී දකුණු අත පැත්තේ අතුරු පාරක වූ පරණ නිවෙසකය. වසර හයක් වයසැති ක්‍රියේටිව්ස් ප්‍රයිවට් ලිමිටඩ් ඇඩ්වටයිසින් ආයතනය දිවයිනේ ප්‍රමුඛ පෙලේ ආයතන විශාල ප්‍රමාණයක සන්නාම වල ඩිජිටල් අලෙවිකරණ සහ ප්‍රවර්ධන වැඩ සටහන් මෙහෙයවින් උන්නහ. අරුණලී ක්‍රියේටිව්ස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයා එක්...
අරුණලී විසින් සියදිවි නසාගන්නට කටයුතු කර බව මෙනුක දැනගත්තේ අම්මාගෙනි. අම්මා ඒ ගැන කිව්වේ වේදනාවකින් නමුත් මෙනුක ගැන කෝපයකිනි. අම්මාගේ කෝපවත් හඬේ තැවරී තිබුණේ " උඹ අපි හැමෝගෙන ජීවිත විනාස කරා" යන කතාව බව මෙනුක නොහැඳිනුවා නොවේ. ඒ නිසාම දුරකතනයෙන් අරුණලී අමතා කතා කල මෙනුක නැවත වරක් සමාව සහ...
"හැමෝම හැම තිස්සෙම ප්‍රශ්න කියන්නෙ නෑනෙ මිසිස් ආරියරත්න. දරුවෙක්ගෙ වෙනස් වීමක් අපි දෙමව්පියන් විදියට අඳුරගන්න ඕන. මේ ප්‍රශ්නෙ අපිට නොපෙනුනාට අරුණලීට සෑහෙන දරුණුවට බලපාලා තියෙනව. ඇඬුවෙ නැති උනාට නිතර නිතර කල්පනා කරන එක, හැම තිස්සෙම නිදාගන්න එක, කෑම අරුචිය වගේ දේවල් වලින් එයා අපිට එයාගෙ මානසික පීඩනග ගැන පෙන්නුම්...
සුභා උන්නේ දියණිය ගැන පුදුමාකාර භීතියකිනි. අවුරුදු විසි පහක් විසි හයක් තිස්සේ උස් මහත් කල දරුවා ජීවිතයේ කිසිම දිනෙක මෙතරම්ම බියපත්ව ඉන්නවා සුභා දැක තිබුනේ නැත. තමා සමාජයේ මිනිසුන් මේ ගැන මොනවා කියාවිද කියා බිය වී හිඳිද්දී තමන්ගේ නිවස තුලම තමා කුලුඳුලේ උපත දුන් දරුවා බියපත්ව මානසික ඇද වැටී හිඳීම...
“ඇයි උඹ දැන් ආවෙ?” මෙනුක ඇසුවේ නිවසේ දොරකඩ ඉදිරියේ  සිටගෙන උන් රමිත් දෙස බලාගෙනය. තමා ඔස්ට්‍රේලියාව බලා ආ දවසේ හිඳ අදවන තුරු එනම් සතියක් ගෙවෙන තුරු තමා හමුවන්නට නොඑන්නට රමිත්ට තිබූ හේතුව සිත පෙලූ වරදක් කිරීමේ බය සහ සැකය විය හැකි බව මෙනුක දනී. එහෙත් ඒ කුමක් කලද ඔහු සමග රණ්ඩු...
මෙනුක ආපසු ඔස්ට්‍රේලියාව බලා ආවේය. ඒ අරුණලීට ආපහු තමා කරා එන්නට හෝ තමා සමග කතා කරන්නට හෝ අදහසක් නැති බව දැනගෙනය. එහෙත් මෙනුක උන්නේ අරුණලීව අමතක කරන අදහසකින් නොවේ. කෙසේ හෝ අරුණලීව හිමි කර ගත යුතු යැයි අදහසකිනි. ලංකාවේ සිට මෙල්බර්න් බලා ගුවන් යානය ගුවන් ගත කල මොහොතේ පටන් මෙල්බර්න් ගුවන්...
"නංගි" කියාගෙන කුමිල පියවරක් ඉදිරියට තැබුවේය.. ඒ හඬ ඔස්සේ හැරී බැලූ මෙනුක හනි හනික පියවර තබා විසිත්ත කාමරය හරහා අරුණලී වෙත එන්නට කටයුතු කරේය. "එන්න එපා" අරුණලීගේ හඬ සිහින්ව නමුත් වඩා ශක්තිමත්ව විසිත්ත කාමරය සිසාරා ගියාය. ඒ මොහොතකට එහි කුණාටුවකට පස් ඇතිවන අන්දමේ මහා නිහඬ බවක් මවාලමිනි. ආරියරත්න යුවලත් පීරිස්...
"අරුණිට නම් හොඳයි, කැම්පස් එකෙන් අවුට් වෙද්දිම හොඳ ජොබ් එකක් තියෙන මහත්තයෙක් ඉන්නවනෙ" විශ්ව විද්‍යාලයේ අවසන් වසර විභාගයට මසකට පමණ පෙර සිට සූදානම් වෙද්දි තව මාස දෙකකින් පමණ තමන් සියල්ලන්ම මේ වසර කිහිපයක් සෙවණ දුන් නිවහන හැර යන බව සිහිපත් කරමින් කතාව ඇරඹුවේ තිසුරිය.  ඒ වනවිට විශ්ව විද්‍යාල බෝඩිමේ කාමරයේ...
අරුණලී උන්නේ හඬාගන්නටවත් පණක් නැතුවය.  හෝටලයේ සිට නිවස බලා එන්නට වාහනයට නගිද්දි අරුනලී දෙනෙත් බිමට බර කරගෙනම ආවේ මිනිසුන්ට මුහුණ දෙන්නට බැරිකමටත් වඩා තමන් විසින් ආදරයෙන් සොයා බලා ඇණවුම් කල විවාහ මංගල සැරසිලි දෙස බලන්නට බැරිකම නිසාවෙනි. මේ සියල්ල මෙසේ ආදරයෙන් ගොඩ නැගුවේත්, විය හියදම් ගැන නොසිතා ඇණවුම් කලේත් මෙවන්...