"මට ඇත්තටම මෙන්න මේ ප්‍රශ්නෙට උත්තර දෙනවද?"
බොහෝ ඉවසීමකින් යුතුව මම දෙනෙත්ට ඒ පණිවිඩය යැවීම්.ඉතා ඉවසීමෙනි.මා සතුව කිසිම ඉවසීමක් ඉතිරිව නැතැයි සිතන මොහොතක ය.
"මං ඔයාට හරි ආදරේකින් හිටියා.ඇත්තටම ඔයාට ඒක තේරුම් ගියා.ඔයා ඒක නොදන්නව වගේ ඉන්න උත්සාහ කළා.අපේ අයියා කියනව වගේ ඇත්තටම ඒකට කමක් නෑ.ඔයාට ගැළපෙන දේ තෝරා ගන්න ඔයාට...
"අපි ආදරේ අය අපිට ආදරේ නෑ.අපි ආදරේ අය අපිට ආදරේ නෑ.."
ඒ ජනප්‍රිය වාක්‍යය ඛණ්ඩය මට සිහි විණ.සිදුව ඇත්තේ එයයි.මම දෙනෙත්ට උමතුවෙන් ප්‍රේම කරද්දී සචිර අයියා මට ආදරය කරමින් හිඳියි.ඒ ආදරය අයියාගේ ආදරයට සමාන කර නොසිතුවානම් මේ වෙද්දී ලෝකයේ හිඳින සතුටුම යුවතිය මා වන්නට තිබිණ.
"අම්මට සනීප වෙයිද?"
ඒ පණිවිඩය වට්ස් ඇප්...
අම්මා රෝහල් කාමරයට රැගෙන එද්දී මට හැඬිණ.ඇගේ තේජාන්විත බව අතුරුදහන් වී අසරණ කුඩා බවක් ලැබී ඇතැයි සිතෙද්දී මට ඇය වැළඳගෙන හඬන්නට ඕනෑ විය.උණක් හෙම්බිරිස්සාවක් හැරුණු විට ඇයට මා දන්නා කාලයේ පටන් කිසිම රෝගයක් නොතිබිණ.එනිසාම ඇය හිටිහැටියේ තදින් අසනීප වීම මට ඉමහත් වේදනාවක් ඉතිරි කර තිබිණ.
"අමාරුවක් නෑ නේද අම්මේ.."
මගේ හැඬුම්...
බිඳී ගිය බඳුනක් නැවත පිළිසකර කරන්නට අපහසු ය.නමුත් ඒ බඳුනේ අලංකාර මල් පැළයක් පැලවෙන්නට ඉඩ හැර එහි මල් පිපෙනතුරු බලා හිඳින්නට පුළුවන.මල් පිපෙන්නට කාලයක් ගත විය යුතු බව මම සිතුවෙමි.මල් පිපෙන කාලය එනතුරු ඉවසන්නට තීරණය කළෙමි.
නමුත් මල් පිපෙන්නට සමහර කුණාටු කාලයන් දරා ගන්නට ද සිදු වේ.එක් මහ මද්දහනක එවැනි...
"එයා දැන් ඉන්නේ වේදනාවෙන්..එයා වේදනාවෙන් ඉන්නකොට එයාට ළං වෙන එක කිසිම තේරුමක් නැති වැඩක්.ඒකෙන් වෙන්නෙ එයා වගේම මාත් අමාරුවේ වැටෙන එක.."
එයද එක්තරා ආකාරයක ප්‍රතික්ෂේප කිරීමකි.නමුත් එය මට රැගෙන ආවේ සැබෑ වේදනාවකි.දෙනෙත්ගේ ප්රතික්ෂේපය මට කෝපයක් රැගෙන එද්දී මේ ප්රතික්ෂේපය මට ගෙනෙන්නේ වේදනාවකි.මම සැබෑ ප්‍රේමය මඟ හැරගෙන තිබේ.එය වටහා ගන්නා විට...
"අපි හිතුවා අපිව අමතකත් වෙලා ඇති කියලා.."
යෙත්මි සචිර අයියාට එසේ කියද්දී ඔහු ඇගේ සටහන් පොතක් පෙරළා බලමින් අප අසලින් හිඳ ගත්තේ ය.අනතුරුව මදෙස බැලුවේ සිනහමුසු මුහුණින් ය.
"ඇයි මං සූකිරිට කිව්වේ මම ටිකක් බිසී කියල.මං ඉතින් සූකිරිට නම් කතත් කරා.."
සචිර අයියා බොහෝ සාමාන්‍ය හඬකින් පැවසුවා ය.යෙත්මි හිචිස් ගා හිනැහුණා ය.මම...
"ඔයා ඉක්මනින් හිත හදා ගත්තු එක ගැනනම් මාරම සතුටක් තියෙන්නෙ.මං දෙනෙත්ව ෆේස්බුක් එකෙනුත් බ්ලොක් කරා..ආයේ මට ඒ මිනිහව බලන්නවත් ඕන නෑ.."
නැවත උසස් පෙළ විභාගයට සැරසෙමින් මගෙන් උදව් ගන්නට අපේ නිවසට එන යෙත්මි පැවසුවේ කෝපය මුසු කටහඬකිනි.මම කිසිත් නොකියා දෙතොල් මත අඩ සිනාවක් පැළඳ ගත්තෙමි.
"ඔයාගේ අත බලන්නකො.කැඩුණාට දැන් හොඳයිනෙ.හිත වුණත්...
"මට අනෝමා ආයේ ලබා ගන්න කිසිම දවසක උවමනාවක් තිබුණේ නෑ.එයාව අමතක කරලා වෙන කෙනෙකුට ළං වෙන්න හිත හදා ගන්න අමාරු නිසා තමයි මම කසාද නොබැඳ හිටියේ.."
සුගත් අංකල් පැවසුවේ ය.ඒ අයියාත් මමත් ඔහු දකින්නට ගිය නිසා ය.ඔහු අත වරදක් නැති බව මම තරයේම විශ්වාස කළ නිසා මට සුගත් අංකල් දකින්නට...
"අම්මේ තාත්තා යන්න ඕන නෑ.එයා අපි එක්ක ඉන්න ඕන.."
ජීවිතය අප පරිණත කරන්නේ නොසිතන මොහොතක බව මට සිතුණේ අම්මා ඉදිරිපිටට ගොස් ඇයට එසේ පැවසූ පසු ය.මා අම්මාගේ තීරණයකට මුල්ම වතාවට එරෙහි වු බව මට වැටහිණි.ඇය අපේ ජීවිත ඉතා තදින් පාලනය කළා ය. අපි කන්නට ඕනෑ මොනවාද යන්නේ සිට අඳින ඇඳුම...
"මොන පිස්සුව කරත් මොලේ නම් තියනව.ඒක ජීවිතේ අනිත් දේවල්වලටත් පාවිච්චි කරන්න බලනවා."
අම්මා මට පැවසුවේ තරවටුවක සරිනි.වෛද්‍ය පීඨයට සුදුසුකම් ලැබූ දියණියක්! එය ඇයට කාර්යාලයේ උද්දාමයෙන් හිඳින්නට අපූරු කාරණාවකි.අයියා දෙවැනි වතාවක් උත්සාහ නොගැනීම ගැන වැඩිපුරම සන්තාප වූයේ අම්මාගේ මිතුරියන් ය.මෙවර ඔවුන් මා ඇමතුම් දී වෙහෙසට පත් කළ අතර නොයෙකුත් තෑගි මට...