නුරාන් ඉසිනිද කැටුව යන්නේ කොහිදැයි ඇයට කීවේ නැත. උදෑසන ආහාරය දෙදෙනාම ගෙන තිබුනද නුරාන් උදෑසන ආහාරය වෙනුවෙන් නැවතුණේය. ඉසිනි සැහැල්ලුවෙන් සිටින බව පෙන්නුවත් ඕ ගෙවුණු රැයේ කුමක් සිදු වුනිදැයි විමසා ගත නොහැකිව ලතැවෙන බව නුරාන් වටහා ගත්තේය. කැබ් රියට ගොඩ වූ පසු ඔහු ඇගේ අතින් අල්ලා ගත්තේය.
“ අයියලා අදහස...
අම්මා සහ තාත්තාට මේ කිසිවක් නොපවසා ඉමුයැයි පැහැසරා අසිරුවෙන් ධනුකව එකඟ කරගත්තාය. කල යුත්තේ කලබල වීම නොව, කල්පනාවෙන් ඊළඟ පියවර සැලසුම් කිරීම බව ඕ යලි යලි පැහැදිලි කරාය.
“ මල්ලි ඔය මොක කිව්වත්, ඔය ගෑණි මේ ගෙදරට ගැලපෙන්නේ නෑ කියලා මාත් පිලිගන්නවා ධනුක .. හරි, ඔය මල්ලි කියන කාරණා නිසා...
ධනුක එලෙසින් පවසා කාමරයෙන් ඉවතට ගියේද නුරාන්ට හරි හැටි නොවැටහුනු මොනවාදෝ පවසමිනි. පැහැසරා වහා ඔහු පසුපස ඇවිද ගියේ මෙවෙලෙහි කල යුතු පලමු දේ ධනුක සන්සුන් කර ගැනීම බව සිතමිනි. නුරාන් හෙලූ සුසුමේ සැනසීම සහ ඔහුට නොවැටහුනු බරක් තැවරී තිබුණි. එහෙත් අයියා කිසිවක් නොදැන තිබියදී ප්‍රශ්න ඇතිවීම වන්නේ නැති බවත්,...
නුරාන් කාමරය පුරා ඇවිදිමින් කතා කරමින් උන්නේය.
" .............. ඉස්සර ඉසිනි මාර ආසයි මම බත් කවනවාට ... මම නෙවෙයි, ඕනි කෙනෙක් බත් කවනවාට එයා ආසයි ... අන්තිමට එයා මගෙන් ඈත් වෙන්න තීරණය කරපු දවස් වල, ඉසිනි මං බත් කවනවාට හරියට අකමැති වුනා ... ඔව්වා පුරුද්දට ගියාම හරි කරදරයි කිය කියා...
පැහැසරා අතීත දවස් එකින් එක අදිමින් උන්නාය. එනිසාම ධනුක කලේ නිහඬව අසා සිටීමය. තමා අමතක කර දැමූ දුක්බර දවස් පවා පැහැසරාගේ මතකයේ වීම ධනුක ඇය ගැන අදහා ගන්නට නොහැකි තරමේ දයාබරත්වයකින් පිරුනේය. තම බිරිඳ වූවා පමනක් නොව, අම්මලාට දියණියක්ද, සොයුරාට සොයුරියක්ද වීම ඇගේ තෝරාගැනීම් ය. විවාහයකින් දෙදෙනෙකු පමණක් එක්වේයැයි...
නුරාන් ඉසිනිගේ මෝටර් රිය පසුපසින්ම ගමන් කර ඇය නිවස අසලින්ම ඇරලුවේය. ඕ නිවසට ඇතුලුවී දොර වසාගෙන ඇමතුමක් දෙන තුරුම උන්නේය.
" ඔහොම ලයින් එකේ ඉඳගෙනම යන්න නුරාන්.. මගේ හිතට බයයි .."
ඕ පැවසුවේ එපමනකි. නුරාන් බ්ලූටූත් රැඳවුම සක්‍රීය කරගත්තේය.
" දොර ලොක් කරගත්තාද ?.."
" ඔව් ..."
" ඔහොම තනියෙන් තමුසේව තියලා, මට ගෙදර...
ඉසිනිගේ දෑතින්ම අල්ලා ගත් නුරාන් සෙමින් පිටි අල්ල මහපටැඟිල්ලෙන් පිරිමැද්දේය. ඕ පවසන සියල්ල අතීතයෙන් ඇසෙන ඉකි බිඳුම් ලෙසින් දැනෙන්නේය. ඇය තමා සොයා නොඒම ගැන පවා තරහක් හට ගන්නේ නැති වීම ප්‍රේමය වඩා විසිරිතව අර්ත දැක්වීමක් සේ සිතන්නට නුරාන් රුචි වූයේය. මේ හමුවීම, යලි වසන්තයක් උදා කර දෙමින් විශ්වය වෙතින්ම...
ඉසිනි නුරාන් යොමු කර තිබූ නැවතුම වෙත ගොස් යළි නුරාන්ට ඇමතුමක් ගත්තාය. කුස පුරා සමනල් හැඟුමන් දැනෙන්නේය. තමා මේ හමුවන්නට යන්නේ කලකට පෙර තමා විසින් අතැරි අතක් අල්ලා ගන්නටය යන දෙගිඩියාව පරයන නැවුම් බවක් ඉසිනි සතු විය. ධනුකගේ රළු වචන ඉක්මවන දයාවකින් ඇය වටා නුරාන්ගේ වදන් කැරකෙමින් තිබුනේය. එනිසාම...
ඉසිනි දෑස් යන්තමින් තද කර යලි විවෘත කලාය. අවට සියල්ල යලි අඳුරට පෙනෙන්නේය.
" ම්ම්ම් ..."
" සෝමා නැන්දා කීයටද යන්නේ ?.."
" අනේ එහෙම එන්නෙපා නුරාන් ..මිනිස්සු කතා කියාවි ...ඒක මට කොහොම උනත් ඔයාට හොඳ නෑ ... "
" අපි පොඩි උන්ද තාරා ?..."
" ඒ වුනත් එපා .. එපා ........,"
" හරි ......
ධනුක ඉසිනිගේ කැබිනය තුළට ඇතුලු වූයේ අවසරයකින් පවා තොරවය. ඉසිනි අසීරුවෙන් සිනාසී ඔහු දෙස බැලුවාය. ඔහු නුරාන් මෙහි පැමිණි බව දන්නවාද නැතිද යන්න වටහා ගන්නට තරම් හැඟීම් ඔහුගේ මුහුණේ වුවත්, එවෙලෙහි ඉසිනි උන් කලබලය නිසා ඇයට ඒ හැඟීම් කියවා ගැනීම පහසු වූයේ නැත. ඕ උන් ඉරියව්වේම උන්නාය.
" දෙයියන්නේ නාමෙන්...