පුෂ්පානන්ද යුගාශ්ට එකඟව තමාරාගේ නිවසට ගියේ ඔහුගේ වාහනයෙන්මය. මදක් කෘෂව උන්නාට ඩෙනිම් කලිසමටත් තද කොළ පැහැති ටීෂර්ට් එකටත් ඔහු තවමත් කඩවසම්ය. අප්පච්චිගේ අසනීපය සිතට වදයක්ව තිබුණත් තමාගේ වාහනයේ දකුණු පස ඔහු මේ අයුරින් තමා සමඟ ගමන් කිරීමම යුගාශ්ට ජයග්‍රහනයක් වී තිබිණ.
“අප්පච්චි දැන් ටිකක් රෙස්ට් කරමු. අප්පච්චිව බලාගන්න මං ඉන්නවනේ.”
යුගාශ්...
නිවසට පැමිණි අපූර්වා උන්නේ කල්පනාබරවය. ඒ සිත දුකින් පිරී තිබුණේ අහේතුකව නොවේ. යළිත් වරක් යුගාශ්ට දුරකථන ඇමතුමක් ලබා ගන්නට සිතුනත් ඕ එසේ නොකළාය. යුගාශ්ගේ අප්පච්චිට කිසිවක්ම සිදු නොවිය යුතුය. ඔවුන් වෙන්ව සිටියත් උඩු සිත කුමක් පැවසුවත් යුගාශ්ගේ යටි සිතෙහි වීරයා වූයේ අප්පච්චී බව විශ්වාසය. බොහෝ දරුවන්ගේ හදවත් තුළ වීරයා...
යුගාෂ්ගේ වාහනය කළුතර නගරයේ පිහිටි පුෂ්පානන්දගේ නිවසෙහි ගේට්ටුව ඉදිරිපිට නතර වූයේ පැමිණි වේගයෙන්මය. කිසිවෙකු විසින් ගේට්ටුව අරිනු බලා සිටි හැකි කමක් ඔහුට වූයේ නැත. වාහනයෙන් බැසගත් ඔහු ගෙවත්තට ඇතුළු වූයේ ගේට්ටුවත් ඇරගෙනමය. වසර ගණනාවක් සිට පුෂ්පානන්දගේ රියදුරා ලෙස කටයුතුකල සමරවීර ඉදිරියට පැමිණියේ වාහනය නැවතුනු වේගයත් ගේට්ටුව ඇරුණු කලබලයක් නිසාය.
“යුගාශ්...
යුගාශ්ගේ උදෑසනත් දහවලත් කෑම වේල කෑම පෙට්ටිවලට බෙදා නන්දනී අතට දුන් තමාරා මුළුතැන් ගෙයින් ඉවත්ව තම කාමරයට ගියාය. මේ දින කිහිපයක සිට ඇගේ පිළිවෙලය. යුගාශ් වෙනුවෙන් සියල්ල කලත් ඔහුට මුහුණ නොදී ඈ මග හැර සිටියේ හිතාමතාමය. ඔහු අප්පච්චි සේම දරදඬුය. අපූර්වා ගැන කිසිවක්ම කතා කරන්නට තමා වෙත නොපැමිණියේ එනිසාය.
“අම්මා...
සමන් සහ චින්තන නිරතුරුවම පැමිණ නිවසේ වැඩ කටයුතු සිදුවන ආකාරය පිළිබඳව සොයා බැලූවේය. සුදු හුණු පිරියම් කළ නිවස කිරි කොකෙකු සේ බැබළෙමින් තිබිණ. අපූර්වා ලවා නිවස ඉදිවන සේයා රූ ගෙන්වා ගත්තත් තමාරා යළි අපූර්වාගේ නිවසට පැමිණියේ නැත.
“මට හිතෙනවා මැඩම් බලන්න මැඩම්ලගේ ගෙදරට යන්න. ලොකු අසනීපයක් නෙමෙයි කියලා මට බොරු...
නිශ්ශංකගේ නිවස ගිනිගෙන තිබුණේ සවස් වරුවේ ආ ආරංචියත් සමඟය. ගුරුවරයකු ලෙස මාතර ප්‍රදේශයේ පාසලක සේවය කළ බාල පුතා දරුවන් දෙදෙනෙකු සිටින, ස්වාමි පුරුෂයා මියගිය කාන්තාවක සමඟ එක්ව ජීවත් වනවාය යන ආරංචිය නිශ්ශංකගේ කන වැකුණේ අද ඊයේක නොවේ. බිරිඳටවත් තොකියා ඔහු මාතර ප්‍රදේශයට ගොස් ඒ පිළිබඳව සොයා බැලුවේ හොර රහසේය....
“සුදු මහත්තයා පාන්දරම නැගිටලා ගිහිල්ලා..”
නන්දනී එසේ පැවසූයේ තමාරාගේ උදෑසන කිරි වීදුරුව ඇගේ කාමරයට ගෙන යමින්ය. ඔහු මේ ගිය ගමන ගැන තමාරා හොඳින් දනී. පෙර දින සැඳෑවේ අපූර්වා කතා කරමින් පැවසූයේ අද විශ්ව විද්‍යාලයට යන බවය. තමාරා කිසිත් නොකියා සුබ පැතුවේ සාමාන්‍ය අයුරෙන්ය.
මේසා ලෙන්ගතු බැඳීමක් දෙදෙනා අතර ඇති වූයේ කෙසේදැයි...
මාධ්‍ය සාකච්ඡාව පැවැත්වූයේ දයාල්ගේ මිතුරාට අයත් හෝටලයේමය. උසාවියෙන් දයාල් වැරදිකරුවෙකු බව ඔප්පු වූවත්, දඬුවමක් ලෙස අමායා වෙත යම් වන්දි මුදලක් ලබා දෙන්නට නියම වූවත්, මාධ්‍ය ඉදිරියේ දයාල් රඟපෑවේ දයාසිරිගේ පිටපතට අනුවය. ඔහු පැවසූ සේම දයාල් කඳුළු සැලුවේය. දෑස් මිරිකා ගත්තේය. තම පෙම්වතියව තෝරා ගනිද්දී සැලකිලිමත් වන ලෙස තරුණයන්ට අවවාද...
“ලොකු නෝනා.. ලොකු නෝනා…අපේ සුදු මහත්තයා නඩුව දිනලා..”
නන්දනී සිය ජංගම දුරකථනයත් රැගෙන දිව ගෙන එද්දී තමාරා උන්නේ සඳැල්ලට වී කාන්තා පත්තරයක් කියවමින්ය. යුගාශ් එවා තිබූ කෙටි පණිවිඩය ඈ දුටුවේ මින් විනාඩි කිහිපයකට ඉහතදීය. තමාරා එයට සුබ පැතුම් පණිවිඩයක් තැබුවා පමණි.
“කවුද නන්දනීට කිව්වේ..”
“මට අල්ලපු ගෙදර වැඩ කරන රානි මේ දැන්...
මුලින්ම උසාවි ශාලාවට ඇතුළු වූයේ යුගාශ්ය. ඉන් පසු පිළිවෙලින් තීක්ෂණත් අමායාගේ මව්පියන් දෙදෙනා සහ ඇගේ පාසලේ විදුහල්පතිවරයාත් විය. පුෂ්පානන්ද උසාවි ශාලාවට පැමිණියේ විනාඩි කිහිපයක් ඉක්ම ගියාට පසුවය.
වෙනදා ඔහුගේ මුහුණෙහි වූ ගාම්භීර පෙනුමවත් ඒ ගමනෙහි වූ ගාම්භීර කමවත් නුදුටු යුගාශ් තම අසුනෙන් නැගී සිටියේ කලින් සිතා මතා සැලසුම් කර නොවේ....