දුරේශ් මල්වත්තගේ බරාඳයෙහි හාන්සි පුටුවේ වැතිර හැන්දෑව දෙස බලා සිටියේ ය. දැන් පරිසරයෙහි වන්නේ කුර ගාන අඳුරට පරාජය වීමට කැමැත්තෙන් සිටිනා එළියකි. ඒ එළිය දීප්තිමත් නැත. මළානික ද නැත. නමුත් ආලෝකයට වුණත් වෙහෙසක් දැනෙන වෙලාවක් උදා වේ. ගිමන් නිවීමක අවශ්‍යතාවයක් එළඹේ. රාත්‍රියට ඉඩ දී මඳක් පසුබාන්නේ එබැවිනි. ජීවිතයටත් එහෙව්...
ආයු රෝහලේ සිට ගෙදර ගෙන පැමිණි ඉක්බිති, මහ වැස්සක් වැස නිමා වූවා සේ පරිසරය මුළුමනින් නිශ්චල විය. ආයු සම්බන්ධ සියලු තීරණ ගැනුණේ අමාගී අතිනි. ඇගේ වචනයකට කිසිවෙකු විරුද්ධ වූයේ නැත. ආයු ගේ සම්පූර්ණ භාරකාරත්වය නො නිල වූ මාර්ගයකින් ඇයට පැවරුණා සේ ය. ආයු දිනෙන් දින වඩා සුව අතට ද...
අමාගී සිටියේ ආයු වඩාගෙන රෝහල් කුටියේ විසල් වීදුරු කවුළුවෙන් පිටත කොළඹ නගරය දෙස බලාගෙන ය. මුළු නගරය කණාමැදිරි තිත් ගොඩක් වන් ආලෝක පුංජ සමූහයකට කැටි වී කැන්වසයකට සීමා වී ඇති සිතුවමක් සේ ය. ඒ වූ කලී නො නිදන නො සැලෙන නගරයකි.
ආයු හයියෙන් හුස්ම ගනී. අමාගී ගේ ගෙල වැලඳ උන්...
රුසිරු හා මණී ගෙයින් මිදුලට බසිනා විට අමාගී සිටියේ ආයු තදින් පපුවට තද කරගෙන ය. ඇය දහදියෙන් පෙඟී ගොස් සිටියා ය. නමුත් ඇස් වල එක කඳුළක්වත් වූයේ නැත. ගෙදර අය දුටු ගමන් මේනකා ආයු ව අත්හැරියා ය. රුසිරු ඇසිල්ලකින් ගේට්ටුව වෙත දිව ආවෙන් නිධී ට නික්ම යන්නට අවස්ථාව ලැබුණේ...
සන්දේශ් වෙත වූ පිරුණු බව ඇදී ගොස් ඔහු මඳක් කෙට්ටු වී තිබිණ. ඇස් වල ලා රත් පැහැයක් තැවරීගත් අතර ඒවායේ දුක්බර බවක් වූයේ ය. යතුරුපැදිය ගේට්ටුවට මඳක් ඔබ්බෙන් නතර වෙත්දී මුලින් ම අමාගී ඒ වෙත දිවගෙන ගියා ය. සන්දේශ් බයිසිකලයෙන් නො බැස, කකුලක් බිමට තබාගෙන එහි වාඩි වීගෙන ම...
ලස්සන ම දවස් තියෙන්නේ සති අන්තයට ය. එ් දින වල ගෙවල් දෙකේ ම හැම කෙනෙක් ම වාගේ සිටිති. ශාක්‍ය විතරක් ඇතැම් විට සාප්පුවට හිර වේ. සති අන්තයේ ව්‍යාපාරික කටයුතු වැඩි බැවිනි.
මල්වත්තගේ ගෙදර සැබවින් මල් වත්තක් වන්නේ සති අන්තයට ය. ගෑනු ළමයින් තිදෙනෙකු සිටිනා ගෙදරක් යනු මල් වත්තක සිරියාව නො...
අමාගී සිය උරයෙහි ආයු නිදිගන්වමින් සිටියා ය. උර මඬල මත කම්මුලක් සතපාන, දෑතින් ඇගේ ගෙල බදාගෙන නිදන්නට ඔහු ආස ය. ඒ සඳහා ඇය මෘදු සක්මනෙහි යෙදිය යුතු වේ. ගීයක් හෙමිහිට උගුරෙන් මිමිණිය යුතු ද වෙයි. එතකොට ආයු හෙමි හෙමිහිට සුරංගනා ලොවකට යයි. එහෙම මොහොතකට අමාගී ද ආස ය. ආයු...
ආර්ය ගේ මෝටර් රථය නැවතුණේ මල්වත්තගේ නිවසත් මහානාම නිවසත් වෙන් කරනා පොදු තාප්යෙන් වෙන් වෙන ගේට්ටු දෙක ඉදිරියෙහි ය. ඒ වෙලාවේ ශාක්‍ය මිදුලෙහි සක්මන් කරමින් සිටියේ ය. නිධී ආයු බලන්නට ඕනේ කියමින් ගේ ඉදිරියට විත් කලබලයක් කරන බව දැනුම් දී අම්මා මණී ගෙන් දුරකතන ඇමතුමක් ලැබුණු ගමන්, ශාක්‍ය ගෙදර...
රළ නගන අප්‍රමාණ සයුර මත මොහොතකට අමාගී ගේ දෑස් රැඳිණි. සිතත් ඔය සයුර වාගේම ය. අපමණ සිතිවිලි නැගී බිඳේ. යළිත් නැගේ. එහෙව් හිත දමනය කරගත හැකි නම් යමෙකුට සාමය හා සැනසීම සොයාගත හැක. නමුත් අමාගී තවමත් වෙරළෙහි සිටින්නියකි. දියඹ දිනන්නට තව බෝ පාරමිතා පිරිය යුතු වේ.
"කොහෙද යන්නෙ...ගෙදර නෙවෙයිද..."
ඔහු ගේ...
ආර්ය නිර්වාන් මහානාම අමාගී ගේ අතේ මැණික්කටු සන්ධිය අල්වාගත්තේ තදිනි. සැබවින් එය රිදෙනා ඇල්ලීමකි. නමුත් අමාගී සවන්‍යා මල්වත්තගේ ට ඒ රිදුම දැනුණේවත් නැත. ඊට වැඩිය ඇගේ හිත රිදෙමින් තිබූ බැවිනි."මොනාද ආ ඔය කියවන්නෙ… මං මොකටද ඔයා ආයුට ලං වෙනවට අකමැති වෙන්නෙ… මේනකාව ආයු බලාගන්න ගත්තෙ එතකොට හැමෝටම පහසු නිසා....