පමා වී පිපුනු මල්

"ඒ කියන්නෙ උඹ ඉන්නවද අද මූවි නයිට් එකට?" කේශිනී ඇසුවේ සිනාව දෙතොලින්ද මුහුණෙන්ද විසිර යන්නට ඉඩ දීය.  "ඔව්" "තාත්තා එන්නම් කිව්වද රෑට එක්කන් යන්න" "නෑ තාත්තා එන්නෙ නෑ." "එතකොට කොහොමද යන්නෙ?"  එයට ඉතින් උත්තර දෙන්න සුදුසුකම ඇත්තේ අරුණලීට නොවේ කිමල්ටය. තාත්තා ආ යුතු නැති බවත් අරුණලීට හෙට මූවි නයිට් එකට එන්නට ඉඩ දෙන්න යැයි...
"මේ ෆ්‍රයිඩේ මූවි නයිට් එක ඇරේන්ජ් කරන්න කියල වීරෙ මැසේජ් එක දාලා" කේශිනී කිව්වේ බ්‍රහස්පතින්දා දිවා ආහරය වෙලාවේය. අම්මා දුන් බත් පතේ වූ ඉස්සන්ද කහබත්ද පරිප්පු සහ වම්බටු බැදුමද අනාගෙන මුව රුවාගෙන රස විඳිමින් උන් අරුණලීගේ දෙනෙත් රැඳී තිබුනේ දුරකතනයට බාගත කරගෙන තිබූ කතුවරයා දුරකතන යෙදවුම ඔස්සේ කතන්දරයක් කියවමිනි. කන...
එතැන් පටන් දවස් ගෙවුණේ මද අස්වැසිල්ලකිනි. නොඑසේනම් එය එසේයැයි අරුණලී ඇතුලු ආරියරත්න පවුල සිතා උන්නහ. අරුණලී සුපුරුදු පරිදි තාත්ත සමග උදෑසන රාජකාරියට ගියාය. කිමල්.පොරොන්දු වූ පරිදි බොහෝ රෑ වනතුරු අරුණලීව කාර්‍යාලයේ රඳවා නොගත්තේය. හැකිතාක වේලාසනින් අරුණලීව කාර්‍යාලයෙන් නිවස බලා එව්වේය. ඒ හැම දිනකම පාහේ ආරියරත්න කාර්‍යාලය වෙත පැමිණ අරුණලීව...
"මෙනුක ලංකාවට යන බව උඹ දැනගෙන හිටියද?" රමිත් ඇහුවේ කුමිලගෙනි. ඒ ඇත්තටම මෙනුක දෙවන වතාවටත් තමාව හැරදමා අරුණලී සොයා ගොස් ඇති බව දැනගෙනය. මෙනුක කිසිම දිනක තමන්ව තෝරා නොගන්නා බවටත් මෙනුක තමන්ගේ ජීවිතය ගෙවන්නට බලාපොරොත්තු වෙන්නේ අරුණලී සමග පමණක් බවත් රමිත් දෙවන වතාවටත් තේරුම් ගත්තේය.  "ඌ අන්තිම මොහොතෙ තමයි මට...
"ඔයා ඉඳල ඉඳල හොඳ ස්පොට් එකක් අල්ලගෙන තියෙන්නෙ වාඩිවෙන්න" කිමල් කිව්වේ දහවල්වරුවේ ඉර අව්ව නොවැටෙන ලෙස අරුණලීගේත් තමන්ගේත් හිසට ඉහලින් විහිද තිබෙන තුරු සෙවණ දෙස බලාගෙනය.  ඒ වචන සැබෑවක්මය. හිත දැවුණද හිස තිබුනේ හිසට ඉහළින් තිබුණ තුරු වියන නිසාවෙන් සිහිලැල්වය. ඒ සහනයකි. හිස නිවීම හිත නිවීමට හේතුවක් බව අරුණලී මෙන්ම...
"අපි ඇත්තටම හිතුවේ නෑ මේ ප්‍රශ්න මේ මෙච්චර දුර අරගෙන යන්න වෙයි කියල" ආරියරත්න කතාවට එක්කාසු වුණේ හීන්සිරුවේය. මෙනුක විසින් පෙරද රැයේ නටන්නට යෙදුණ නාඩගම ගැන අරුණලී ගෙන්ද අනතුරුව කිමල් විරවර්ධනගෙන්ද අසා හුන් ආරියරත්න තම පවුලේ වැඩිහිටියන්ද පීරිස් පවුලෙ වැඩිහිටියන්ද සමග හමුවක් සූදානම්කලේ මේ ප්‍රශ්න තමන් සිතූ පරිද්දෙන් පහසුවෙන් විසඳාගන්නට...
වේලාව රෑ අටට කිට්ටු වී තිබුණා නිසා කොහොමත් වටපිටාවේ තිබුණේ අඳුරකි. අඳුරට බිය වන්නට හේතුවක් තිබුනේ නැතිමුත් වෙනදාක නොදැනෙන අන්දමේ බියක් සිතට දැනුනේ ඇයිද කියා නොසිතන්නට අරුණලී සිතුවාය. ඇණවුම් කල රිය ඇවිත් බව පැවසුවද කාර්‍යාල ගේට්ටුව අසල කිසිදු රියක් පෙනෙන්නට නොමැත. අරුණලී කාර්‍යාලයේ දොරෙන් මෑත් වී ගේට්ටුව ලඟට ආවේ රිය...
මේ සියලු ප්‍රශ්නවල අවසානය යැයි රමිත් සිතුවේ මෙනුක සමග ආපසු සුපුරුදු ජීවිතයට එළඹෙන්නට අවකාශය ලැබුණ නිසාය. වෙනදාමෙන්ම මෙනුක සමග එක ගෙදරක ඉන්නට, එකට උයා පිහාගෙන කන්නට, හවසට ඇවිදින්න යන්නට හැකිවෙද්දී රමිත් සතුටු නොවුනා යැයි කියන්නට නොහැක.  මේ තමා බලාපොරොත්තු වෙච්ච ජීවිතය බව රමිත් හිතුවා උනත් මෙනුක උන්නේ වෙනද මෙන්ම සම්පූර්ණ...
"ප්‍රශ්නයක් ආවම ඒකට තියෙන හොඳම විසඳුම ප්‍රශ්නෙ ඇතිකරන මනුස්සයට යටත් වෙන එකයි කියල හිතන එක වැරදියි අරුණලී. ඒක ඔයා ඔයාටම කරගන්න වැරැද්දක්. දැන් ඔයාම හිතන්නකො ඔයා කලබල වෙලා අරගන්න ගිය තීරණේ හන්ද ඔයා හිතනවද කවදාවත් ඔයාට මේ ප්‍රස්නෙ අවසානයක් දකින්න පුලුව වෙයි කියල?" මනෝ උපදේශකවරිය වෙත යන්නට තීරණය කලේ අරුණලීමය....
අරුණලී පහුවෙනිදා නැගිට්ටේ බොහෝ ප්‍රමාද වීය. ඒ වෙද්දී නංගී විශ්ව විද්‍යාලයට ගොසින්ද තාත්තා එලවලු මාලු මිල දී ගන්නට ටවුමට ගොසිනි. අම්මා පහල තට්ටුවේ උයමන් වල නිරත වී හිඳින බව අරුණලී අත්දැකීමෙන් දනී. උදෑසන වනාහී අරුණලී ආසා කල වේලාවක් උනත් අද උදෑසන අරුණලීට දැනුනේ මහා මූසල ගතියකි. තමා ආයේම වරක් හිටිය...