Novels

 නුරාන් ඉසිනිගේ මෝටර් රිය පසුපසින්ම ගමන් කර ඇය නිවස අසලින්ම ඇරලුවේය. ඕ නිවසට ඇතුලුවී දොර වසාගෙන ඇමතුමක් දෙන තුරුම උන්නේය. " ඔහොම ලයින් එකේ ඉඳගෙනම යන්න නුරාන්.. මගේ හිතට බයයි .." ඕ පැවසුවේ එපමනකි. නුරාන් බ්ලූටූත් රැඳවුම සක්‍රීය කරගත්තේය. " දොර ලොක් කරගත්තාද ?.." " ඔව් ..." " ඔහොම තනියෙන් තමුසේව තියලා, මට ගෙදර...
" දන්නවද ගල්කිස්සේ Hotel Sea View ?  ඒකෙ අයිතිකාරයා ගේ වයිෆ් ඔය. ලේසි පහසු මිනිස්සු නෙමෙයි තාදී ඒගොල්ලෝ . විසි කරන්න තරම් සල්ලි තියෙනවා ඔය මිනිස්සුන්ට. ඔයාට හොඳයි ඉතින් එයා දිගටම මෙහෙට ආවොත් වැඩ කර ගන්න "  කාන්තාව කියාගෙන ගියාය. ජයමිණි ධනවත් කාන්තාකැයි සිතාගෙන සිටියද ඇය මේතරම් ධනවත් ව්‍යාපාරිකයකුගේ බිරිඳකැයි...
“සමුද්ර දැන් සප්තමීලගෙ ගෙවල් පැත්තෙ නිතරම වගේ රිංගනවලු නේද?” කියල වසන්ත අහද්දි සමුද්ර ගැස්සුනේ එතන තමන් විතරක් නෙවෙයි කෘ එකේ තව කීපදෙනෙක්ම උන්නු හන්දා.මේ තැනට මේ වගේ කතන්දරයක් අවශ්‍යම නෑ කියන එක දැනගෙන හිටියට ඕපදූප හොයන්න ආස මිනිස්සුන්ට ඕපදූප ගැන කතාකරන්න තැනක් නොතැනක් නෑ කියන එක දැනගෙන උන්නු හන්දම...
ජීවිතයේ කිසි දාක නොවූ විරූ සෙයින් දක්ෂිණ ට අඩි පැටළිණි. නැටුම් පන්තිය සම්පතී ට භාර දී හෙතෙම විවේක කාමරයට වී නළල මිරිකා ඇස් පියාගෙන සිටියේ ය. සම්පතී කේන්තියට වේදනා නාශක පෙති දෙකක් හෝ නොදී සිටියා ය. "ආයෙමත් කුළප්පුව හැදිලද කොහෙද...කවුරුහරි නැට්ටිච්චියක් පටලෝගෙන වගෙයි. මං හොයාගන්නංකො ඔය මොකීද කියල" ගෙදරට ගොඩ වූ...
ඉසිනිගේ දෑතින්ම අල්ලා ගත් නුරාන් සෙමින් පිටි අල්ල මහපටැඟිල්ලෙන් පිරිමැද්දේය. ඕ පවසන සියල්ල අතීතයෙන් ඇසෙන ඉකි බිඳුම් ලෙසින් දැනෙන්නේය. ඇය තමා සොයා නොඒම ගැන පවා තරහක් හට ගන්නේ නැති වීම ප්‍රේමය වඩා විසිරිතව අර්ත දැක්වීමක් සේ සිතන්නට නුරාන් රුචි වූයේය. මේ හමුවීම, යලි වසන්තයක් උදා කර දෙමින් විශ්වය වෙතින්ම...
සමුද්ර දිහාවට අත දික්කරපු ජයබාහු සමුද්රගෙ කර වටේට අත දාගන්න ගමන් “මෙමෙච්චර දෙයක් කතා කරපු එකේ හදිසියේ යන්නෙ මොකටද? රෑට කාලම” යන් කියල නන්දා දිහාවට ආපහු බැල්මක් දාලා “නේද නෝනේ?” කියලා අහද්දි නන්දා කලෙත් හිනාවෙලා ඔලුව වනලා ඔව් කිව්ව එක.  “අනේ කරදර වෙන්න එපා අංකල්. අනික දැන් ආන්ටිත් බැරි එකේ...
" වසන්ත ගජනායක " බැල්කනියේ සිට බලා උන්නේ නිවසේ පිහිනුම් තටාකය අසල මිතුරන් සමඟ විනෝද වන තම එකම පුතු වන " ධීර ගජනායක " දෙස ය. ධීර මේ පසු කරන්නේ තිස් වන උපන් දිනය ය. මේ අවුරුදු තිහටම ඔහු ගත කලේ ඉතා සුඛෝපභෝගී ජීවිතයකි. ඉදිරියටත් එය එසේ වනු දැකීම...
ඉසිනි නුරාන් යොමු කර තිබූ නැවතුම වෙත ගොස් යළි නුරාන්ට ඇමතුමක් ගත්තාය. කුස පුරා සමනල් හැඟුමන් දැනෙන්නේය. තමා මේ හමුවන්නට යන්නේ කලකට පෙර තමා විසින් අතැරි අතක් අල්ලා ගන්නටය යන දෙගිඩියාව පරයන නැවුම් බවක් ඉසිනි සතු විය. ධනුකගේ රළු වචන ඉක්මවන දයාවකින් ඇය වටා නුරාන්ගේ වදන් කැරකෙමින් තිබුනේය. එනිසාම...
අන්තරා බරාඳයෙන් මිදුලට බසිමින් සිටියා ය. අද අළුයමත් කඩා වැටුණු අහස, කිසි දෙයක් නො වුණා සේ දැන් නිහඬ ව නිසල ව බලා සිටී. මන්දාරම් ගතියක් උදේ කාලයේ වී ද දැන් නම් රත්තරං පාට හිරු කිරණක් පොළොව කරා ගලා හැලෙමින් තිබේ. දුරකතනය එහා ඉම හඬක් නැගෙනා තුරාවට අන්තරා ගේ දෑස්...
ශවර් එකෙන් වැටෙන සීතල වතුර බිංදු ඇඟ දිගේ ගලාගෙන යද්දිත් සප්තමී කලේ ඇස් දෙක වහගෙන ආයෙ ආයෙම විහාරමහාදේවි පාක් එකේ පාකින් එකේදි කාරෙක ඇතුලෙ මැවිච්ච උණුසුම් ආදරණීය මොහොත ආය ආය මතක් කරන එක. ජීවිතේ පලවෙනි වතාවට කොල්ලෙක්ගෙ පපුවට තුරුල් වෙලා, තමන්ගෙ දෙතොල් පෙති තමන්ටත් අහිමි කරගත්ත ඒ මොහොත සප්තමීට...