Novels

Pathok Malaka Premaya
රෝහලේ ඇති ෆාමසියෙන් වෛද්‍යවරයා නිකුත් කළ ඖෂධ මිලට ගන්නා ධීර දෙස මා බලා සිටියේ බර වී ගිය හදවතිනි.ඔහු මවෙත ආවේ අර නිවී ගිය සිනාවෙනි. "මෙන්න ඔයාගේ කාඩ් එක." ඔහු මගේ බැංකු කාඩ්පත මවෙත දිගු කළේ ය.ඖෂධ මිලට ගන්නට පෙර මම වහා එය ඔහු අත තැබීමි. "පුදුම ලොකුකමක්නෙ තියෙන්නෙ.මට ඩොක්ටට කරපු පේමන්ට්...
මංජුල විසින් නිකිනි ට පහර දී ගෙයින් එළියට දැම්මා යි දැන ගත් වෙලේ ඔබේසේකර මැදුර කම්පිත ව නිසල විය. ඊට හේතුව ඇය විදත් සමග දුරකතන සංවාදයක සිටීම යයි දැන ගත් මොහොතේ පාලිකා පුපුරා හැළුණා ය. "මොන නැහැදිච්ච වැඩක්ද නිකිනි ඔයා කරල තියෙන්නෙ...අපේ මුළු පවුලට ම වෙච්ච ලැජ්ජාවක් මේක. කොල්ලෙක් එක්ක...
Pathok Malaka Premaya
ගැහෙන අතකින් මා දුරකථනයේ ඇමතුමට සම්බන්ධ වූයේ හදවත වේගයෙන් ගැහෙද්දී ය.අසන්නට උවමනාම හඬකින් බොහෝ කාලයකින් ඇමතුමකි. මම තරප්පු පෙළ මත හිඳ ගතිමි. "තමුන්ගෙ ඔලුව නරක් වෙලාද සාරා ඔහොම හැසිරෙන්නේ." පසන්ගේ වේගවත් කටහඬ හදවත කැබලි කර දැමී ය.මා කුමක් කළාදැයි සිතමින් මම ගැහෙන්නට ගතිමි.කාලයකට එපිටදී නම් දෙතුන් වතාවක් සරනි සමඟ ගැටුමට පැටලෙන්නට...
දෙපා අභියස ම බෝම්බයක් පුපුරා ගිය සෙයින් නිකිනි කම්පිත ව බලා සිටියා ය. මංජුල දුරකතනය සිය සවනට ගත්තේ යක්ෂාවේෂ වූ මිනිසෙකු ගේ විලාශයෙනි. නිකිනි ඒ තරමට තැති ගත්තේ ඔහු විදත් ට කුමක් පවසනු ඇතදැයි බියෙනි. ඇයට නම් මොනවා කීවත් කම් නැත! "කවුද මේ...." මංජුල හඬ තානය වඩාත් දැඩි කොට ඇසුවේ ය.  "මංජුල...මං...
Pathok Malaka Premaya
ධීර සිටියේ මවෙත නෙතු දල්වාගෙන ය. ඔහුගේ ඒ නිවී යන බැල්මේ දැවටී මම මොහොතක් ගෙවීමි. "ඔයා දැක්කද මං සමහර ස්ටෝල් වලින් ඒ පොත් ලියපු රයිටර්ට කියලා සයින් කරගන්නවා.." ඔහු හිස සැලී ය.ඇතැමෙකු සමඟ ඡායාරූප පවා මට රැගෙන දුන්නේ ධීර ය. "මං එයාලව එහෙම දන් නෑ.ඒකයි ඔයාට කතා කරන්න දීලා පැත්තකට වෙලා හිටියෙ." ධීර...
ඩෙස්මන් ගේ තෙල් සාත්තුව කිරීමෙන් පසු නිකිනි අයිස් කෝපි එකක් ද සමගින් සහස් සොයා ගියා ය. ඔහු සිටියේ  ඔබේසේකර මැදුරේ නිකිනි ගේ ප්‍රියතම ස්ථානය වන සඳැල්ලෙහි ය. "මොනාද අප්ප ඔච්චර කල්පනා කරන්නෙ..." සහස් අතට වීදුරුව පිළිගන්වමින් නිකිනි වේවැල් පුටුවෙහි අසුන් ගත්තා ය. "ඔයා ගැන" "මං ගැන...අනේ මේ...අක්ක ගැන බර ඔළුවට අරං කල්පනා කරන...
Pathok Malaka Premaya
ඉතා මන්දගාමීව ඉදිරියට ඇදෙන බස් රිය ගැන මට උපන්නේ තරහකි.දැනටමත් දෙකේ හෝරාව පසුව ගොස් ය.මගේ ගමනාන්තයට තව මඳ දුරක් ඇත.දේශනයක් අවසන් වී එන්නට තීරණය කිරීම නිසා මා ද පමා වූ බව සත්‍යයකි.එකසිය තිස් අට මාර්ගයේ බස් රථ විශ්වාස කිරීම ඊට වඩා අනුවණ ක්‍රියාවකි. "ඊයෙ හොඳටම උණත් අරන් අද ආයේ යනවද?"...
තද අව්වක් මහරගම අහස මතින් කාන්දු වෙමින් තිබිණි. අහස තද නිල් පැහැයක් ගත්තේ ය. තැන් තැන් වල සුසුදු වළා කැටිති කිහිපයක් නිසොල්මනේ වැතිර තිබෙනු දකිත හැකි විය. බෝ ගසේ කොළ සිලි සිලි හඬ නංවමින් සුළඟ හා පොර බැදුවේ ය. ඒ සුසිල් සුළඟ නිසා, සූර්ය තාපයෙහි දාහය තවම ඒ හැටි...
Pathok Malaka Premaya
සුපුරුදු ලෙස මට තදින් උණ ගත්තේ අප ප්‍රදර්ශන භූමියෙන් පිට වෙද්දී ම ය.හඬන්නට ඕනෑ මුත් නොහැඬෙන ස්වභාවය පැමිණි පසු මට මා පාලනය කර ගන්නට බොහෝ අපහසු ය.බස් රියට ගොඩ වූ වහා කේතකී මට ඇගේ උරහිසේ නිදන්නට දුන්නා ය.අපට පසුපස අසුනේ හිඳගත් චමත්කා නිර්වාන් සමඟ චටපට ගාමින් පසන්ට බැන වදින...
පොත් සාප්පුව පටන් ගැනීම වෙනුවෙන් කළ යුතු වැඩ ටික කරන්නයි ඩෙස්මන් නිකිනි ට කීවා ය. ඒ සඳහා දැරිය යුතු පිරිවැය ගැන බිය නො විය යුතු බව ද ඔහු වැඩි දුරටත් ඇය ට දන්වා සිටියා ය. මිත්‍ර දන්නා හඳුනන බොහෝ පිරිසක් කලා ක්ෂේත්‍රයේ සිටියෙන්, ඔහු අවශ්‍ය කටයුතු සොයා බලා කර...