ඇත්තටම ඒ සිද්ධියේ සිද්ධ වුණේ සමහරවිට තප්පරය දහයෙන් බෙදලා ඒකෙ එක කොටසකටත් වඩා අඩු වේගයකින් වෙන්න ඇති..කැරපොත්තන්ට ගහන බෙහෙත් කුප්පියේ මිලිලීටර තිහට මරන සීයක් කියලා ගහලා තියෙනවා ඒ ඇහිල්ලෙ මොන කෙහෙල් මලකට මට මතක් වුණාද මන්දා..
ස්ස්ස්ස්ස්ස්.. ස්ස්ස්...
ඔව් .. ඒ වෙනකොට මගේ ජීවිතේ මම අහන්න අකමැතිම අප්‍රසන්නම ශබ්දය ඒක තමයි...
පිටිපස්ස...
මගේ ඇස් දෙක මටම විශ්වාස කරන්න බැරි විදිහට එක පාරටම මම දැක්කේ දොර ගාව හිටගෙන ඉන්න අප්පු.හැබැයි ඒ නිකන් නෙමෙයි.අඩි හයක් විතර දිග තනි කළු පාට මම ජීවිතේ කවදාවත් දැකලා නැති විදිහේ විශාල සර්පයෙක්වත් අතේ තියාගෙනයි.ඒ සර්පයා බොහොම හීලෑ විදිහට අප්පුගේ බෙල්ලේ එතිලා හිටියා..
"අප්පු... මොකක්ද උඹ ඔය කරන්න ලෑස්ති...
ඇත්තටම මම මගේ අමතක වීම ගැන මටම දොස් කියා ගත්තා.මිනිහෙකුට ලෝකයේ අතපසුවීම් වෙන්න පුළුවන් ඒත් මේකනම් මහා දරුණුම අතපසුවීමක් කියලා මට හිතුනා.ඇත්තටම මගේ පාස්පෝට් වීසා හැම දෙයක්ම අප්පු අරගෙන නම්, මට මේ රටින් ආපහු රුසියාවට යන්න සෑහෙන කට්ටක් කන්න වෙනවා කියලා මට හිතුනා.එහෙමනම් මම හිතන තරම් ඉක්මනින් මට මෙහෙන්...
නෙමටෝඩා.. එහෙමත් නැත්නම් රවුම් පනුවා.. එහෙමත් නැත්තං කොකු පනුව... මේ සේරම අපේ ඇඟ ඇතුලේ ඉන්න පණුවෝ වර්ග තමයි.මේ පනුව උනත් කරන්නේ අපේ බඩවැල් වල එල්ලිලා අපේ ලේ උරා බොන එක තමයි.එහෙම නැත්නම් අපේ ජීර්ණය වන ආහාර කොටස් වල තියෙන පෝෂ්‍ය පදාර්ථ උරා බොන එක තමයි.මේ පණුවෝ වර්ගය වැඩි වුණහමත්...
ඒ මුළු රෑ පුරාම මම සේනාධිරගේ කතාව ඇතුලෙ වගේම කල්පනා කළේ සමන් මහත්තයා කියපු කතාව ගැනයි.මොනතරම් සත්තුන්ව යොදාගෙන පර්යේෂණ කළත් මේ වගේ කතාවක් මම අහන පළවෙනි වතාව කියලා මට හිතුනා.සමහර වෙලාවට මේ සරප කතාව අපි ඇත්තමයි කියලා හිතුවොත්..
ඒ කියන්නේ දැනටත් අපි අතර මේ සර්පයො වෙන මිනිස්සු ඉන්න පුළුවන්..ඒ කියන්නේ...
ඒ අද්භූත ජනක සිද්ධියෙන් දවස් තුනකට පස්සේ මට ආපහු සැරයක් තාත්තගෙ පරණ ඩයරියක් හම්බවුණා. ඒ පරණ ඩයරිය තිබුණේ අප්පුගේ කාමරයේ පෙට්ටියක් ඇතුලේ තිබිලා.එදා අප්පුව මම තැපැල් කන්තෝරුවට ඇරියා වසන්තිට ලියුමක් තැපැල් කරන්න.අප්පු ගෙදරින් යනකං ඉඳලා මම අප්පුගේ කාමරයේ ඔක්කොම ඇදලා බැලුවේ සැක කටයුතු මොනවා හරි දෙයක් තියෙනවද කියලා හොයාගන්නයි....
"ලංකා මහත්තයා බර කල්පනාවක වගේ..කෝ… ඔය ඩෙවල් කෑල්ලක් කන්න කෝ…මොකෝ අපේ නෝනා මහත්තයාගේ බයිට් රස නැද්ද…"
මම හයියෙන් හිනා වුණා..
"පෝර්ක් ඩෙවල් කියන්නෙ පොද වැස්සයි මීදුමයි එක්ක නැගලා යන බයිට් එකක්.. මට අපේ ලැබ් එක ගැන කල්පනා වුණා.කොහොමත් මම තව සති දෙකකින් යන්න ඕනේ.භාරගත්තු වැඩ ගොඩක් තියෙනවා.නොහිතපු කරදරයක නෙ මාව පැටලුනේ.."
සමන්...
සමන් මහත්තයා ගෙ ගෙදර චූටියි.. පිලිවෙලයි...ඒ වෙලාවෙත් යන්තම් ඇද වැටෙන්න පටන් අරගෙන තිබිච්ච පොද වැස්ස හින්දා පාවෙලා යන්න හිතාගෙන හිටපු මීදුම් කැටි සේරම මිදුලට පාත්වෙලා තිබුණා.මීදුමත් එක්ක එන පොද වැස්ස හින්දා කාටත් කලින් ඉර හැංගෙන්න පටන් අරගෙන තිබුණා.සමන් මහත්තයාගේ නෝනත් බොහොම හොඳයි කියලා මට හිතුණා.බෝල ගෙඩියක් වගේ මහත අවන්ති...
මට ඇත්තටම මහා බයක් මගේ ජීවිතය ගැන දැනුනා . ඒ වගේම ඒ මොහොත ගැන අවිශ්වාසයක් තමයි දැනුනේ.ටිකක් ඈතින් මට ට්‍රැක්ටරයක සද්දයක් ඇහුනා.සමහර වෙලාවට ඒ වත්තේ වැඩ ඇරෙන වෙලාව වෙන්න ඇති..මම අඩිය ඉක්මන් කරලා වේගයෙන් ඒ පැත්තට දුවන්න පටන් ගත්තා.ට්‍රැක්ටරේ සද්දේ ළඟ ළඟම ඇහෙනකොට පිටිපස්සෙන් ආපු අඩි සද්දය නැති උනා...
ඩොක්ටර් කිව්වා මට තියෙන්නේ ඩෙලරින් ටර්ම්ස් කියලා. වෙන කරන්න දෙයක් නැති නිසා මමත් ඒක විශ්වාස කරා..ඒත් මට ආප්පු ගැන ඇති වුණේ මහා විශාල සැකයක්.. ලංකා... උඹ මේක කොයි වෙලාවේ කොයි විදිහේ තත්ත්වයකදී කියවනවද කියන්න මම දන්නේ නැහැ.. සමහරවිට මේ හරිය කියවනකොට මම මැරිලා ඉඳී.. සමහරවිට උඹට හිතෙයි මේ විශාල...