“මැඩම්ට මේ ඩ්රින්ක් එක දෙන්න කියල සර් කිව්වා” කියා වේටර්වරයෙකු පැමිණ බන්දේසියක තබාගෙන උන් කහ පැහැ පලතුරු බීම එක නදී අතට ගත්තේ එහෙම එකක් එවන්නවත් මියුරුට මතක් වෙච්ච එක ගැන සන්තෝස වෙමිනි.
ස්තුති කියා කියන්නට දුර හන්දා නදී මියුරු දෙස බලා සිනාවක් පෑවාය. මියුරුද යාන්තම් සිනාවක් පා ආයෙම වරක් ඔහු...
තමන් නදීව තමන්ගේ කාර්යාල සහයකවරිය ලෙස අම්මාට සහ තාත්තාට හඳුන්වාදිය යුතුද කියා මියුරුට හිතුනේ නදීගේ දෙනෙත් තමන්ගේ දෙනෙත් හා එකට යාවී තියෙද්දීය.
නදී හා මිතුරු කවුරුවත් මේ කාර්යාලයේ නැති බව මියුරු දනී. ඇය කාර්යාල කාමරයෙන් එලියට යන්නේ ගෙදර යන්නත් කෑම කන්නත් විතරය. ඈ කෑම කන්නේද තනිවමය. ඈ කාර්යාලයේ කිසිවෙකු සමග...
මියුරු ඇන්දේද තනි කලු ඇඳුමකි. කලු කලිසමට ගැලපෙන පොඩි ශොට් එකක් තියෙන කලු කමිසය ගත්තේ ඩිලී ඇන්ඩ් කාලෝස් වෙතිනි. එයටම ගැලපෙන්නට කලු බෙල්ට් එකත් කලු සපත්තු දෙකත් මියුරුගේ කිරි පාට හම තව තවත් කැපී පෙනෙන ලස්සනකින් හැඩ ගැන්වීය.
වමත ලස්සන කරන්නට බැඳගත් රිදී පාට ඔරලෝසුව අතේ දිස්නෙ දෙද්දී, මියුරු ක්ලයිස්...
“උඹ එහෙම කිව්ව එක එවෙලෙ හොඳයි කියල කිව්වට මට දැන් බයත් හිතෙනව මිලින්දය මොනව කරාවිද කියල?” කාවින්දි කිව්වේ නදී සියලුම විස්තරේ ඇගේ කණේ තිබ්බයින් පස්සේය. එවෙලේ චන්ද්රකාන්ති උන්නෙත් කෙල්ලන් දෙදෙනාට බොන්නට තේ වක්කරගෙන විත් නදීගේ කාමරයට එබෙමිනි.
“මටත් ආන් ඒ බය නම් තියෙනවා” කියා චන්ද්රකාන්ති කියද්දී නදීත් කාවින්දිත් එකිනෙකා දෙස...
“විල්සන් අයියව හම්බෙන්න ඉඳියෙ මං”
මිලින්ද බලාගෙන උන්නේ විල්සන් එනතුරු මග රැකගෙනය. ඒ නදී ගැන කතාකරන සිතුවිල්ලකිනි. හරියාකාරව රස්සාවක් නැති උනත් මිලින්ද තමන්ගෙ ටිකෙන් ටික ගෙවී යන තරුණ කම ගැන හිතාගෙන උන්නේ මහ ඉහළින් ය. කොණ්ඩ කුරුල්ලෙකු වගේ කාලෙන් කාලෙට අම්මාගෙන් ඉල්ලා ගන්නා සල්ලි වලින් පාට කරගන්න කොණ්ඩයත්, කනේ තැන්...
“නංගිව දැන් දකින්නත් නෑ” කියාගෙන මිලින්ද විල්සන්ගේ ගෙට ගොඩවුණේ සෙනසුරාදා හැන්දෑවේය. නදී උන්නේ දහවලේ නා වේලාගත් කෙස් කළඹ පීරමින් එහි අවුල් හරිමිනි.
මිලින්ද වනාහී නදී පොඩ්ඩක්වත් ප්රිය නොකරන කෙනෙක් උනත් මිලින්දව මග හැර ගොසින් හෝ, අමනාපය පෙන්වා ඉඳීමෙන් සෙතක් සැනසුමක් අත් නොවන බව නදී දනී. වත්තක ජීවිතේ ලේසි නැත. ඔක්කොටම...
මේ ඔෆිස් එකේ කෙල්ලන් අද එක ඇඳුමක් ඇන්දොත් ආයෙ ඒක අඳින්නේ තව මාසෙකින් පමණ බව මියුරු දනී. කෙල්ලන් ෆැශන් කරන්නට ඕන බවත් මියුරු දනී. එහෙත් සමවයස් කෙල්ලන් අතරේ මේ කාර්යාලයේ වඩාත්ම කැපී පෙනෙන යුවතිය විය යුත්තේ තමන්ගේ කාර්යාල සහකාරවරිය උනත් ඇය ඉන්නේ ඒ ගැන කිසිත් අදහසක් නැතුව මෙනි. මියුරුට...
සෙනසුරාදා ඉරිදා දවස්වල නදී කරන්නේ කාමරේ අස්පස් කරන එකය. හැන්දෑවට ආච්චි එක්ක සෙනසුරාදා පොලට යන්නට තියෙන හන්දා උදේ වරුවේ කාමරේ අස් පස් කරගන්නා නදී ඉරිදාට හොඳට ඇඟ අතුල්ලාගෙන නාන්න හිතාගෙන ඔලුවේ තෙල් ගා මසාජ් කරගත්තාය.
පොලට යන්නට තිබුනේ බොහෝ හැන්දෑවීය. සාමන්යයෙන් පොළ හැන්දෑවේ හත විතර වෙද්දී අවසන් වනවා නමුත් වත්තෙ...
“මොනවද විල්සන් මාමෙ මේ ලැජ්ජ නැති වැඩ?” කියා වස්තු බනිද්දී එයට උත්තර දෙන්නට විල්සන්ගේ වෙරි හිඳී තිබුනේ පොලිසියෙන් ලැබුණ සංග්රහය එච්චරටම හොඳ හන්දාය.
“බොන්න ලැජ්ජ වෙන්න ඕනය?” කියා විල්සන් කියන්නේ ඒ සංග්රහ ගැන කිසිත් මතකයක් නැති පරිද්දෙනි.
“බොන්න නෙවෙයි ලැජ්ජ වෙන්න ඕන, මේ ගෙදර ළමිස්සියෙක් ඉද්දි තාත්තා කෙනෙක් ඔහොම අපතය වගේ...
“මහ ලැජ්ජ නැති කෙල්ලෙක්"
නදී ගැන හිතන්න මියුරුට වෙන අදහසක් තිබ්බේම නැති තරම් ය.උදේ පාන්දරම ඇස් දෙකෙන් දුටුව දසුන බොරුවක් යැයි හිතන්න හැකියාවක් මියුරුට නැත.
“ලැජ්ජාව තියෙන කෙල්ලෙක් නම් පාරවල් ගානෙ කොල්ලො එක්ක කතා කර කර ඉන්නෙ නෑනෙ. ලැජ්ජ නැතිකම නිසා තමයිනෙ එහෙම කරන්නෙ”"
නදී එදා කලින්දාටත් වඩා පරක්කු නිසාවෙන් මියුරු උන්නේ...