වසන්ත ගජනායක හෝටලයේ ලොබිය අසල කෝපයෙන් එහා මෙහා ගියේ දුරකථනය අතැතිවය. ඔහු බලාපොරොත්තු වූ දුරකථන ඇමතුම ආවේ ඒ අතරය.
" කොහෙද කොස්තා උඹ ඉන්නේ? "
ගජනායක කෝපයෙන් වෙව්ලමින් ඇසුවේය.
" එන ගමන් ඉන්නේ බොස් "
" තමුසෙ මෙච්චර වෙලා ෆෝන් එක ආන්සර් කරේ නැත්තේ මොකද ? "
" මට පොඩ්ඩක් නින්ද ගියා බොස්. "
කොස්තා...
උදෑසන සෞම්‍ය වූයේ ය. විශේෂ වැඩක් තිබුණත් නැතත් උදේ හයට යහනෙන් බහිනා එක අන්තරා ගේ පුරුද්දකි. නූපුර ගේ පාසල් සමයේදීත්, ඉන් අනතුරුව පෞද්ගලික විශ්ව විද්‍යාලයක ලංකාව තුළදී ම මුල් දෙවසර තුළ උපාධිය හදාරත්දීත්, ඇය සිතුවේ අළුයම අවදි වෙන එක දඬුවමක් කියා ය. නූපුර සිය උපාධියේ ඉතිරි දෙවසර සඳහා විදෙස්ගත...
අම්මා සහ තාත්තාට මේ කිසිවක් නොපවසා ඉමුයැයි පැහැසරා අසිරුවෙන් ධනුකව එකඟ කරගත්තාය. කල යුත්තේ කලබල වීම නොව, කල්පනාවෙන් ඊළඟ පියවර සැලසුම් කිරීම බව ඕ යලි යලි පැහැදිලි කරාය.
“ මල්ලි ඔය මොක කිව්වත්, ඔය ගෑණි මේ ගෙදරට ගැලපෙන්නේ නෑ කියලා මාත් පිලිගන්නවා ධනුක .. හරි, ඔය මල්ලි කියන කාරණා නිසා...
සමුද්‍ර ආපහු වතාවක් තමන්ව බලන්න ඉස්පිරිතාලෙට එද්දි සප්තමී උන්නේ ඇඳ උඩ වාඩිවෙලා තමන්ගෙ ඉස්සරහ තියෙන කොට තාප්පෙන් එහා පේන බිල්ඩින් එක දිහා බලාගෙන කල්පනා කරන ගමන්. හැප්පිච්ච, රිදිච්ච, තැලිච්ච තැන්වල වේදනාව දැනෙන එක නතර කරන්න බැරි බව දන්නව උනත් ඒක ගැනම හිතද්දි ඒ වේදනාව තව තව වැඩිපුර දැනෙන හන්ද...
" ඔයා කවදාවත් ඔයාගේ පවුලේ අයව හොයන්න ට්‍රයි කරේ නැද්ද ? "
ධීර ඇසූ පැනය හමුවේ තමා ගොළු වූ අයුරු තාදී ට සිහි වූයේ හවස නිවසට එන අතරතුරය.නිවාස සංකීර්ණය වෙත පැමිණෙද්දී දැනෙන තනිකම පහුගිය අවුරුදු විසි අට පුරාවටම දැනුනු එකක් වුවත් තාදී මේ වන විට උන්නේ එය දරා ගතහැකි වයසකය.
තම...
අහස ගුගුරා හැඬුවේ ය. පොළොවට දරාගත නො හැකි තරම් අහස් දිය කඳක් භූමිය දිය කරගෙන ගලා බසිමින් තිබිණ. ත්‍රීරෝද රිය ගමන් කළේ හෙමිහිටයි. තද සුළඟත් වැස්සත් එහි දෙපස ඉටි රෙදි වලට නො කඩවා පහර දුනි. අන්තරා අසුනේ මැදට වී බෑගය තුරුලු කරගෙන සිටියා ය.
ඒ කඩා හැළුණේ කොහෙත් ම බලාපොරොත්තු...
ධනුක එලෙසින් පවසා කාමරයෙන් ඉවතට ගියේද නුරාන්ට හරි හැටි නොවැටහුනු මොනවාදෝ පවසමිනි. පැහැසරා වහා ඔහු පසුපස ඇවිද ගියේ මෙවෙලෙහි කල යුතු පලමු දේ ධනුක සන්සුන් කර ගැනීම බව සිතමිනි. නුරාන් හෙලූ සුසුමේ සැනසීම සහ ඔහුට නොවැටහුනු බරක් තැවරී තිබුණි. එහෙත් අයියා කිසිවක් නොදැන තිබියදී ප්‍රශ්න ඇතිවීම වන්නේ නැති බවත්,...
“දැන් බයික් ඇක්සිඩන්ට් එකක් වෙලා අරගෙන ආව පේශන්ට්ගෙ භාරකාරයන්ට ඩොක්ටර් කතාකරනවා” කියල නර්ස් ඇවිල්ලා කියනකම්ම සමුද්රයි, සප්තමිගෙ තාත්තයි උන්නෙ සප්තමී උන්න තැනින් එලියෙ ඉස්පිරිතාලෙ කොරිඩෝවට වෙලා කඳුලු හලන ගමන්. කකුලෙ ආබාධෙ හන්දා ඉස්පිරිතාලෙට එන්න විදියක් නැතුව ගෙදරට වෙලා ඉන්න ගමන් නිරත්තරයෙන් සප්තමීගෙ සැප දුක අහන්න ෆෝන් කෝල් දෙන් අම්මගෙ...
ධීර Clothez ඉදිරිපිට තම රථය නවත්වා තාදී ගේ රුව සහිත නාම පුවරුව දෙස මොහොතක් බලා සිටියේය. ඉතා අලංකාර මංගල ඇඳුම් ඇන්දවූ ඩමි කිහිපයක් සමග පෙනෙන්නට තිබූ Clothez බැලූ බැල්මට කුඩා ව්‍යාපාරයක් ලෙස පෙනුණේ නැත. තමාගේ පැමිණීම අනිවාර්යයෙන්ම තාදීගේ පුදුමයට හේතු වන නිසා ඒ වෙත ඇතුල් වීමට ධීර තවත් මොහොතක්...
ඕරා ඔෆ් ඇරෝමා
ඒ නම ම අන්තරා ගේ ආත්මයෙහි දෙදරීමක් ඇති කරන්නට සමත් විය. සුවඳ යනු යමෙකු ගේ ඕරාව කෙරේ බලපාන ශක්තියක් ය යන්න ඇය තරයේ විශ්වාස කරන්නී ය. ඒ සිතිවිල්ලෙන් මේ විලවුන් සාප්පුවට මේ නම තැබූ පුද්ගලයාත් කෙතරම් අපූරු තැනැත්තෙකු විය යුතු ද?
ඕරා ඔෆ් ඇරෝමා තුළ වූයේ හෘද ස්ඵන්දනයෙහි...