කිසිවෙකුටත් නොපවසා නිවසින් පිට මං වී යන්නට තරම් ආදිත්‍ය හට තිබූ ගැටලුව කුමක් දැයි සිතා ගත නොහැකිව මෞර්යා කාර්යාල අසුනට වී දැවෙමින් උන්නාය.
" අද පාන්දර ඉඳලා අයියා ආ ගිය අතක් නැහැ මෞර්යා "
අභිමන් පැවසූ වචන මෞර්යා ගේ දෙසවනෙහි රැව් පිළි රැව් දෙන්නට විය.කාර්යාලය තුළ මෞර්යා නොහඩා උන්නේ අසීරුවෙනි.
" ආගිය...
දේවපුර නිවසෙහි වූයේ විශාල කලබලයකි. ආදිත්‍ය කිසිවෙකුටත් නොකියා නිවසින් අතුරුදහන් වීමත් අශිකා කිසිවකුටත් පිළිතුරු නොදී ඔහේ බලා හිඳීමත් අභිමන්ව තව තවත් වේදනාවට පත් කරන්නට සමත් විය. අභිමන් හට තිබූ විශාලම ගැටලුව වූයේ ඇති වී තිබෙන ප්‍රශ්නයට පිළිතුරක් සොයන්නට ප්රශ්නය නොදැන සිටීමය.
" අම්මා ඔහොම සද්ද නොකර හිටියම වෙච්ච දෙයක් වත්...
දේවපුර නිවසට අලුත් දිනක් උදා වී තිබුණද එය වෙනදා මෙන් නොවූයේය .නින්දත් නොනින්දත් අතරේ හුන් අශිකා අලුයම හතරට මුළුතැන්ගෙයට පැමිණ පුරුද්දට මෙන් කෝපි කෝප්පයක් පානය කළේ පෙර දින රැයේ රාත්‍රී ආහාරයද නොගත් නිසාය. කෝප්පය සෝදා තබා අශිකා නිසොල්මනේ තරප්පුව නැග තම කාමරයට යන්නට පෙර නිකමට මෙන් ආදිත්‍ය ගේ කාමරයේ...
ආදිත්‍ය නිවසට පැමිණෙන විට රාත්‍රී නමයට ආසන්න වූ අතර අශිකා ප්‍රධාන දොර අසලට වී ආදිත්‍ය පැමිණෙන තුරු බලා උන්නාය. තවමත් පහව නොගිය අසනීප ගතිය නිසා වේලාසනින් රාත්‍රී ආහාරය ලබා ගත් අභිමන් ඒ වන විට නින්දට වැටී හුන් අතර දැවෙන හදවතින් යුතුව අශිකා බලා උන්නේ සිදු වන්නට යන විනාශයේ තරම...
කළ යුත්තේ ආයතනයෙන් ඉල්ලා අස්වීම නොවන වග මෞර්යාට පැවසුවද කළ යුතු දෙයක් පිළිබඳව ඇත්තටම ආදිත්‍ය හටද අදහසක් තිබුණේ නැත. අඳුර වෙලා ගනිමින් තිබුණු වැව දෙස බලා ගෙන ආදිත්‍ය කල්පනා කළේ ඒ පිළිබඳව වූ අතර ඔහු සහ මෞර්යා අතර පැවතියේ විනාඩි කිහිපයක නිශ්ශබ්දතාවයකි
" හායි ආදිත්‍යය "
ආදිත්‍යය තිගැස්සී හැරී බැලුවේ පිටු...
" මෞර්යා කියන්නේ නරක ගෑණු ළමයෙක් නෙමෙයි වුනාට එයා වෙන කෙනෙක්ට ආදරේ කරනවා නම් ඔයාට වෙන කරන්න දෙයක් නෑනේ පුතේ.හොඳම දේ තමයි ඔයා සද්ද නොකර පැත්තකට වෙන එක. office එකේදී උනත් එයත් එක්ක හරිම සාමාන්‍ය විදිහට ඉන්න හිටියා වගේම "
අශිකා කියා ගෙන ගියේ අභිමන් ගේ හිත හැදීම පිණිසය.එහෙත් මෙතන...
ආදිත්‍ය කාර්යාලයට පැමිණියේ උදෑසන දහයට පමණය.පැමිණීමට ප්‍රමාද වන බව මෞර්යාට කෙටි පණිවිඩයකින් දන්වා යැව්වද එයට නිශ්චිත හේතුවක් ආදිත්‍ය ඇයට නොපැවසූයේ ඇයව කලබල කිරීමට අවශ්‍ය නොවූ නිසාය. නමුත් වෙනදා සියල්ලටම පෙර කාර්යාලයට පැමිණෙන අභිමන්ද කාර්යාලයට නොපැමිණ තිබූ නිසා සමහර විට අශිකා අසනීප වී ඇතැයි මෞර්යා අනුමාන කළාය.එහෙත් හේතු කාරණා විමසමින්...
උදෑසන හයයි තිහ පසුවූ පසුවත් වෙනදා සුපුරුදු පරිදි මෙන් අභිමන් පහත මාලයට නොපැමිණි නිසා අශිකා ඔහු ගේ කාමරය වෙත පැමිණියාය. ඇය දොර විවෘත කරගෙන කාමරයට ඇතුළු වන විටත් අභිමන් උන්නේ බ්ලැන්කට්ටුව තුළට ගුලි වී තද නින්දේය.
" පුතා "
අශිකා දෙවරක් පමණ අභිමන්ව අවදි කරන්නට උත්සාහ කළද අභිමන් යන්තමින් කෙඳිරි ගාමින්...
අලුයම තුන පමණ වනතුරුත් නින්ද අභිමන් කරා පැමිණියේ නැත. ජීවිතය බිඳෙන් බිඳ සංකීර්ණ වන ආකාරය දරා ගත නොහැක.ඊටත් වඩා ජීවිතයේ ප්‍රථම වතාවට තම සිතෙහි නතර වූ තරුණිය ද ආදරය කරන්නේ තම එකම සහෝදරයාට බැව් දැන ගැනීම අතිශය වේදනාවකි.
" මෞර්යාව හම්බ උන පළවෙනි දවසෙම එයා මම කාගේ කවුද මොනවද කරන්නේ...
එය අධික කාර්යබහුල දිනයක අවසානය සනිටුහන් වෙමින් තිබුණු පැය කිහිපයකි.ආදිත්‍ය රාත්‍රී ආහාරය ගෙන අශිකා සමග සංවාදයකද නියැළී නැවත කාමරය වෙත පැමිණියේ චිත්‍රපටයක් නැරඹීමේ අදහසිනි. ගෙවුණු පහුගිය කාලය පුරාවටම නිදි නොමැති රාත්‍රීන් බොහෝමයක් ගෙවූ ආදිත්‍යය හට යන්තමින් මධ්‍යම රාත්‍රියේ එළඹෙන විට නිදි මතක් දැනෙන්නට පටන්ගත්තේ දින කිහිපයක සිටය. එවන් මොහොතක්...