මල් බිඟුන්

සාන්වී ගේ දරු ප්‍රසූතියට දින දී තිබුණේ මැයි මාසයටයි. එය සොඳුරුතම වූ බලාපොරොත්තුවක් විය. අශ්විනී බිළිඳා වෙනුවෙන් අවශ්‍ය සියලු කලමනා මිල දී ගෙන ලංකාවට එව්වා ය. ළදරු නිශ්පාදන සහිත සාප්පු වෙත ගොස් ඒවා තෝරත්දී ඇගේ හිතට දැනුණේ වචන කෝටි ගණනකින්වත් පැහැදිලි කළ නො හැකි ආකාරයේ හැඟීමකි. හදවත මැද මල්...
අමාගී සහස්‍යා මල්වත්තගේ, විසල් වීදුරු පියන්පත් වසා ලූ විල්ලුද තිර රෙදි දෙපසට කළා ය. ඈ අභියස වන්නේ සඳරැස් ගලන සයුරු වෙරළකි. තඹ පාට සඳ පානේ තඹවන් වැල්ලෙහි පෙම් කෙළිනා රැල්ල, වෙරළට හාදු දී යළි දියඹෙහි සැඟවෙන්නේ දඩබ්බර පෙම්වතෙකු සේ ය. අමාගී යන්තම් හිස හරවා, සුව සේ නිදනා සිය පෙම්බරා...
සාන්වී ට ගර්භණී සමයේ මුල් අවධිය ඉතාමත් අපහසු එකක් වූයේ ය. දැඩි ආහාර අරුචිය නිසා ඇය කෑවේ බීවේ බොහෝ පෙරැත්ත කිරීම් වලින් අනතුරුව ය. නමුත් ඒවා එකෙනෙහි අනිත් පැත්තට වමනය කරයි. ක්ලාන්ත ගතිය ද ඇඟට ප්‍රාණයක් නොමැති වීම ද නිසා දවසෙන් වැඩි කාලයක් ඇය වැතිරීගෙන ම සිටියා ය. අඩු...
මල්වත්තගේ නිවසත් මහානාම නිවසත් අතරේ ඊලඟට ඇති වූ ප්‍රශ්නය නම් අමාගී හා ආර්ය ගේ විවාහය කවදා සිදු විය යුතු ද යන්නයි. විවාහයකට යන්නට තවමත් ඇයට වයස තිබිණි ද, ආර්යගේ සේ ම මණී ගේ ද හිත් වල ඉක්මනින් ඒ කටයුතු අවසාන කිරීමේ ආශාවක් නො තිබුණා නොවේ. "වැඩේ කියන්නෙ මගුල් දෙකකටම අතේ...
ඒ හැඟීම් සමුදාය දරාගන්නා හැටියක් ආර්ය නිර්වාන් මහානාම දැන සිටියේ නැත. කැළතී රළ නගනා ඒ හැඟීම්, උන් හිටි ගමන් හුම්මානයක් සේ හිතෙන් පිටතට දැඩි ප්‍රවේගයකින් විස්ථාපනය වේ. ඔහු අසුනෙන් නැගිට කාර්යාල කාමරය තුළ සක්මන් කළේ ය. යළිත් අසුන්ගත වූයේ ය. යළිදු නැගිට ඔබ මොබ ඇවිද්දේ ය. බැරි ම තැන...
අමාගී ත්‍රිරෝද රියෙන් බැස ගෙට ගොඩ වෙන විට දුටු දර්ශනයෙන් වික්ශිප්ත වූවා ය. බුෆේ කට්ටළයක් කදිමට සකසා ඒවායේ කේටරින් සේවයකින් ගෙනෙනා ලද ආහාර ද්‍රව්‍ය අසුරා තිබුණේ සාදයකට සේ ය. මේ හදිසියේ ගෙදර සාදයකට සූදානම් වූයේ කෙසේ ද? ඒ ඇයි? ඊට හෝරාවකට දෙකකට පෙර දුරේශ් ඈ අතට මුදල් දුන්නේ ගෙදර...
අමාගී සහස්‍යා මල්වත්තගේ, විනිවිද පෙනෙනා වීදුරු බඳුනකට සේපාලිකා මල් ඇහිඳ එකතු කළා ය. මේ මල් වාරයේ ආරම්භක දවස් මේ ය. ඒ නිසා සේපාලිකාවන් වඩාත් ලොකු හා නිරෝගී ය. සුවඳින් ද වැඩිය කියා අමාගී ට සිතේ. ගිම්හානයේ අග මල් වරා එත්දී ඈ අතු කප්පාදු කරවාගත්තේ රුසිරු ලවා ය. වස්සානයේ දී...
ඒ හදිසි අවස්ථාවේ ආර්ය හා සන්දේශ් ක්‍රියාත්මක වූයේ සෞඛ්‍ය අංශයේ පළපුරුදු වෘත්තිකයන් මෙනි. අමාගී අතිශය කලබලයට පත්ව සිටියා ය. තාත්තා ගේ ජීවිතයට කරදරයක් වෙතැයි යන බිය නිසා ම ඇගේ මනස අක්‍රිය වූවා සේ ය. කුමක් කළ යුතු ද යන නිරවුල් සිහිය ඇය වෙත නොවී ය. ආර්ය මෝටර් රථය ගෙනෙත්දී...
සන්දේශ් ගේ ජාතික හැඳුනුම් පත තැපැල් මාර්ගයෙන් පැමිණියේ ය. ඒ සෙනසුරාදා උදය කාලයක් නිසා ඔහු ද ගෙදර සිටියේ ය. ඒ, එය ආයේ කවදාවත් ලැබේ යයි ඔහු බලාපොරොත්තු අතැර සිටි වෙලාවකි. හැඳුනුම් පත අස්ථාන ගත වී ඇති බවට පැමිණිල්ලක් දමනු වස් පොලීසියට ගිය වෙලාවේ ඔහු ට දැනුම් දුන්නේ එය අත පත්...
ආර්ය නිර්වාන් මහානාම රියෙන් බැස්සේ සම්පූර්ණ නිදහස් මිනිසෙකු ලෙසයි. ඔහු ගේ මුව මත ඔහු ම නොදන්නා ලා හසරැල්ලක් සරැලි නැගුවේ ය. ඇතැම් දේවල් තමන්ගේ ම ජීවිතය මත්තෙහි සිදු වන තුරු එවන් දේවල් විය හැකි යයි සිතීම පවා දුෂ්කර වේ. දික්සාදය යනු ආර්යට ද එවැන්නකි. ඔහු එකී තීරණය ගන්නට තරම්...