සාමාන්‍යයෙන් පසන් පාරුල් සමගින් නිතර පිටතට යාමට පැමිණෙන්නේ නැත. බොහෝ විට ඔවුන් ගේ කතා බහ සිදු වනුයේ රෝහල තුළදී ය. ඊට හේතුව පාරුල් පීඨයෙන් නික්මෙන වෙලාවටත් පසන් රෝහල් සේවයෙහි නියුතු වීමයි. ඒ ගැන පසන් ඉඳහිට ශෝකය ප්‍රකාශ කළ ද පාරුල් ට එය කවදාවත් ගැටළුවක් වී නම් නැත්තේ ය. ඔහුත්...
අලුත් ලෝකයක් ගොඩනැගීමේ බලාපොරොත්තුව ඇතිව අලුත් ඉරක් පායා ආවේ ය. මිනිසුන් ගේ හදවත් වල වූයේ උද්යෝගයක් ද අලස බවක් ද කියා හරියට ම විශ්ලේෂණය කළ නො හැකි ය. ඉංග්‍රීසි පාලනයෙන් නිදහස් වීමෙන් පසු මේ දක්වා සිදු වූයේ ම පොදු ජනතාව ගේ ජීවන අපේක්ෂා බිඳී යාමයි. පැතුම් අහෝසි වීමයි. මූලික...
ලොන්ඩරි වත්තට ඉහළින් අහස් වෙඩිල්ලක් පුපුරා ගියේ ය. ඈත ගොඩනැගිල්ලකට මුවහ වෙමින් කෝළ ලෙස නැගී ආ නව සඳ පවා තිගැස්සිණි. පාරුල් ජංගම දුරකතනය සවනට තද කොට ගත්තා ය. එය අතින් ගිලිහී වැටේවියි බියක් දැනුණා වී ද අල්ලා ගෙන ඉන්නට බැරි තරම් ඒ රත් වී ඇති බවක් ද ඇයට දැනිණ.
"මොකද්ද...
නෙත් බැමි පුපුරා කඳුළු පොකුණු පිටාර ගැළුවේ ය. පාරුල් අතකින් මුව වසාගෙන ඉකිළන්නට පටන් ගත්තා ය. උමා ගේ හදවත ලී මෝලක් වාගේ සද්දෙට ගැහෙන්නට ගති. පාරුල් මේ විදිහට හැඬීම ගැනත්, කොයි මොහොතක හෝ තේ බොන්නට චන්දුල ගෙට ගොඩවීම ගැනත් උමා එක සේ දෙගිඩියාවට පත් ව සිටියා ය. පාරුල් මේ...
පාරුල් උදයෙන් ම දිය නෑවා ය. නැවුම් ප්රබෝධයක් ගතට දැනිණ. කොහොමටත් සිත්හි වූයේ චමත්කාරයකි. ඊට හේතු විශ්ලේෂණය කරන්නට ඇය වෙහෙස වූයේ නැත. පිට මැදට දිග හිස කේ වල තෙත පෙරමින් ගෙවල් පෙළ පසු කොට යත්දී උමා ගේ තර්ජනය සිහි වී සිනහවක් පිපී ආවේ ය. නිසැක වශයෙන් ම ඇයට විමසන්නට...
ඒ වූ කලී අක්ෂි මායාවකි. දෙනෙත් මුලා කරනා වශීයකි. රුධිර පීඩනය ඉහළ නංවන ප්රාතිහාර්යයකි. පාරුල් සිටියේ ඒ සියල්ලෙන් මුළුමනින් වසඟයට පත්ව ය. තිගැස්මට ලක්ව ය. මේ රාත්‍රියේ ඔහු දැකීමේ බලාපොරොත්තුවක් ඇගේ තුන් හිතකවත් වූයේ නැත. හැන්දෑවේ අවන්හල ළඟ දී ඈ ඔහුගෙන් සමුගත්දී ගඟුල් තුළ ද මෙවන් අදහසක් නො විණි.
සමහර...
චන්දුල ඇල්ලගේ ගායන තරු තරඟයේ මූලික පරීක්ෂණයට යන දා උදයේ, ලස්සන රිදී ඉරක් ලොන්ඩරිවත්ත සුදු ආලෝකයෙන් නහවමින් පායා ආවේ ය. අළුයම පිබිදුණු රිදී කිරිබතක් පිසින්නට සූදානම් වූවා ය. පාරුල් පොල් ගෙඩියක් බින්දා ය. එය හරි මැදින් දෙපලු වී ගියේ ය. පාරුල් ගේ මුව මත මඳහස් මලක් පිපිණි.
"මට පොල් ටික...
"ඉස්සර ඉඳංම පාරෝ ගැන බලං හිටිය එකා මං. ඉතිං පාරෝට වටින්නෑ මට පිටුපාල දොස්තර මහත්තයෙක්ව බඳින්න කැමති වෙන්න. මං දොස්තර කෙනෙක් නෙවෙයි තමයි. ඒ වුණාට දේව්දාස් පාරොට ආදරේ කරපු තරංම මාත් පාරොට ආදරේ කළා. ඒ ආදරේ ළඟදි ඔය දොස්තරල කැලේ හරිද රාජා. කියල දීපං උඹේ නංගිට"
බිම පෙරළී තිබූ ශාරුක්...
පාරුල් දෙව්රූ ඇල්ලගේ හිතේ රහසක් තියාගෙන එදා පසන් ගෙන් සමුගත්තා ය. ඔහු ඇයට නීති මාලාවක් පනවා තිබේ. ඔහු ට දැනුම් දී මිස සායනික පුහුණුවීම් ඇති දින වල රෝහලේ සිට වෛද්‍ය පීඨය වෙත නො යා යුතු බව ද එක් නීතියකි. එහෙම නීති දමත්දී පාරුල් ට හිත් වෙහෙසක් දැනේ. නිදහස සීමා...
චන්දුල වතුර ටැංකියෙන් බැස දිවා ආහාරයට ගෙදර පැමිණෙන තුරු උමා බලා සිටියා ය. ඔහු කෝවිල ළඟින් ගෙවල් පේළිය දෙසට හැරෙත්දී සැඟවී බලා සිටි ඕ මගට වූවා ය.
“රාජයිය එනකල් මං බලං හිටියෙ”
චන්දුල ඇගේ කෝළ මූණ මගහැර ඉවත බැලුවේ ය.
“ඔච්චර නපුරු වෙන්නෙපා අප්ප”
ඒ හඬෙහි බැගෑපත් බවක් රැඳී තිබිණ. චන්දුල ගේ සිත...