අම්මාට මුසා බස් පවසා නුරාන් කිරිබත් පාර්සලයක් ඔතාගත්තේය. ඔහු නිවසින් පිට වෙද්දී නවය පසුවී තිබුණි. ඉසිනිගේ කාර්යාලය වෙත පැමිනෙන්නට තවත් විනාඩි තිහක් පමණ ගත විය. ඔහු ඉසිනිට ඇමතුමක් ගත්තේය. ඉසිනි උන්නේ දිනයේ ලියුම් වෙන් කරමින් අංකනය කරමිනි. ඕ තවමත් නුරාන්ගේ අංකය ජංගම දුරකතනය තුල සුවපහසු ලෙසින් ගබඩා කරගෙන තිබුනේ...
“ඒත් මේ අපේ සංගමේ විතරක් පුතාට මදිවෙයි කියල හිතල මම තව යාලුවෙක්ටත් එන්න කිව්වා” කියල තාත්ත කියද්දි තමන්වත් දන්නෙ නැති ඒ යාලුව කවුද කියන එක සප්තමීටත් ලොකුවටම ප්‍රශ්නයක් වුණා. අම්මගෙන් “ඒ කවුද?” කියලා ඇස් දෙකෙන් අහන්න පුලුවන්කම තිබ්බට මේ සුමල් අයියයි සමුද්රයි දෙන්නම ඇවිල්ලා ඉන්න වෙලේ ඒ මිනිස්සු දෙන්න...
සිල්වියා නිලංගා තනිකොට ගත්තේ මාලිකාගේ විවාහයෙන් සතියකට පමණ පසුය.ස්ටීව් කෙතෙක් බය නොවන්නැයි පැවසුවද මොනයම් මොහොතක හෝ මෙම අවස්ථාව ලඟා වන බව නිලංගා දැනසිටියාය.ස්ටීව් විදෙස් හමුවක් වෙනුවෙන් ග්‍රීසිය බලා ගොස් තිබිණ.ඔහු නිවසට දින ගණනකට නොපැමිණෙන බව සිල්වියා දැන සිටියාය.
"නෙලී..ඉඳගන්න..."සිල්වියා ආයාසයෙන් මුවට නංවා ගත් සිනහවෙන් යුතුව පැවසුවාය. නිලංගා ඇය ඉදිරිපස අසුනේ...
අම්මලාද නිවසට පැමිණීමෙන් පසුව නුරාන්ට දැනුනේ ජීවත් වන්නට අවැසි සියල්ල තමා වට වන බවය. අම්මා සහ තාත්තා ගමනේ තොරතුරු පවසද්දී නුරාන් වෙහෙස නොසිතාම සවන් දුන්නේය. ඔවුන් මින් වසර හත අටකට පෙර ගෙවූ දුක්බර, කටුක ජීවිතය දැන් මතකයන් පමණය. අයියා, අක්කා, දියණිය සහ තමා සමඟින් ඔවුන් දෙදෙනා ජීවිතයේ සැදෑ සමයට...
“කීයටද ඒ ළමයි එනවා කිව්වෙ?” කියා අම්මා තාත්තගෙන් අහනවා සප්තමීට කාමරේට ඇහෙනවා. සමුද්‍ර එනවා කිව්වෙ හවස හතට විතර කියන එක ඉතින් අම්මට කියන්න බෑනෙ. එහෙම කිව්වොත් අම්මා අනිවාර්යෙන්ම “ඔයා කොහොමද ඒක දන්නෙ? ඔයාලා දෙන්න කතාකරනවද?” කියලා අහන බව දන්න හන්දම තමයි සප්තමී සද්ද නැතුව උන්නෙ.
“මං ඒත් කතාකරා, හය හමාර...
එක් සොඳුරු සවසක සුන්දර ගම්බද දේවස්ථානයකදී මාලිකා සහ බ්‍රයන් නීත්‍යානුකූලව විවාපත් වූහ.මාලිකා සුදු පැහැ සුන්දර මංගල ගවුමකින් සැරසී සුදු සහ රෝස පැහැ මල් කළඹක් දෝත දරා උන්නාය.බ්‍රයන් සිය මනාලිය ආදරයෙන් සිප ගත්තේය.ඔහු ඇයට බෙහෙවින් ආදරය බව දන්නා මුත් ස්ටීව් අන් අයට නෑසෙන සේ ඔහුට ඉඳහිට විහිලු කළේය.
"චී...බ්‍රයන්...කොල්ලෙක් වගෙ ඉන්නවකො......
දෙවන වතාවටද එම අංකයම ජංගම දුරකතන තිරය මත වැටෙද්දී, ඉසිනි ජංගම දුරකතනය අතට ගත්තාය. සන්සුන් වන්නට අවැසි තරමේ හුස්මක් හෙලුවාය. ජීවිතයේ දශක තුනකුත් ඉක්මවා ඇති ගැහැණියක, එක් ජංගම දුරකතන අංකයක් නිසා මෙතරම් තිගැස්මක නතු වීම විශ්වාස කල හැකි යමක්ද නොවේය. එහෙත් ඉසිනි එතරමට වන තිගැස්මක උන්නාය.
" හෙලෝ ....."
" නම්බර්...
එදා තමන්ව ඩ්‍රොප් කරලා යද්දි “තේකක් බීල යන් පුතා” කියලා තාත්ත කිව්වට සමුද්‍ර ආවෙ නැත්තෙ මාලවී ඕක දැක්කොත් වෙන කේස් එකක් පත්තු වෙයි කියල තේරුම්ගන්න සප්තමීට බැරිඋනේ නෑ. ඒ උනාට සප්තමීට තිබිච්ච ලොකුම ප්‍රශ්නෙ “තේකක් බොන්න නෙවෙයි අංකල් දවසක කාලම යන්න එන්නම්” කියල සමුද්‍ර කිව්වම “එහෙනම් පුතා ඊලඟ සිකුරාදා...
"ජීවිතේ කියන්නෙ හරි පොඩිම දේකින් පවා සතුටක් ලබන්න පුලුවන් දෙයක් කියලා මට හිතෙන්නෙ ඔයා දිහා බලන් ඉන්නකොට.ඔයා හරිම වෙනස් කෙනෙක් නෙලී.මට එහෙම ජීවිතේ සතුටින් ඉන්න බැරි ඇයි කියල මම හැමදාම හිතනවා. සල්ලි මොන තරම් තිබුණත් , සතුටින් විනෝදයෙන් ඉන්න ඕනතරම් සල්ලි වියදම් කරලා යන්න තැන් තිබුණත්..මට ඒවායෙන් කිසිම සතුටක්...
සෝමා පැමිණෙන්නට පෙර යා යුතු වග පවසා නුරාන් පිටව යන්නට සූදානම් වූයේ, ඇයට ඇමතුමක් දෙන්නට පොරොන්දු වීමෙන් පසුවය.
" නම්බර් එක ඒකමද ?..."
ඕ හිස සැලුවාය. නුරාන් එය පිළිගෙන සිනාසුනේය. ඉසිනි නිවෙස තුළ වූ කලු පැහැ සෙරෙප්පු ජෝඩුවක් රැගෙන විත් නුරාන් ඉදිරියෙන් තැබුවේය. නුරාන් එය පයෙහි ලාගෙන ඉසිනි වෙත හැරුනේය.
" අද...