Novels

වායු සමීකරණ තත්ව යටතේ රිය තුළ වූයේ සිසිලකි. ඉන් පිටත ඈතින් පෙනෙන පරිසරය හරිත වර්ණයෙන් බැබළීම ත්, ඈතට ඈතට විහිදී යන නිල් කඳු යායත් නිසා මා මනසින් මවා ගෙන හිටියේ කඳුකරය බඳු තත්වයකි. මම සිතින්, සීතල කඳුකරයෙහි හුදෙකලා වූ හදවතින් දැවෙන ආත්මයක් වූයෙමි. කුසල් නික්ම ගියේ අතිශය කේන්තියෙනි. නමුත් කිසි...
තුෂී ඉරිදා පත්තර මිටිය ම දිග ඇර ගෙන රැකියා පුරප්පාඩු කියවමින් ද ඒවා අතරින් ඇගේ හිත ගන්නා ඒවා සටහන් කර ගනිමින් ද සිටියා ය. වැහි වළාවකින් අහස් ගං දිය බොර පාට ගැන්වී තිබි නිසාවෙන් පරිසරයෙහි වූයේ දුක්බර අඳුරු බවකි. මම ඉස්තෝප්පුවේ වූ ඉපැරණි ඇඳි පුටුවකට වී, ඈතින් පෙනෙන නිල්...
සැඳෑ අහස පුරා වර්ණවත් පැහැ ඇඳෙමින් තිබිණ. හවස් යාමයේ අහස මගේ ප්‍රියතම දසුන යැයි පැවසීම මුසාවක් නොවේ.හැන්දෑ අහසට මොනතරම් පැහැ තිබුණ ද මා ප්‍රිය කරේ ඒ හැම පාටම "හැන්දෑවේ පාට" ලෙස නම් කරන්නට ය. හැන්දෑවේ පාට දවසේ ලස්සන ම පාට වන්නට මට හේතු නොතිබුණා ම නොවේ.එහෙත් තෙමසක ට කලින්...
ගයාත්මි විජේගුණවර්ධන කියන්නේ, කුඩා කල සිට ම- සිය නිවස තුළ දී ම තනි වූ දැරියකි. දෙමාපියන් නීතියෙන් වෙන් ව ගොස් කැඩී ගිය පවුලක, මවු පිය දෙදෙනා ගෙන් එක් අයෙකු තෝරා ගන්නට වන ඕනෑ ම ළමයෙකු ට ජීවිතයේ යම් යම් අවස්ථා වල අත් විඳින්නට වන අසරණ කම හා බැඳුණු හුදෙකලාව...
කුසල් ගෙන් මගහැරී ගිය දුරකතන ඇමතුම් ටික දුටු මට දහදිය දැම්මා කීවොත් මුසාවක් නොවේ. ජංගමය අතේ තබා ගෙන මා හිතුවේ පෙරලා ඔහු ට ඇමතුමක් ගන්නවා ද නැත් ද කියා ය. කොහොම කළත් දැන් ඔහු පරල වී හිඳින බව මා නො දන්නවා නොවේ. අතෙහි තිබියදී ම දුරකතනය නැවත හැඬවෙන්නට ගති....
අත්තම්මා එක්ක මා කාමරයෙන් නික්මෙන්නට හදනකොට ම ජංගම දුරකතනය හැඬවෙන්නට ගත්තේ ය. මගේ හදවත අලුතෙන් ම ගැස්සුණේ ය. කුසල් ආයේමත් කතා කරනවා ද යන බියෙනි මා දුරකතනය ගත්තේ. නමුත් තිරයෙහි සනිටුහන්ව තිබුණේ තුෂානි ගේ නම ය. "තුෂී...මගෙ යාළුව කතා කරන්නෙ" කාමරයේ දොර ළඟ නතර ව මදෙස බලා හිඳින අත්තම්මා ට මම...
උඩහමුල්ල ට සේ නොව අවිස්සාවේල්ල ට රාත්‍රිය තරමක් සිහිලැල් ය. නිවස පිහිටි බිම උස් වූ නිසා ඒ සිසිලස වඩාත් තීව්‍ර වූවා කියා සිතමි. කාමරයේ දිගු ජනේල පියන් විවර කර ගෙන මම සීතලට මඳ පවනැල්ල හා එක් වී වෙළී කාමරයට එන්නට ඉඩ හසර පාදා දුනිමි. සුළඟ, සුදු සිනිඳු සේද තිර...
නත්තසූරිය මල් වැටට මත්තෙන් මළ හිරු බැස යමින් හිඳී. මම කඳු බෑවුම ඇරඹෙන තැන වන සිමෙන්ති බංකුව මතට වී, එහිරු සිය අවසාන කිරණ පොදත් කහ පාට නත්තසූරිය මල් මත තවරනාකාරය බලා ගෙන සිටියෙමි. මේ මොහොතේ මල් පෙනෙන්නේ තැඹිලි හෝ ලා රත් පැහැයකට ය. මළ හිරු ය කීවාට හිරු කවදාවත් මිය...
ජීවිතේ කියන්නේ අඬ අඬා හිනා වීම බව මම දන්නවා. ඒත් මහා ශාරීරික වේදනාවකට පස්සේ මමත් , ලොකු මානසික තිගැස්මකට පස්සේ භානුත් ඇගේ හැඬුම් ඇහෙනකොට හිනා වුණා. අපේ පුංචි සුරංගනාවි අතට ගත්ත භානුකගේ ඇස් හිනා වුණු හැටි මට කිසිම දවසක අමතක වෙන එකක් නෑ. සිසේරියන් සැත්කම අවසන් වන තෙක්ම මගේ අතින්...
හැන්දෑ හවස පුදුමාකාර ලස්සන බව මට හිතුණේ ගස් අතරින් අතරින් ඉර බහින දිහා බලාගෙන ඉන්නකොට.පුංචි අමුත්තා එන දවස් අත ළඟටම ඇවිත්. භානුකත් වෙනදට වඩා පරිණත වෙලා කියලා මට දැනෙනවා. "මොනවාද පුතේ කල්පනා කරන්නේ" අම්මා තේ එකකුත් අරන් මම ළඟට ආවේ එහෙම අහගෙන. "කාලේ ගිය ඉක්මන අම්මා.. අතේ ඇඟිලි ගණන් කරන තරම් දවස්...