අමාගී සිටියේ ආයු වඩාගෙන රෝහල් කුටියේ විසල් වීදුරු කවුළුවෙන් පිටත කොළඹ නගරය දෙස බලාගෙන ය. මුළු නගරය කණාමැදිරි තිත් ගොඩක් වන් ආලෝක පුංජ සමූහයකට කැටි වී කැන්වසයකට සීමා වී ඇති සිතුවමක් සේ ය. ඒ වූ කලී නො නිදන නො සැලෙන නගරයකි.
ආයු හයියෙන් හුස්ම ගනී. අමාගී ගේ ගෙල වැලඳ උන්...
“හෙලෝ බිල් එක දෙනවද මට සයින් කරන්න?” කියා නෙවින්ට දෙපාරක්ම කියන්න උනේ ශාර්වරී ඇස් දෙක නලල දිහාවටත් කට කන් දෙක දිහාවටත් දික් කරගෙන එක එල්ලේ ලක්ශාන් දිහා බලාගෙන ඉද්දීය.
“ඔව්ව්…ඔව්ව්ව්. සර් බිල් එක… මේක සයින් කරන්න සර් මෙතන” කියා වචන පටලව පටලව් කතා කරන ගමන් ශාර්වරී ඉන්නේ මොකක් හරි දේකට...
නිම්නාවී ඇය වෙනුවෙන් වෙන් කර තිබූ කාමරය තුළට ගොස් දොර වසා ගත්තාය. දොරටම වාරු වී තමාට ඇසුනේ කුමක්දැයි යලි කල්පනා කර බැලුවාය. සෙත් මන්දාරම් වර්ණකුල ලෙසින් උච්චාරනය වුනු ඒ නම තමා දන්නා සෙත් මදැයි යලි සිතුවාය.
වසර එකොළහකට පසු ඇස් ඉස්සරහම සිටියදී පවා තමාට ඔහු හඳුනාගැනීමට නොහැකි වූයේ කෙලෙසකින්දැයි සිතුවාය....
රුසිරු හා මණී ගෙයින් මිදුලට බසිනා විට අමාගී සිටියේ ආයු තදින් පපුවට තද කරගෙන ය. ඇය දහදියෙන් පෙඟී ගොස් සිටියා ය. නමුත් ඇස් වල එක කඳුළක්වත් වූයේ නැත. ගෙදර අය දුටු ගමන් මේනකා ආයු ව අත්හැරියා ය. රුසිරු ඇසිල්ලකින් ගේට්ටුව වෙත දිව ආවෙන් නිධී ට නික්ම යන්නට අවස්ථාව ලැබුණේ...
නිම්නාවීට සිහිනයෙන් මෙන් යළි යළි ඇසෙන්නට විය. නැවතීමක් නැතිවම යලි යළි ඇසෙන්නට විය
" සෙත් වර්ණකුලව මරලා දැම්මේ ඔයයි ... ඒ මරලා දාලා, ඔයාට ඕනි විදියට මන්දාරම් වර්ණකුලව හදාගත්ත එක ගැනනම් ඔය කියන්නේ ..., ඔව් ...ඔයා සෑහෙන්න දේවල් කලා...."
" සෙත් වර්ණකුලව මරලා දැම්මේ ඔයයි ... ඒ මරලා දාලා, ඔයාට ඕනි විදියට මන්දාරම් වර්ණකුලව...
කොහිලවත්තේ ශාර්වරී සහස්විනි බස්නායකගේ ගෙදර ඔහොම වෙද්දී ලස්සන, උස ජරා මිනිහා උන්නේ ශාර්වරී කියන නම ටයිප් කර කර ෆේස්බුක් එකෙත් ඉන්ස්ටග්‍රෑම් එකෙත් රෙස්ටුරන්ට් එකේ වැඩ කරන බිම්මල් කෙල්ලව හොයන ගමන් ය.
නෙවින් සේනාරත්න ගෑණු දාහක් එක්ක විතර නිදාගන්න ජරා මිනිහෙක් විදියට ශාර්වරීගේ හිත අස්සේ ඇඳෙද්දී නෙවින්ට උවමනාව තිබ්බේ ශාර්වරී යාලුවෙලා...
නිම්නාවී පැමිණ ගේට්ටුව විවෘ ත කරගන්නට උත්සාහ කලා වුවද ගේට්ටුව විවෘත කරගන්නට හැකි වූයේ නැත. වෙනදාට වඩා පැය භාගයක් පමණම ප්‍රමාද වී තිබියදීත් ගේට්ටුව වසා තිබෙන්නේ ඇයි දැයි වටහා ගන්නට නොහැකිව නිම්නාවී යළි අත් ඔරලෝසුව දෙසද බැලුවාය. අවටද විමසිල්ලෙන් බැලුවාය.
යළි ගේට්ටුව අස්සෙන් එබෙමින් මිදුල දෙසද බැලුවාය. ගේට්ටුව පසෙක වූ සීනුව...
සන්දේශ් වෙත වූ පිරුණු බව ඇදී ගොස් ඔහු මඳක් කෙට්ටු වී තිබිණ. ඇස් වල ලා රත් පැහැයක් තැවරීගත් අතර ඒවායේ දුක්බර බවක් වූයේ ය. යතුරුපැදිය ගේට්ටුවට මඳක් ඔබ්බෙන් නතර වෙත්දී මුලින් ම අමාගී ඒ වෙත දිවගෙන ගියා ය. සන්දේශ් බයිසිකලයෙන් නො බැස, කකුලක් බිමට තබාගෙන එහි වාඩි වීගෙන ම...
“ඉන්නවා සර්” කියා ශාර්වරී කිසිම දිනක උත්තරයක් දෙනු ඇතැයි තමන් බලාපොරොත්තු නොවුන බව නෙවින්ට පවා හිතුනේ හිත හූරගෙන මෙන් දැනුන ඒ වේදනාව නිසාවෙන්මය. තමන් බලාපොරොත්තු උනේ ඇය “අනේ මට කවුරුවත් නෑ” කියා කියාවි වුණත් ඇත්තටම බැලුවොතින් අවුරුදු විසි පහක් හයක් විතර වෙන කෙල්ලෙක්ට කොල්ලෙක් නැතැයි කියා හිතපු තමන් තමයි...
ලස්සන ම දවස් තියෙන්නේ සති අන්තයට ය. එ් දින වල ගෙවල් දෙකේ ම හැම කෙනෙක් ම වාගේ සිටිති. ශාක්‍ය විතරක් ඇතැම් විට සාප්පුවට හිර වේ. සති අන්තයේ ව්‍යාපාරික කටයුතු වැඩි බැවිනි.
මල්වත්තගේ ගෙදර සැබවින් මල් වත්තක් වන්නේ සති අන්තයට ය. ගෑනු ළමයින් තිදෙනෙකු සිටිනා ගෙදරක් යනු මල් වත්තක සිරියාව නො...