"තාදී " කලුබෝවිල පිහිටි Spar එකට ගොඩවූයේ දුරකථනයේ සඳහන් කරගෙන තිබූ බඩු ලැයිස්තුව දෙස අවධානය යොමු කරමිනි. ඇගේ ජීවිතය බඳු වූ " සෙවණ " ළමා නිවාසය සඳහා අවශ්‍ය කරන බඩු බාහිරාදිය මිලදී ගැනීම සඳහා තාදී ඉතා ආසාවෙන් සුපිරි වෙළඳසැල පුරා සැරිසරුවාය.
" තාදී වර්ණකුලසූරිය " . එම වාසගම තමාට පැමිණියේ...
දක්ෂිණ විතානගේ, පපුව තදින් පිරිමැදගත්තේ ය. ඇතුළතින් පැමිණි ඒ රිදුම හෝ දැවිල්ල කුමක්ද කියා හඳුනාගන්නට ඔහු සමත් වූයේ නැත. ඕනෑ වූයේත් නැත. හෘත් ප්‍රහාරයකින් මේ රැයේ මේ යහනේ ම මිය ගියත් කම් නැතැයි ඔහු දෑස් පියවෙන්නට හරිමින් සිතුවේ ය. ඔහු සිදු කොට ඇති පාප කර්ම වල හැටියට, අහසේ හෝ...
ඉසිනි දෑස් යන්තමින් තද කර යලි විවෘත කලාය. අවට සියල්ල යලි අඳුරට පෙනෙන්නේය.
" ම්ම්ම් ..."
" සෝමා නැන්දා කීයටද යන්නේ ?.."
" අනේ එහෙම එන්නෙපා නුරාන් ..මිනිස්සු කතා කියාවි ...ඒක මට කොහොම උනත් ඔයාට හොඳ නෑ ... "
" අපි පොඩි උන්ද තාරා ?..."
" ඒ වුනත් එපා .. එපා ........,"
" හරි ......
සුමල් ව සප්තමීගෙ බඩු ලිස්ට් එකෙ තියෙන බඩු ටික අරගන්න යවල සමුද්‍ර සප්තමීවත් වාහනේ ඉස්සරහ සීට් එකේ දාගෙන සුරුස් ගාලා කොළඹ පැත්තට ගියේ යන ගමන් මොන මොනව හරි කතාකරන්න කියලා හිතාගෙන. ෆෝන් එකෙන් කොච්චර ඒව කතා කරල තිබ්බත් මෙහෙම ඇත්තටම හම්බුනාට පස්සෙ ඕනම කෙල්ලෙක්ගෙ හිතට එන ලැජ්ජාව ඒ විදියටම...
ධනුක ඉසිනිගේ කැබිනය තුළට ඇතුලු වූයේ අවසරයකින් පවා තොරවය. ඉසිනි අසීරුවෙන් සිනාසී ඔහු දෙස බැලුවාය. ඔහු නුරාන් මෙහි පැමිණි බව දන්නවාද නැතිද යන්න වටහා ගන්නට තරම් හැඟීම් ඔහුගේ මුහුණේ වුවත්, එවෙලෙහි ඉසිනි උන් කලබලය නිසා ඇයට ඒ හැඟීම් කියවා ගැනීම පහසු වූයේ නැත. ඕ උන් ඉරියව්වේම උන්නාය.
" දෙයියන්නේ නාමෙන්...
ඇඳගෙන සිටි සුදු කමිසයේ ඉහළ බොත්තම් කිහිපය ලිහිල් කළ යුගාත්ම කාශ්මීර අමුණුගම, දිග කමිස අත් වැලමිට තෙක් ඉහළට ඇද ඇඳි පුටුවක් මතට වැටුණේ ය. ඔහු ගේ හිස පුටු වතෙන් මඳක් පිටුපසට බර වී, ඉක්මන් ඇස් පිය සලමින් තිබිණ. කණ්ණාඩි වාගේ දිලිසෙන කළු සපත්තු ද රන් පැහැති අගනා අත් ඔරලෝසුව...
“මට නම් හරි ලැජ්ජයි ඒ දරුවා මාව මේ තට්ටු ගාණක් උඩට උස්සන් ආව එකට”කියල නන්දා කියද්දි ජයබාහු මහත්තය නෝනා දිහා බැලුවෙ පොඩි කිණ්ඩියකුත් එක්ක.
“මං ඉස්සර ඔයාව උස්සද්දි එහෙම ඔයාට එච්චර ලැජ්ජාවක් තිබ්බෙ නෑනෙ. ඉතින් ඔය අපේ දරුවෙක්ගෙ වයසෙ දරුවෙක් ඔයාව මේ උඩට අරගෙන ආව එකට මොකද වෙන්නෙ?”
“අනේ මේ විකාර...
නුරාන් වෙනදා නොවූ උද්යෝගයකින් සූදානම් වූයේය. අම්පාර නගරයට ගොස් බැංකුවෙන් රුපියල් ලක්ෂයක් ලබා ගත්තේය. දෙවරක් නොසිතා සහකාර කෘෂිකර්ම අධ්යක්ෂ කාර්යාලය වෙත ගියේය. අක්කා හෝ ධනුක අයියා මඟ හැරෙන්නට ඉසිනි හමුවීම සඳහා තමා කල යුත්තේ කුමක්දැයි ඔහු පැහැදිලිව සිතුවේ නැත. එහෙත් අද අයියා සහ අක්කාගේ කාර්යාලයිය දවසක් නොවන බව ඊයේ...
අන්තරා ස්වරාවී ගාන්ධාරා, මහජන පුස්තකාලය ඉදිරියෙන් පාර මාරු වූවා ය. කොළඹ අහස කඩා වැටෙන්නට ඔන්න මෙන්න බව, තද අඳුරු අළු පැහැති වලාකුළු ඉඳුරා සාක්ෂි දරයි. දැනෙන නො දැනෙන තරම් වන ඉසිහින් පින්නක් අන්තරා ගේ සුසුදු සම මත පතිත වෙයි. තව මොහොතකින් ඔය ඉඳිකටු තුඩු තරම් වන සියුම් හිරිකඩය මොරගෙඩි...
“ආන්ටි දැන් බෙහෙත් අරගත්ත එකේ පොඩ්ඩක් නිදාගන්න, ආන්ටිට කකුලෙ අමාරුවටත් වඩා ඇත්තෙ බිම වැටිච්ච වෙලේ ඇඟ පත වැදිච්ච අමාරුව” කියලා සමුද්‍ර තමන්ගෙ වාහනේ ඉස්සරහ සීට් එක හොඳටම පල්ලෙහට දාලා නන්දා නැන්දම්මට කකුල දික්කරගෙන පහසුවෙන් යන්න වැඩේ හදලා දුන්නා. හරිනම් ඩ්‍රයිවින් සීට් එකට ඇවිල්ලා වාහනේ දක්කගෙන යන්න ඕන තමන් වුණාට...