"නෙත්මි බ්‍රේකප් වෙලා කියලා ආරංචියක් ආවෙත් නෑනෙ"
එදින සවස මා ඒ කතාව හෙළි කරද්දී ඊෂා පැවසුවේ කුතුහලයෙනි. අයියා සමඟ ව්‍යාපාර කටයුතු වලට ගොස් යළි පැමිණි දිනුක ද නිවසේ වූ නිසා ඒ කතාව එක්ව බෙදා ගන්නට අපට හැකි විණි.
"හරි එයා බ්රේකප්මයි කියමුකො. ඒත් ඔය නෙත්මිලා එක්ක මලිඳු ඔච්චර ෆිට් වුණේ කවද්ද...
ඒ සිදු වූයේ කොහෙත් ම නො සිදු විය යුතු ව තිබූ දෙයක් කියා මම සිතමි. මා කම්පිත ව ගියේ ඊට යුගාන්ත ට සේ ම මගේ අම්මා ටත් මැදිහත් වන්නට වූ එක ගැන ය. අසංක එන පොට හොඳ නැති බව කොහොමත් මගේ ගැහැනු ඉවට දැනී තිබුණේ ය. නමුත් මම නිහඬව...
හිමල්ක බොහෝ වෙලාවක් මට සවන් දුන්නේ ය. ප්‍රශ්නයක් අසන අතරම විසඳුම් සෙවීම දිනුකගේ සිරිත ය. ඊෂා කරන්නේ ගැටළුව ගැන බියපත් ව හෝ කෝපයට පත් ව කෑගැසීම ය. කලබල වීම ය. එහෙත් හිමල්ක බොහෝ විට කරන්නේ ඕනෑ තරම් වෙලා කියවන්නට ඉඩ හැර අසා සිටීම ය.මේ හැම ක්රමයම සාර්ථක වන තැන්...
කඳුකරයේ සීතලට නොව මා වෙව්ලන්නට වූයේ අත්තම්මලාට මූණ දිය නො හැකි ලජ්ජාවකින් විය යුතු ය. යුගාන්ත සිය ප්‍රේමාරාධනය ගැන සීයාවත් දැනුවත් කළ බව මම දැන උන්නෙමි. මගේ කැමැත්තකට ඔවුන් එකඟ බව සීයා කී බවත් යුගාන්ත මට කීවේ ය. නමුත් මේ මොහොත මා අපේක්ෂා නො කළ එකකි.
"අඩේ ඒ කියන්නෙ අපේ...
දිනයක් පුරා පැවති මිහිර සේදී ගියේ ඉක්මනින් ය. හිමල්ක අපව නිවසට හැර දා යන්නට ගියේ වදනකුදු නොදොඩා ය. ඊෂාත් මාත් දෙඅත් පටලා නිවසට ඇවිද ආවේ කල්පනාබරව ය. අයියා කොහේ යන්නට ඇති දැයි සිතමින් මම කාමරයට පැමිණියෙමි. ඇඟ සෝදා ඇඳට වැටුණ ද මට නින්ද ළඟා වූයේ ම නැත. ඊෂා කාමරයේ...
මට තාමත් ඒ සියල්ල සිහිනයක් සේ ය. පවුලක් වශයෙන් ඒ මා එහෙම ගමනක් ගියා ම ය. අම්මා ගේ වෘත්තියේ වූ කාර්ය බහුලත්වය නිසා හා ජීවිතයේ සතුට තියෙන තැන් හොයා ගන්නට ඇයට වූ නුවුවමනාව නිසා, කිසි දා මට අම්මා එක්ක එවන් විනෝද ගමනක් යන්නට ලැබී නැත. තාත්තා අප හා සිටි...
මල් ඉහිරී ගිය උපන් දින කේක් එකටත් වඩා මගේ හිතේ මල් ඉහිරෙමින් පැවතිණි. මගේ ළඟම මිතුරන්ට මා සිහි වීම මොනතරම් ආනන්දජනකදැයි සිතමින් මම හිනැහෙන්නට තැත් දැරීමි. නමුත් කඳුලක් දෙකම්මුලේ රූරා වැටුණේ මට නොදැනී ය.
"කේක් එක කපමු.."
ඊෂා මගේ මේසය දඩිබිඩියේ අස් කළා ය. අමෝද අයියා කේක් එක මේසය මත තබා...
'හොරෙක් වගේ ගෙට රිංගලා' යනුවෙන් අසංක කී කතාව යුගාන්ත ගේ හිත රිදවූ බව මට ඔහු ගේ මූණෙන් ම දකිත හැකි විය. ඒ වෙලාවේ යුගාන්ත ගේ මූණට ආ මඳහස කෝපය වසා ගත් එකකි.
"හොරෙක් වගේ ගෙට රිංගුවෙනං නෑ. අත්තම්මත් මාත් එක්ක කතා කරලයි දැං ගේ ඇතුළට ගියේ"
මුලින් කී මඳහසින් ම යුගාන්ත...
ඉතා කාර්යබහුල කාලයක් උදා වී තිබිණි. අම්මා සම්පූර්ණ කැමැත්ත පළ කළ පසු අමෝද අයියා අපේ ගොවිපොළෙහි එළවළු මිලට ගන්නට ගිවිසුම් සැකසී ය. හිත මිතුරුකම් මත පදනම් නොවී ව්‍යාපාරික පදනමින් ඔහු සියල්ල සැලසුම් කරද්දී ඔහු අප රවටන්නෙකු නොවන බව මම වටහා ගනිමින් සිටියෙමි. මගේ තාත්තා ජීවිතය පටන් ගත්තේ බොහෝ පහළ...
වස්සානය ඇරඹී තිබිණි. දරුණු ඉඩෝරයකට නතු ව තිබි දෙරණ තෙමාගෙන ඒ මුල් ම වැස්ස පතිත වූයේ රාත්‍රියේ මැදියමත් ඉක්මවා තිබූ හෝරාවක ය. ඒ වෙලාවේත් මම අවදියෙන් කල්පනා කරමින් සිටියෙමි.
දැන් සතියක් ඉක්ම ගොසිනි. තවමත් මම කල්පනා කරමින් හිඳිමි. යුගාන්ත ගේ ප්රේමාරාධනයට තවමත් මා නිසි ප්‍රතිචාරයක් දක්වා තිබුණේ නැත.
"අනේ මේ ගණං...