"මොකද වුණේ මල්ලි.."
මා විසල්ට සමීප වූයේ එසේ අසමිනි. නිසල් තදබල කෝපයකින් මදෙස බැලී ය.
"අක්කගෙ මස්සිනා නෙළල..මේක මාරම කරුමයක් උනා.මං හිතුණොත් ඕකගෙ අඬු දෙකතුනක්ම කඩල දානව.."
හදවත කෝපයෙන් උතුරා යද්දී ඔසුවලින් යටපත් කරමින් හුන් ඉක්මන් කෝපය මගෙන් ඉවතට ආවේ මට නොදැනී ය.මා ධීරට කිසිම බැඳීමක් නැත.ඔහු මිතුරෙකු පමණි.සියල්ලන්ම ඔහු මගේ පෙම්වතා...
මාලක අයියා මට හෙළුවේ සන්සුන් වන්නට යැයි සිහි කරන බැල්මකි.ධීරගේ අම්මාගේ බැල්ම යහපත් නැත.නමුත් මට බියක් දැනුණේ ද නැත.
"මේ අපේ ඇනෙක්ස් එකේ ඉන්න නංගි කෙනෙක්නෙ.ධීරත් එක්ක හිතවත්.."
මාලක අයියා එසේ කියා ධීරගේ අම්මා දෙස විමසුමෙන් බැලුවේ යමක් සිහි වී ය.
"ආන්ටි ධීරට කෑම ගෙනාවද? "
ඇය හිස සැලුවේ නැතැයි කියන්නට ය. මම...
සමහර සිදුවීම් සිදු වන්නේ කිසිසේත්ම කලින් සැලසුම් කර නොවේ.ධීරගේ දුරකථනය දවසක් තිස්සේ ක්‍රියා කළේ නැත.ඔහු කොහේ යන්නට ඇත්දැයි සිතමින් මම දවස ගෙවීමි.උදෑසන බෙහෙත් බිව්වාදැයි ඇසූ ඔහු දවල් දවස පුරා එකදු පණිවිඩයක් එවූයේ නැත.
"එකසිය තිස් අට කියන්නෙ හොර ගුහාවක් අප්ප.කොල්ලගෙ ෆෝන් එක හොරකං කරාද දන් නෑ කවුරුහරි.." චමත්කා අනාවැකි පළ...
ඉනික්බිති උදා වූයේ ජීවිතය සැහැල්ලුවෙන් ගලා යන කාලයකි.උදෑසන කිරි වීදුරුව පවා කේතකී බනිමින් නොදේ නම් කුසගින්නේම හිඳින්නට වග බලා ගත් මා උදෑසන අවදිව ආහාර පිසිද්දී දෙමිතුරියන් පුදුම විය.
"ඔයා උයන්නත් දන්නවද?" කේතකී සැබෑවටම ඇසුවා ය.
"යූටියුබ් කුකින් චැනල් තියනකං පහළ ඉන්න මෝඩ කිඹුල්ලු දෙන්නත් උයයි.."
චමත්කා හිනැහෙන්නට ගත්තා ය.වෙනදා එවැනි කතාවක් මා...
රෝහලේ ඇති ෆාමසියෙන් වෛද්‍යවරයා නිකුත් කළ ඖෂධ මිලට ගන්නා ධීර දෙස මා බලා සිටියේ බර වී ගිය හදවතිනි.ඔහු මවෙත ආවේ අර නිවී ගිය සිනාවෙනි.
"මෙන්න ඔයාගේ කාඩ් එක." ඔහු මගේ බැංකු කාඩ්පත මවෙත දිගු කළේ ය.ඖෂධ මිලට ගන්නට පෙර මම වහා එය ඔහු අත තැබීමි.
"පුදුම ලොකුකමක්නෙ තියෙන්නෙ.මට ඩොක්ටට කරපු පේමන්ට්...
මංජුල විසින් නිකිනි ට පහර දී ගෙයින් එළියට දැම්මා යි දැන ගත් වෙලේ ඔබේසේකර මැදුර කම්පිත ව නිසල විය. ඊට හේතුව ඇය විදත් සමග දුරකතන සංවාදයක සිටීම යයි දැන ගත් මොහොතේ පාලිකා පුපුරා හැළුණා ය.
"මොන නැහැදිච්ච වැඩක්ද නිකිනි ඔයා කරල තියෙන්නෙ...අපේ මුළු පවුලට ම වෙච්ච ලැජ්ජාවක් මේක. කොල්ලෙක් එක්ක...
ගැහෙන අතකින් මා දුරකථනයේ ඇමතුමට සම්බන්ධ වූයේ හදවත වේගයෙන් ගැහෙද්දී ය.අසන්නට උවමනාම හඬකින් බොහෝ කාලයකින් ඇමතුමකි. මම තරප්පු පෙළ මත හිඳ ගතිමි.
"තමුන්ගෙ ඔලුව නරක් වෙලාද සාරා ඔහොම හැසිරෙන්නේ."
පසන්ගේ වේගවත් කටහඬ හදවත කැබලි කර දැමී ය.මා කුමක් කළාදැයි සිතමින් මම ගැහෙන්නට ගතිමි.කාලයකට එපිටදී නම් දෙතුන් වතාවක් සරනි සමඟ ගැටුමට පැටලෙන්නට...
ධීර සිටියේ මවෙත නෙතු දල්වාගෙන ය. ඔහුගේ ඒ නිවී යන බැල්මේ දැවටී මම මොහොතක් ගෙවීමි.
"ඔයා දැක්කද මං සමහර ස්ටෝල් වලින් ඒ පොත් ලියපු රයිටර්ට කියලා සයින් කරගන්නවා.."
ඔහු හිස සැලී ය.ඇතැමෙකු සමඟ ඡායාරූප පවා මට රැගෙන දුන්නේ ධීර ය.
"මං එයාලව එහෙම දන් නෑ.ඒකයි ඔයාට කතා කරන්න දීලා පැත්තකට වෙලා හිටියෙ."
ධීර...
ඉතා මන්දගාමීව ඉදිරියට ඇදෙන බස් රිය ගැන මට උපන්නේ තරහකි.දැනටමත් දෙකේ හෝරාව පසුව ගොස් ය.මගේ ගමනාන්තයට තව මඳ දුරක් ඇත.දේශනයක් අවසන් වී එන්නට තීරණය කිරීම නිසා මා ද පමා වූ බව සත්‍යයකි.එකසිය තිස් අට මාර්ගයේ බස් රථ විශ්වාස කිරීම ඊට වඩා අනුවණ ක්‍රියාවකි.
"ඊයෙ හොඳටම උණත් අරන් අද ආයේ යනවද?"...
සුපුරුදු ලෙස මට තදින් උණ ගත්තේ අප ප්‍රදර්ශන භූමියෙන් පිට වෙද්දී ම ය.හඬන්නට ඕනෑ මුත් නොහැඬෙන ස්වභාවය පැමිණි පසු මට මා පාලනය කර ගන්නට බොහෝ අපහසු ය.බස් රියට ගොඩ වූ වහා කේතකී මට ඇගේ උරහිසේ නිදන්නට දුන්නා ය.අපට පසුපස අසුනේ හිඳගත් චමත්කා නිර්වාන් සමඟ චටපට ගාමින් පසන්ට බැන වදින...