Novels

දහ තුන් වැනි මල්දමනිම්නාවී උදෑසන වැඩ කටයුතු අවසන් කරගත්තාය. ස්වර්ණාව නෑවීම සිතූ තරම් අපහසු නොවූවද , ඇයට එය නුහුරු වූ නිසා වැඩි කාලයක් ගත විය. ස්වර්ණා ඒ ගැන අවධානයෙන් සිටීදැයි බිය වූ නිසාම , ඕ ඒ බව දැනගන්නට මෙන් ස්වර්ණා සමඟ කතා බස් කරමින් අවධානය බිඳ දමන්නටද උත්සාහ කලාය.උදෑසන...
දොලොස්වෙනි මල් දම නිම්නාවී දිනය අවසන් කලේ වෙහෙසකිනි. බතක් රයිස් කුකරයේ තබා ඕ වම්බටු තෙල් දැම්මාය. ශීතකරණයේ වූ චිකන් බොරයට සිටින සේ පිසුවාය. ගොටුකොල සම්බෝලයක් සකසා පපඩම් බැද්දාය. ඊලඟ දිනය රාතිය වෙනුවෙන් ආහාර වට්ටෝරුවක් ගලපා ගැනීම අද රැයේ කරමියැයි සිතුවේ ශීතකරණයේ වූ එලවලු දෙස හොඳින් බලා උන් අතරේමය.  මන්දාරම් වේලාසන...
සන්දේශ් ගෙන් දුරකතන ඇමතුමක් බව දුටු ගමන් අශ්විනී වටපිට බලා තාත්තා එහි නොවන බව තහවුරු කරගත්තා ය. මුව මත දබරැඟිල්ල තබා කලබල නොකරන ලෙස අමාගීටත් අවධාරණය කළා ය. අමාගී ගල් ගිල්ලා සේ බලා සිටින්නට වූවා ය. ආයු ඇය සමග සිටින බැවින් කිසිවක් කර කියා ගත නො හැකි ය. ඔහු...
බලාපොරොත්තු නොවූ පුපුරා යාමක් හදිසියේ සිදු වූ සේ ය. හඬන්නට තරමින් කේන්තියකින් කියවාගෙන ගිය අමාගී, ආර්ය ගේ රුව පියගැට පෙළ ඉස්මත්තෙහි දුටු ගමන් ගස්සාගෙන යන්නට ගියා ය. ගෙදර හැම කෙනෙකු ගේ ම ඇස් ඊළඟට යොමු වූයේ ආර්ය වෙතට ය. "ඒ ළමය ලොකු උදව්වක්නෙ කරන්නෙ. ඉතින් තෑග්ගක්වත් ගෙනත් දෙන්න ඕනනෙ. මට...
එකොලොස්වෙනි මල් දම නිම්නාවී ස්වර්ණාගේ කාමරයට ඇතුලු වූයේ අවසර ගැනීමකින්ද තොරවමය. ඇමතුමක උන් ස්වර්ණා ඉන් තිගැස්සී යනු නිම්නාවී හොඳින්ම දුටුවාය. ඇයද ඉන් යම් කලබලයකට පත් වූ නමුත්, ඉතා ක්ෂණිකව ස්වරූපය නොවෙනස් වන සේ සකසා ගත්තාය. අනතුරුව තමා කාමරයෙන් පිටත සිටින බවත්, අවශ්‍ය වුවහොත් කතා කරන ලෙසත් ඉඟියෙන් කීවාය. ස්වර්ණා එය...
දහවෙනි රන්දම චානක සහ මන්දාරම් නිවෙසින් පිටව යන තුරු නිම්නාවී උන්නේ අපහසුවෙනි. චානක පලමුව සමු  දුන්නේය. එදින මන්දාරම් පිටව ගියේ එදින වෙනුවෙන් කැඳවා තිබූ අනෙක් හෙදියද පැමිණීමෙන් පසුවය. නිම්නාවීව හඳුන්වා දී ඇයට දිනයේ හෙදකම් පිළිබඳව අවබෝධයක් ලබා දීමෙන් පසුව හෙදියට  පෙරලා පිටව යා හැකියැයි  මන්දාරම් කීවේය. නිම්නාවීද එයට එකඟ වූවාය....
ශනිදා උදය පුරුදු පරිදි ම නිසංසල වූයේ ය. මල්වත්තගේ නිවසෙහි උදයට සියුම් කලබලයක් වන්නේ සතියේ දින වල පමණි. එද කාර්යාල වලට යන අය නිසා ය. පසු ගිය දින තුනක කාලයේ සන්දේශ් රැකියා ස්ථානයට වාර්තා කොට තිබුණේ නැත. හදිසි තත්වයක් මත ඔහු නිවාඩු අනුමත කරවාගෙන ඇති බව අශ්විනී දැනගත්තේ කාර්යාලයට...
නම වෙනි රන්දම අවසානයේදී අම්මා සහ තාත්තාව එකඟ කරවාගන්නට දිලුම්ගේ දීර්ඝ පැහැදිලි කිරීම් සහ පසන්ගේ එක් ඇමතුමකට හැකි විය. නිම්නාවී නිවෙසටම වී හුදෙකලා වී සිටීම නිසා ඇය යම් ඕලාරික ස්වරූපයකින් සිටිනවා යැයි යන සැකය නිසාම පසන් එම තීරණයට එකඟ වූයේය. " දැන් ආන්ටි නෙක්ස්ට් වීක් මම මැලේශියා ගියාම සික්ස් මන්ත්ස් වගේ...
ආර්ය නිර්වාන් මහානාම, හැල්මේ අත්‍යවශ්‍ය වැඩ ටික නිම කළේ ය. වැඩ කරන විට අවධානය මුළුමනින් රැඳෙන්නේ ඒ මත නිසා සන්තාප වේදනා රැඳෙන්නේ දුරිනි. සන්තාන සුසුම් තියෙන්නේ ඇතුළාන්තයේ හිර වී ය. නමුත් පරිගණකයෙන් මඳක් ඉවත් වන විට ම එතෙක් උදරයෙහි ඇවිළෙමින් තිබූ ගින්දර රොටු පපුව දෙසට නැගෙන්නට විය. දැවීමක් ද...
දුරේෂ් මල්වත්තගේ හා උපුල් මහානාමත්, ආර්ය නිර්වාන් මහානාමත් පොලීසියට ගොස් සිදු වී ඇති දේ ගැන පැමිණිල්ලක් දැමූහ. ඔවුන් සතුව තිබූ නිධී තබා ගිය සටහන නිසා සිදු වී ඇති දේ ප්‍රත්‍යක්ෂ ය. ඔවුන් පැමිණිල්ල දැමූයේ නීත්‍යානුකූලව එසේ කළ යුතු නිසාවෙන් පමණකි. යළි පැමිණිය ද නිධී සිය බිරිඳ ලෙස පිළිගැනීම ආර්ය...