මේ ඒ වසන්තයයි

ඉසිනි මෝටර් රියෙන් බැස්සාය. නුරාන් මෝටර් රියට ගොඩ වූයේය. ඇගේ සුවඳ තවමත් වෙනස් නැතැයි නුරාන්ට සිතෙන්නේය. එහෙත් මේ අන් සතු ස්ත්‍රියකි. නුරාන් සැනින් සිහියට ගත්තේය. සිදුව ඇත්තේ කුමක්දැයි වටහාගන්නට හැකි වුවද එය නිවැරදි කරගන්නට තරම් උපකරණ නුරාන් සතු වූයේ නැත. ඒ නිසා කර්මාන්තශාලාවේ වාහන සැකසුම් පිළිබඳව වන  කපිල පැමිණෙන තෙක්...
" අපේ අම්මා අර උයලා යන්න යන ගෙදර මිස් අඩි සීයේ පාරට මෙහයින් වාහනේ කැඩිලා හිරවෙලාලු .. අපේ කවුරු හරි ඒ හරියට ගිහින් බලන්න පුලුවන් කෙනෙක් ඉන්නවදෝ ..." වත්සලාගේ වට්සැප් ගිණුමෙන් ආයතනේ මිතුරු ගොනුවේ වට්සැප් සමූහයට ආ පණිවිඩය නුරාන් යළි කියෙව්වාය. වත්සලාගේ අම්මා යනු සෝමා නැන්දාය. ඇය නිවෙසක අත් උදව්වට යන...
............. ඔයා එක්ක එකතු වෙලා අපි අපේ ජීවිත හදාගමු කියලා මම කීව දවස් ගාන මට මතක නෑ නුරාන් .. ඒත් මම ඒ හැමදේම අමතක කලා ... මට තවම තේරෙන්නේ නෑ, ඇත්තටම මම ඔයාගෙන් ඈත් වුනේ ඔයාගේ ගෙවල් දැකලාද, ඔයාට තියෙන ජීවිත බර දැකලාද, ඔයා මට වඩා ඉන්න දුර දැකලාද කියලා...
ජීවිතය එක් වරක් හෝ  නැවතුණාට පසු යළි අලුත් හුස්මක් එක්ක ජීවිතය ඇරඹීම පහසු නොවන වහ ඉසිනි ට සිතෙයි. සෝමා සකසා තිබූ රාත්‍රී ආහාරය ගැන ඇයට පිරියක් වූයේ නැත. පසුදින යලි සෝමාගෙන් බැණුම් අසන්නට සිදු වන බව දැන දැනම ඕ ඒවා හට්ටි තුලම ඉතිරි කලාය. පැය බාගයක් පමණ උණුසුම් ජලය...
පසුදින සඳුදාවේ ඉසිනි ධනුක සහ පැහැසරා සිතා මතාම මඟ හැරියාය . කාර්‍යමණ්ඩල රැස්වීම බදාදා දිනයට කල් දැම්මාය. සැලසුම් කර තිබූ වැඩ කටයුතු කිසිවක් වෙනුවෙන් ඇයට සුදුසු මානසිකත්වයක් වූයේ නැත. මේ වේලාවේ දැනෙන දේ බෙදාගන්නට මිතුරියකවත් උන්නා නම් කියා ඉසිනිට සිතෙන්නේය. එහෙත් අරුණෝද හා ජීවත් වූ කාලය තුළ ඇගේ බාහිර සම්බන්ධතා සියල්ල ක්‍රමයෙන් ක්ශයව...
සෝමා ඉසිනිවද කැටුව පන්සල් භූමියෙන් පිටත්ව යන්නට සූදානම් වෙද්දී නුරාන් ඔවුන් දෙදෙනා ඉදිරියෙන් සිට ගත්තේ ගම මඟ අහුරමිනි. " අනේ අපේ මහත්තයෝ.. නෝනාට කෑ ගහන්න එපා... හිතලා කරපු දෙයක් නෙවෙයි නේ..." "සෝමා නැන්දාගේ දුවට ඔය වගේ දෙයක් වෙලා, මම ඔය කතාවම කිව්වොත් සෝමා නැන්දා මොකද කරන්නේ ?" නුරාන් සන්සුන් හඬකින් විමසද්දී සෝමා නිහඬ වූවාය. ඉසිනිට...
පැහැසරා ඉසිනි සොයා ආවේ නුරාධ්‍යාගේ හැඬුම් එක්කමය. " අනේ... ඒඩී මිස් මෙහෙ බව මම දන්නේ නෑනේ.. මෙයා මේ ඉවරයක් නැතුව මිස් ආන්ටි, මිස් ආන්ටි කිය කිය අඬනකොට මම බලන්න ආවේ අනේ ." පැහැසරා ඉසිනි සමීපයට විත් එලෙස පවසද්දී ඉසිනි නුරාධ්‍යා සමඟ සිනාසුණාය. " සෝමා නැන්දා එක්ක ආවේ පැහැසරා මිස් ... කාලෙකින් පන්සලකට...
ආපසු හැරී යෑමට නොහැකි නිසාම ඉසිනි සෝමාද සමඟින් පන්සල් භූමියට ඇතුළු වූවාය. ඉතා කාර්‍යබහුල මිනිසුන් රැසක් මැද ඉසිනිට දැනුනේ තමා අතරමංව ඇති බවය. තම උගත්කම්, වත්පොහොසත් කම් සියල්ල ක්ශය්ව ගොස්  ඇති බවය. තමා තුළ මේ සිටින ගැහැණිය මේ ගම්මුන් දේවත්වයෙන් සලකන මිනිසාගේ ජීවිතය අපායක් කෙරූ තැනැත්තිය වග ඔවුන් දැනගත්තහොත් ඔවුන්...
සුදු පැහැස ස්ලැක් කලිසමකට සුදු පැහැ  දිගු ටොප් එකක් හැඳගත් ඉසිනි, කොණ්ඩය ගෙතුවාය. " කොමලී .. ඔන්න ඔහොම කොණ්ඩේ ගොතනවා හලෝ.. හෙනම හැඩයි..." ප්‍රේම සම්බන්ධයක් ඇරඹීමට පෙර කාලයේ නුරාන් එලෙස පැවසූ ස්වරයක් හිටි හැටියේම මතුව ඇයව ඒ හැසිරීමට ඇද දැමුවා මිසෙක, අසිනි කොණ්ඩය ගොතා දමා නිවෙසිn එළියට ගිය කාලයක් ඇයට මතකවත්...
 ඉසිනි ඉරිදා ඇහැරුනේ නිවෙස් අස් පස් කිරීමට පැමිණෙන කාන්තාව ගේට්ටුවට ගසන හඬිනි. ඕ අඩ නින්දෙන්ම ඇවිද ගොස් ගේට්ටුව විවෘත කලාය. ගෙවුණ රැයේ නොවූ නින්ද ඇය සොයා ආවේ පාන්දරට වෙන්නය. තවමත් ඇස් නිදිබරව ඇත්තේය. නින්දක් අවැසිවාට නිදාගත්තා නොව, ඉසිනිට අවැසිව තිබුණේ සියල්ල අමතකව යන්නට නිදන්නය.. " මං හතට විතරත් ඇවිල්ලා කතා...