සුළං සීනු

ලෝචනා මගේ මිතුරිය වූයේ අහම්බයකින් නොවේ.මට ඈ හමු වූයේ විවාහය නිසා ය.සංකල්පගේ හොඳම මිතුරා චානක වීමත් ලෝචනා සංකල්පගේ බිරිඳ වීමත් නිසා ඇය විවාහයට සූදානම් වීමට පවා මට බොහෝ උදව් කළා ය.බොහෝ සේ ඒ වෙනුවෙන් කැප වූවා ය.දන්නා දවසේ පටන් මගේ මිතුරිය වූයේ තාරුකා ය. නමුත් ඇගේ අයියාගේ වියෝවට මගේ...
සංකල්ප නිවසට ආවේ දෙසතියක් ද ඉක්ම යන තැන ය.වෙළුම් පටි පටලවා ගත් ඔහු දුටු හැටියේ සීනු කළේ කෙළවරක් නැතිව වැලපීම ය. ඈ සැනසීම අපහසු විය. තමන් ලෙඩ වූ විට කර මත තබා නළවන තාත්තා අසනීපයෙන් පසු වීම ඈට උසුලාගැනීමට නොහැකි මට්ටමක විය. තාත්තා හොඳින් බව පෙන්වන්නට සංකල්පට තුවාල වෙළුම්...
සීනු දුවවිත් නිසල්ගේ තුරුලට පැන ගත්තා ය.ඔහු සීනුව ළඟින් හිඳුවාගෙන ඔහුගේ අතොරක් නැති කතා අසා හිඳීම ඇරඹී ය.දවස පුරා පාළුවෙන් සිටි ඇගේ ලෝකය මෙසේ හෝ එළිය වීම සතුටකි.සීනුගේ ලෝකය ඉතා කුඩා ලෝකයකි. ඇ බලන්නට එන අත්තම්මා සහ ලොකු තාත්තාට ද ලොකු අම්මාට ද බාප්පාට ද හැරෙන්නට ඈ සමීපව හුන්නේ...
චාරුනී ගැන කිව යුතුදැයි සිතමින් මම මොහොතක් ගත කළෙමි. පසුගිය දිනවල නීතා සකසන ආහාර ගැන පවා සම්පූර්ණ වාර්තා නිසල්ට ඉදිරිපත් කළ මට හදිසි සිතුවිල්ලක් හට ගත්තේ ය.මම ඒ අනුව හැසිරුණෙමි. "මගේ ස්කූල් මේට් කෙනෙක් ඒ. එයා මෙඩිසින් කරන්න රෂියා ගිහින් හිටියෙ. කාලෙකින් මීට් වුණේ..වෙලාවට එයා එතන හිටියේ.." නිසල් එය පිළි ගත්...
මම හැල්මේ දිව ගියෙමි.දැඩි සත්කාර ඒකකය වෙත දිව යාමට තරම් ඇඟට පණ නැති බව දැනෙද්දී පවා මා ගියේ දිවගෙන ය. විදුලි සෝපානය අමතකව වේගයෙන් පඩිපෙළ නගින මගේ පිටුපසින් චාරුනී ද දිව ආවා ය. "සංකට ඇයි??" හති හලන අතරතුර මා නිසල්ගෙන් ඇසුවේ ආවේගයෙනි. ඔහු පුදුමයට පත් බැල්මක් හෙළුවේ ය. "සංකල්පගේ කම්පැනි එකේ සීඊඕ...
චාරුනී කෙටි කෑම වර්ග කිහිපයක් ගෙන මේසය මත තැබුවා ය.කෑමට පිරියක් නැති මම හිස් බැල්මක් පා කරමින් සිටියෙමි.පුපුරා එන තරම් කකියන හිස අතකින් තද කරගනිමින් හුන් මගේ දෑසට හසු වූයේ ගැබිණි යුවතියක අතින් අල්ලාගෙන යන මවකගේ දසුනකි."අම්මා ඕනෑ" යන හදිසි සිතුවිල්ලක් හිත පුරා අකුණු ගසන්නට විය. එහෙත් අම්මා හිඳින්නේ...
"ඔයාට පුලුවන්ද නංගි පවීලගෙ ගෙදර යන්න.නීතා මේ මොකුත්ම දන්නේ නෑ.. සීනු වුණත් පවී ගෙදර එන්න ලේට් වෙනකොට අප්සට් යයිනෙ.." තිසුරි වරදකාරී හැඟීමක් සහිතව අප දෙස බලා සිටියා ය. මේ මොහොතේ පැවසීමට නොහැකි යමක් ඇගේ හිතේ සිරව ඇති සෙයක් මට දැනිණ.ඈ වචන සොයන්නට යත්න දරද්දී ලෝචනා වහා හඬ අවදි කළා ය. "ආ..හරි...
දිගටම ඉකි ලමින් හුන් මා සිටියේ ජීවිතය මට දෙන දරුණු දඬුවම් දරා ගත නොහැකිව කම්පිතව ය.අද ජූනි මාසයේ එකොළොස් වැනිදා ය.මීට හරියටම සත් වසරකට පෙර දේවක අප හැර යන්නට ගියේ ය.අද සංකල්ප අනතුරට ලක් වී යැයි ඇමතුමක් පැමිණ ඇත.මා නැවත නැවත එකම අත්දැකීමක පැටලී ගෙන ඇත. "අක්කි, අඬන්න එපා.ලෝචනා අක්කි...
නිසල්ගෙන් ලැබුණු පණිවිඩය මගේ කුතුහලය අවුලන්නට සමත් විය. මගේ මුළු රාත්‍රියම ගත වූයේ ඔහුගෙන් ඒ ගැන අසන්නට ය.නමුත් ඔහු මගේ ප්‍රශ්නවලට පිළිතුරු දුන්නේ ම නැත. "මුණ ගැහිලා කියන්න ඕන කතාවක් පවී.. පොඩ්ඩක් ඉවසන්නකො.." ඔහු එවැනි පිළිතුරක් එවා නින්දට වැටී තිබිණ. ඔහු පවසන්නට යන්නේ මට ආදරය කරන බව යැයි සිතමින් මම රෑ පුරා...
මා එදා ආවේගයට මුසා පැවසූ බව තහවුරු කර ගන්නට ලෝචනාට උවමනා විය. ඈ ඒ බව විමසමින් නිරතුරු මා සමඟ රැඳුණා ය. "එදා මට කරපු ජෝක් එක මේ ඔෆිස් එකේ අනිත් අය එක්ක එහෙම කරනවා නෙවෙයි.." ඈ නිතරම පැවසුවේ එහෙම ය "අනුන්ට පදයක් හදන්න තියනං මෙතන කට්ටියට තමන්ගෙ උගත්කම් වැදගත්කං මතක නෑ. ඊටපස්සෙ...