හේමන්ත සන්ධ්‍යා

තද අව්වක් මහරගම අහස මතින් කාන්දු වෙමින් තිබිණි. අහස තද නිල් පැහැයක් ගත්තේ ය. තැන් තැන් වල සුසුදු වළා කැටිති කිහිපයක් නිසොල්මනේ වැතිර තිබෙනු දකිත හැකි විය. බෝ ගසේ කොළ සිලි සිලි හඬ නංවමින් සුළඟ හා පොර බැදුවේ ය. ඒ සුසිල් සුළඟ නිසා, සූර්ය තාපයෙහි දාහය තවම ඒ හැටි...
පොත් සාප්පුව පටන් ගැනීම වෙනුවෙන් කළ යුතු වැඩ ටික කරන්නයි ඩෙස්මන් නිකිනි ට කීවා ය. ඒ සඳහා දැරිය යුතු පිරිවැය ගැන බිය නො විය යුතු බව ද ඔහු වැඩි දුරටත් ඇය ට දන්වා සිටියා ය. මිත්‍ර දන්නා හඳුනන බොහෝ පිරිසක් කලා ක්ෂේත්‍රයේ සිටියෙන්, ඔහු අවශ්‍ය කටයුතු සොයා බලා කර...
නිකිනි ගේ මුළුතැන්ගෙයි මේස මත ලීක්ස් හා ලූනු ගස් වැවුණේ ය. විසිතුරු වතුර බෝතලයක් මත ලූනු ගෙඩි තබා ඕ ලූනු පැළ හැදුවා ය. උයන ගමන් ලීක්ස් ගහේ මුල කොටස කපා යෝගට් බඳුනක දමා තැබීමෙන් ලීක්ස් ගස් කොළ නගා වැඩිණි. කැරට් අල වැලි බඳුනක සිටුවා ඕ ලස්සනට කැරට් ගස් වැව්වා...
මංජුල ගේ ප්‍රතිචාරය ගැන නිකිනි ට කේන්තියක් දැනුණේ නැත. නමුත් ඇය තරමක විමතියකට පත් වූවා ය. සිය බිරිය සමාජ ගත වෙනවාට හෝ ආර්ථික වශයෙන් ස්ථාවරයක් ඇති කර ගන්නට උත්සාහ කරනවා ට, මංජුල වාගේ උගත් සමාජය නියෝජනය කරන පිරිමින් පවා මේ තරම් බිය ද? නිකිනි හිතින් සිනා සුණා ය.  සන්සුන් ඉරියව්වෙන්...
බෙහෙත් පොට්ටනියෙන් තවන ගමන් නිකිනි හිටියේ කල්පනාවක ය. ඇයට ගුවනි ව සිතින් පිටමන් කළ නො හැකි තරමි. ඈ ගැන මහත් අනුකම්පාවකින් හදවත උණුහුම් වී තියේ.  ගැහැනුන් වී ඉපදුණ පළියට ඉරණම මේ විදිහට එළවා පහර දිය යුතු ය. ඉරණම එසේ කරනවා නම් ඒ හා පොර බැදිය යුතු ව තියේ.  ආර්ථික වශයෙන් ශක්තිමත්...
උදේ කෑමට නිකිනි මාළු බනිස් තැනුවා ය. මීට ටික දිනකට කලින් කෑම කියන්නේ ඇගේ දිවියේ නො වැදගත් ම අංගය වූයේ ය. ඈ යමක් කෑවේ අතිශය කුස ගිනි දැනුණා ට පසුව ය. කම්මැළි සිතුණොත් එ්ත් නොකා සිටියා ය. ප්‍රධාන ආහාර වේල් තුන මංජුල නිසා පිළියෙල කළ යුතු ම වූයෙන් ඈ...
නිකිනි ගේ මුහුණ ට එබී ගෙන සිටියේ පුර සඳක් සේ බබලන උවනකි.  "මිස්..." ඇය ඉතා ම පවිත්‍ර ලෙස සිනහ වූවා ය. නමුත් මේ යුවතිය කවුදැයි නිකිනි ට නිනව් වූයේ නැත. "මිස්...නිකිනි මිස් නේද..." "ඔව්..." "මං ගුවනි...එදා මිස්ට කෝල් කළේ...කැම්පස් එකේ..." ගුවනි! නිකිනි ක්ෂණික කම්පනයකට ලක් වූවා ය. සිය සැමියා ගේ පෙම්වතිය ඇවිත් මේ විදිහට කතා...
කුළී රියෙහි අසුන කොනක ගුලි වී ජංගම දුරකතනය කනේ ඔබා ගෙන නිකිනි සිටියේ ඇස් දෙකත් පියවෙන්නට හැර ගෙන ය. සාමාන්‍යයෙන් හදවතත් එක්ක වැඩි සම්බන්ධයක් ඇති දෙයක් ගැන කතා කරත්දී හෝ සිතත්දී හෝ ඇස් දෙක පියවීම ඈත් නො දැන ඇය ට වෙන දෙයකි. නමුත් මේ සිටින්නේ කුළී රියක ගමන් කරමින්...
තවමත් වැස්ස වසියි!  වැසි හඬත් සුළඟේ හඬත් එක් ව ඇති කරන හෝ හඬ නිකිනි ගේ හදවතේ දුක් ගීයක් ගයයි.  නමුත් ඇය වැස්සට පෙම්වත් වූවා ය. එදා විදත් විසි වසරකට පස්සේ ඔබේසේකර මැදුරට ආවේත් වැස්සක් අතරිනි. පෙර දින ඔහු හා ඈ අතර ඇති වූ පණිවුඩ හුවමාරුවත් වැස්ස පාදක කොට ගත්තකි. ඒ හින්දාමද...
උදෑසනින් දිය නා ගැනීම නිකිනි  පුරුද්දක් වශයෙන් කරන්නට ගත්තේ මංජුල ට වෙනත් පෙම් පලහිලව්වක් ඇතැයි දැන ගත්තා ට පස්සේ ය. ඔහු ගේ අනිත් අන්තයේ හිඳින ස්ත්‍රිය කවර තරාතිරමක කවරෙකු වුව ද ඇයත් එක්ක තරඟයකට වැටී දිනන්නට නිකිනි ට උවමනා වූයේ නැත. දැනටමත් ඇය මුළුමනින් පැරදී ඇති බව නිකිනි දැන...