ඈත දුර ආකාසේ

"ඔයාට හිතෙන්නේ නැද්ද ඔයාලගෙ නංගි ඔයාවත් නරක් කරනවා කියලා.." දියත උද්‍යානයට හිරු බැස යමින් පැවති හැන්දෑවක ආදිත්‍ය ඇසූයේ බීම වීදුරුවේ පිපෙන සීත බිඳිති මත ඉරි අඳින තුරුලිගෙනි.ඇයට මේ මොහොතේ උවමනා කර තිබුණේ උණුසුම් පානයකි.එහෙත් ආදිත්‍ය ඇගෙන් නොවිමසාම ගෙන ආවේ සීත බීමකි. "එයා ඉතිං වෙනස්නෙ." ඇය කෙටි පිළිතුරකින් සෑහීමට පත් වන්නට සිතුව මුත්...
ආකාශය අන්තාපරිමාණ දුරකට විහිදී ඇති අන්දම දෙස නෙත් අලවාගෙන තුරුලි බොහෝ වෙලාවක් ගෙමිදුලට වී සිටියා ය.අහසට තෙරක් නොමැත.එහි පියඹා යා හැකි දුර අසීමිත ය.නමුත් කූඩු කිරිල්ලකට හැකි වෙන්නේ ආකාශය දෙස දෑස් හෙළමින් බලා සිටින්නට බව ඇයට නොහැඟුණා නොවේ. "හෙටත් නිවාඩුද ලොකූ?" අම්මා මිදුලට ආවේ තුරුලිගේ සිතුවිලි දැහැන බිම දමමිනි.අහුලාගන්නට තරමට වටිනා...
ඊළඟ දින කිහිපයක්ම තුරුලි ගෙවූයේ මඟ බලන්නට ය.ආදිත්‍ය ඇගේ ඇමතුම් ද කෙටි පණිවිඩ ද නිර්දය ලෙස මඟ හරින්නට ගත්තේ ය.ඇය ඉකිලමින් ඒවා දරා ගත්තා ය. "දෙයියන්ගෙ නාමෙට මේ ගමනවත් බ්‍රේකප් වෙනවා අක්කේ.අඬ අඬ ඔය මිනිහා පස්සේ නොයා. " තුරුලිට නැගණිය පැවසුවේ තදිනි.ඒත් ඇයට ඒවා අසන්නට ඕනෑ නොවී ය. තුරුලිට ආදිත්‍ය මුණ ගැසෙන්නේ...
ඒ රාත්‍රියේ තුරුලිට නින්ද දිගු විණි.දතක අමාරුවක් යැයි කාර්යාලයට ද පවසා නිවාඩුවක් දමන්නට ඇය තීරණය කළේ ඇඳේ එහෙමෙහෙ පෙරළෙමින් සිටිය දීම ය. "අක්කා..අපි සිංහරාජෙ යනවා මේ වීකෙන්ඩ්.කෑම්පින් කරන්න තමයි හිතන් ඉන්නෙත්.ටිකක් හිත හරියන්න හිතාගෙන යං ද? මැදියම් රැය ගෙවෙද්දී කාමරයට ආ සඳලි ඇසුවා ය.තුරුලි එකෙලමෙකෙල වන්නට ගත්තා ය. "රනුක එන්නේ නැද්ද ඉතිං.." අක්කා...
හැන්දෑ අහස පඬු පැහැයට හැරෙමින් තිබිය දී තුරුලි දියත උද්‍යානයෙන් පිටතට ආවේ මුහුණ වැහෙන්නට සාරි පොට දවටා ගනිමිනි.ඉදිමී එන කම්මුල ලෝකයෙන් සඟවා ගන්නට ඇයට ඕනෑ විය.නමුත් දෑසින් උතුරා ගලා යන කඳුළු නිසා එකසිය හැත්තෑ හතරේ අංකය රැගත් බසයක් එනතුරු මඟ බලන්නට තරම් හැකියාවක ද නැත.අනෙක් කාරණය තවමත් කෝපයෙන් පුපුරා...