“මම ඩොක්ටර් කෙනෙක් නෙවෙයි නිසා මම දන්නෙ නෑ මල්ලි ඇත්තටම ඔයාගෙ කන්ඩිශන් එක මොකද්ද කියලා කියන්නෙ. සමහරවිට ඇක්සිඩන්ට් එකෙන් වෙච්ච ශොක් එක නිසා ඔයාට නිකන් එක එක දේවල් මතක් වෙනවා වෙන්නත් පුලුවන්. එහෙම නැත්තම් ඇත්තටම මල්ලි අපි දන්නෙ නැති උනාට ඔයාට හම්බුන කෙනෙක් වෙන්න පුලුවන්. ඔයාගෙ ජීවිතේ ඉඳපු හැමෝම...
ඒ හදිසි අවස්ථාවේ ආර්ය හා සන්දේශ් ක්‍රියාත්මක වූයේ සෞඛ්‍ය අංශයේ පළපුරුදු වෘත්තිකයන් මෙනි. අමාගී අතිශය කලබලයට පත්ව සිටියා ය. තාත්තා ගේ ජීවිතයට කරදරයක් වෙතැයි යන බිය නිසා ම ඇගේ මනස අක්‍රිය වූවා සේ ය. කුමක් කළ යුතු ද යන නිරවුල් සිහිය ඇය වෙත නොවී ය. ආර්ය මෝටර් රථය ගෙනෙත්දී...
මන්දාරම් දින දෙකක් නිවාඩු ලබා යළි සේවයට වාර්තා කලේය, එදිනම පසන් රණවීර සමඟ සාකච්චාවක් වෙනුවෙන් වෙලාව වෙන්ව ඇති බව ඔහු දැනගත්තේ සේවයට වාර්තා කලාට පසුවය. සැනින් සිහි වූයේ එදින රැයේ නිම්නාවී ඔහුගේ පසෙකින් ඇවිද ගිය අයුරුය. නිම්නාවී ඔහුගේ පසෙකින් හිඳ උන් අයුරුය. ඉන් පසුව සැනින් ජිනේන්ද්‍ර පැවසූවද සිහි විය.
"නිම්නාවීගේ...
ශාර්වරී උන්නේ නුවර අත්තම්මාගේ ගෙදර පිටිපස්සේ කැනාස් පඳුරු ළඟ හිටගෙන කල්පනා කරන ගමන් ය. අතේ තිබ්බ තේක අත උඩම නිවෙන බව ශාර්වරීට මතක් වෙද්දිත් තේක තිබුනේ හොඳටම ඇල්වෙලාය. නංගි කැම්පස් යන්න පටන් ගත්ත අලුත හන්දා ඉක්මනට එන්න වෙන්නෙ නැති බව ශාර්වරී දනී.
ඉස්සර වගේ උදේම අවදි වී ගෙදර වැඩ පල...
සන්දේශ් ගේ ජාතික හැඳුනුම් පත තැපැල් මාර්ගයෙන් පැමිණියේ ය. ඒ සෙනසුරාදා උදය කාලයක් නිසා ඔහු ද ගෙදර සිටියේ ය. ඒ, එය ආයේ කවදාවත් ලැබේ යයි ඔහු බලාපොරොත්තු අතැර සිටි වෙලාවකි.
හැඳුනුම් පත අස්ථාන ගත වී ඇති බවට පැමිණිල්ලක් දමනු වස් පොලීසියට ගිය වෙලාවේ ඔහු ට දැනුම් දුන්නේ එය අත පත්...
නිම්නාවී සහ ඩයස් රෝහලට ගියේ දිලුම්ට නොපවසාය. දිලුම් උදෑසන වරුවේ රාජකාරී අවසන් කර රන්දුලා සමඟ ආපනශාලාව වෙත ඇවිද යනු ඩයස් සහ නිම්නාවී දුටුවේ අහම්බයෙනි. ඩයස් නිම්නාවී දෙස බැලුවේ සිනාසෙමින් ය.
" මල්ලිගේද ?..."
ඩයස් නිම්නාවීගෙන් විමසද්දී නිම්නාවී සිනාසුණාය. හිස සැලුවාය.
" රන්දුලා අක්කා .... මල්ලිගේ ජීවිතේට ලැබුන හොඳම කෙනා ...."
දිලුම් විශ්ව විද්‍යාලයට...
“මට ආදරෙයි නේද?”
“ම්ම්ම්ම්, ආදරෙයි”
“මගේ විතරයි නේද?”
“ම්ම්ම්ම්ම්”
ඒ කියවීමකට වඩා කෙඳිරි ගෑමකි. රහස් හඬකින් කල පිළිතුරු දීමකි. කවුරුන් හෝ කාන්තාවක් මුදු සුමුදු ස්වරයකින් අහන ප්‍රශ්නවලට උත්තර දෙන්නේ තමන් බව නෙවින්ට පැහැදිලිය. ඒ කවුද කියා තමන් නොදන්න බව ඇත්තක් වුනත් හීනයේ පේන විදියට ඒ හඬ හිමි කාන්තාව තුරුල් වී ඉන්නේ තමාටය. මේ...
නිම්නාවී උදෑසන ඇහැරුණේ ඩයස් ගේ හඬටය. ඕ යහනේ සිටම පියා දෙස බැලුවාය.
" අද දවසම මම පුතා එක්ක ඉන්නවා... වොශ් එකක් දාලා, උදේට කාලා, අපි දෙන්නා එක්ක රවුමක් යමු ..."
ඔහු පවසද්දී නිම්නාවී යහනේ එරමිණියා ගොතා හිඳගත්තාය. පියා සමඟ මෙහෙම බැඳීමක් තිබූ කාලය ඇයට මතකය. ඒ පාසැල් සමයේය. ඔහු කෙතරම් වැඩ...
“ආදරය කියන දේ අපේ හිත රිද්දන එක, බ්රේක් අප් එකක් එහෙම කියන්නෙ ලේසියෙන් මනුස්සයෙක්ට රිකවර් වෙන්න පුලුවන් දෙයක් නෙවෙයි. ඕනම මනුස්සයෙක්ට ඒ වේදනාව දරාගන්න අමාරුයි. එහෙම එකේ ඔයා වගේ පොඩි ගෑණු ළමයෙක් ඒ වගේ දේකින් මෙච්චර දවසක් රිග්‍රෙට් කරපු එක මෙන්ටලි වැටිලා උන්නු එක නෝමල්. ඒක ලැජ්ජ වෙන්න දෙයක්...
ආර්ය නිර්වාන් මහානාම රියෙන් බැස්සේ සම්පූර්ණ නිදහස් මිනිසෙකු ලෙසයි. ඔහු ගේ මුව මත ඔහු ම නොදන්නා ලා හසරැල්ලක් සරැලි නැගුවේ ය. ඇතැම් දේවල් තමන්ගේ ම ජීවිතය මත්තෙහි සිදු වන තුරු එවන් දේවල් විය හැකි යයි සිතීම පවා දුෂ්කර වේ. දික්සාදය යනු ආර්යට ද එවැන්නකි. ඔහු එකී තීරණය ගන්නට තරම්...