සමුධ්‍යාව නිවසට ඇරලවා ගෙදර එද්දිත් අරුණ උන්නේ හිත අස්සේ මහා සිතුවිලි වැස්සක හිරවීගෙනය. එක පැත්තකින් සමුධ්‍යාත් අනෙක් පැත්තෙන් සහෝදරයත් ය. තමන් මෙයාකාරයට සමුධ්‍යාට සමීප වීම පවා මල්ලීට කරන ලද වරදක් බව සිහිවෙන වාරයක් පාසා අරුණ අත මිට මොළවා වාහනයේ ස්ටියරින් වීල් එකට පහර දුන්නේය.
“මං කොච්චර මල්ලිගෙ පැත්ත ගන්න හැදුවත්...
“මං ඔයාව ඩ්‍රොප් කරන්නම්” කියා අරුණ අහද්දි සමුධ්‍යා ගැස්සුනේ අරුණ කිසිසේත්ම එවන් යෝජනාවක් කරනු ඇතැයි බලාපොරොත්තු නොවූ නිසාවෙනි.
“ම්ම්ම්…මේ”
“ඔයාට අවුලක් නැත්තම් මට ප්‍රශ්නයක් නෑ සමුධ්‍යාව ගිහින් ඩ්‍රොප් කරන එක. නැත්තම් ඔයාට තව සෑහෙන වෙලාවක් ඉන්න වෙයි නේද වාහනයක් උනත් හොයාගන්න?” කියද්දිත් සමුධ්‍යා ආපසු වරක් දුරකතනය දෙස බැලුවේ වැරදීමකින් හෝ පික්...
ඒ හිමිදිරි උදෑසනේ සමුධ්‍යා උන්නේ කොළඹ බලා යන්නට බස් එකට නැගය. සත්සරාගේ ආරකෂාව තහවුරු කරන බව ළමා හා කාන්තා කාර්‍යංශයේ නිළධාරින් කී නිසාවෙන්ම සමුධ්‍යා උන්නේ අරුණ මුණ ගැසීම සඳහා කොළඹ බලා එන ගමනකය.
“ඒ දරුවටයි ආච්චි අම්මටයි කොළඹ එන්න අමාරු ඇති නේද?සමුධ්‍යාට පුලුවන්ද අර මම ඉල්ලුව ඩොකියුමන්ට්ස් ටික මට ලැබෙන්න...
පොලිස් කාර්‍යාලය තිබුනේ අසාමාන්‍ය නිහඬතාවයකින් සම වැදීගෙනය. වෙනදාක තාත්තා සමග “ෆුල් රැස්පට්” පිට ආ ගමන්වලදී තමන් විසින් නිළධාරින් වෙත හෙලන්නට යෙදුන ආඩම්බර කාර බැල්මන් සමච්චල් සහගත බැල්මන් බවට පත් වී අද තමන් වෙතට එනු පෙනෙද්දී පොළොව පළාගෙන ගොස් පාතාලයක සැඟවි හිඳින්න පුලුවන් උනා නම් කොපමණ හොඳ ද කියා ලක්ෂිත...
මන්ත්‍රී නිවස තිබුණේ ආනමඩුව ගම්මානයට ඉහළින් පෑයු දහවල් ඉර අව්වට පිච්චෙමිනි. සුපුරුදු පරිදි මන්ත්‍රී තුමා නිවසේ උන්නේ නැති අතර දහවල් ආහාරයෙන් පසු අනෝමා කෙටි නින්දකට වැටි උන් අතර ලක්ෂිත උන්නේ තමන්ගේ කාමරයට වී කුමක් හෝ කරමින් ය. ලක්ෂිත ඒ සියල්ල මැද්දෙත් කල්පනා කරමින් උන්නේ සමුධ්‍යා විසින් එදා පන්සලේදි කියන්නට...
“සත්සරාගේ ස්ටේට්මන්ට් එක, එයා කිව්ව කතාව තමයි සමුධ්‍යා මේ කේස් එකේදි අපිට තියන ලොකුම පෘෆ් එක” කියා දිලානිත් දෙව්නිත් කිව්වේ සත්සරා දෙස බලා අස්වසන සිනාවක් පාමිනි.
“දරුවන්ට කරදර වෙලා දරුවො එන එන ගොඩක් අම්මලා තාත්තලට ඔය ප්‍රශ්නෙ තියෙනවා. එයාලා හිතන්නෙ අර අතට අල්ලන්න බැරි සාක්කි මුකුත් නැතුව මේ දරුවන් වෙනුවෙන්...
සමුධ්‍යාට ගුණවතීත් සත්සරාවත් රැගෙන කිසිවෙකුට නොපෙනී හොර රහසේ කොළඹ ළමා හා කාන්තා කාර්‍යංශය බලා එන්නට උපකාර කලේත් අරුණය. ඒ තමන් හොඳින්ම දන්නා මිතුරෙකුගේ වාහනයක් ආණමඩුවේ පරමාකන්ද ගමට යවන්නට කටයුතු කරය. ගෙදර යන බව කියා සමුධ්‍යා උදේ පිටවුන නිසාත්, ඒ වෙද්දිත් ගුණවතී සහ සත්සරා බංග දෙනිය හන්දියට ඇවිත් උන් නිසාවෙනුත්...
“කටයුත්තක් කරල දෙන්න ලක්ෂිත තාම තරුණ වැඩියි කියලා හිතෙන්නෙ නැද්ද?”
ඒ ප්‍රශ්නයට අනෝමා කලේ මද හිනාවක් නගන එක පමණකි.
“ඒක නම් එහෙම තමයි. ඒ වුණාට මං මේ කිව්වෙ නම් ලක්ෂිත ගැන නෙවෙයි ඉස්කෝලේ නෝනා. ප්‍රභාත් ගැන” කියා අනෝමා කියද්දි තමන් හිතාගෙන ඉන්න දේවල් වැරදි බව තේරුණත් සද්ධානන්ද ලොකු ඉස්කෝලේ නෝනාට තිබුණ...
“මේ දරුවව දකිද්දි මට නම් පුදුම ලෝභකමක් එන්නෙ” කියා අනෝමා කියද්දී ඒ ලෝභකම ගැන ලක්ෂිත දැනගැනීම වඩා අයහපත් දෙයක් වෙන්නට පාර කපන්නට ඉඩ ඇති බව නොහිත ඉන්න ඉස්කෝලේ නෝනාට පුලුවන් කමක් තිබුනේ නැත. එහෙත් අනෙක් අතට අනෝමා නෝනා මේ කිසිම දෙයක් නොදන්නා බව සහසුද්දෙන්ම දන්නා කල ඒ ගැන කිසිවක්...
සමුධ්‍යා දවස් කීපයක්ම පාසල් ඇරී පමා වී හෝ වෙන කවුරුන් එක්කා හෝ ගෙදර එන්නට කටයුතු කරේ ලක්ෂිතගේ බයිසිකලය ඉස්කෝලෙ ඇරෙන වෙලාවට ඉස්කෝලේ ළඟ පාරේ එහෙ මෙහෙ යනවා ඇහෙනවත් එක්කය.ලක්ෂිත ගැන ඇත්ත දන්න අය ඉන්නේ කීපදෙනක් උනත් ලක්ෂිත සෙල්ලක්කාරයා බව ගමේ බොහෝ මිනිස්සුන්ගේ අදහස බව ගෙවුන මාස කිහිපයට මිනිස්සු කියන...